SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හරිනිගේ හා විජිත්ගේ මුද්දරේ අද මාතෘකාවය.

විජිත් අමතක කර හරිනි ගැන විතරක් කතා කළහොත් තමන්ගේ පින්තූරය මුද්දරේකට දාගැනීමේ හීනමානයක් ඈට ඇතැයි හිතන්නට බැරිය..

 

 

හරිනි අගමැතිවී දවස් ගණනක් ඇතුලේ එයා කළ කී දෑ මෙන්ම ඈ ගැන අපි දන්නා අවුරුදු ගණනාවක් ගැන හිතනා විට මේ මුද්දරේ එයාට ඕනෑවට ඉල්ලාගෙන කර ගත් වැඩක් නොවන බව අපේ අදහසය.

 

තැපැල් දෙපාර්තමේන්තුවේ කාගේ කාගේ හෝ ආතල් එකට බයිට් එක වෙන්නේ හරිනි හා විජිත් ය.

 

 

මාලිමාණ්ඩුවට මෙන්ම අනුරට ඉදිරි කාලයේ සිද්ධ වන්නට නියමිත ඇතැම් කාරණා උපකල්පනය කරන්නට මේ මුද්දර සිද්ධිය ප්‍රමාණවත් ය.

 

 

මේ අපි අත්දකින්නේ මාලිමාවේ ෆෑන් බේස් එකේ මානසිකත්වය මිස අනෙකක් නෙවේය.

 

ඔය මුද්දරය නිරූපණය කරන්නේ අනුරගේ හරිනිගේ විජිත්ගේ හෝ ටිල්වින්ගේ මානසිකත්වය නෙවේය..

 

බුකියේ හා සමාජයේ අන්‍ය මතයක් ඉවසන්නට බැරි අලුත් ප්‍රගතිශීලී බයියන්ගේ වහල් මානසිකත්වය ය.

 

මක්කක් උනත් අපි මාලුමාමාට කියන්නාවූත් 2019 දී ගෝඨාට ජන්දය දුන්නා වූත් අති මහත් මාලිමා බයියන් කළමනාකරණය කර ගැනීම අනුරලා මුහුණ දෙන මූලිකම අර්බුදයය.

 

සමහරක් හිතන්නේ අරගලය හරහා ලාංකීය පුරවැසියා අම්බනෙක දේශපාලනිකව දියුණු වෙලා කියාය..

 

ඒ ඈයෝ හිතන්නේ මාලිමාව 3% සිට 42% ට නැග්ගේ ජනතාව අම්මටසිරි වෙන්නට දේශපාලන දැනුමින් සන්නද්ධ වූ නිසා කියාය..

 

එහෙම වෙලා නැති බව මේ මුද්දරය හරහා ටක්කෙටම පේන්නේය.

 

 

අනුරට ජන්දය දුන් අය අතරින් අවම වශයෙන් ලක්ෂ 40 ක් අයිති වන්නේ 69 ලක්ෂයටය.. ඒකෙනුත් ලක්ෂ 30 විතර ඔරිජිනල් රාජපස්ස බැතිමතුන් ය..

 

උන් රාජපස්සලා පස්සේ ගිය හැටි අපට මතකය..උන් අද ඒ ආකාරයෙන්ම අනුරලා පස්සේ යන්නෝය..

 

 

ජන්ද දිනන්නට උන් ඕනෑය..

ඒ බැව් ඇත්තය..

 

මාලිමාව කළේ ඒ ඇත්තන්ගේ වහල් සිතිවිලි සිය ජන්ද ජයග්‍රහණයට ඉතා දක්ෂ ලෙස පාවිච්චි කිරීමය.

 

නොවැම්බර් 14 වෙනිදා මහ ජන්දයෙන් පස්සේ අනුරලාට ඔය වහල් බයියන් විශාල කරදරයක් වෙනවා නොඅනුමානය..

 

 

අනුරට රජ වෙන්නට ඕනෑ නැති උනාට අලුත් ප්‍රගතිශීලී බයියන් හට ඕනෑ වෙන්නේ මහින්දට විකල්පයක්ය…

 

 

අකමැත්තෙන් උනත් අනුරට උන්ගේ ලෝකේ රජාට අඳින්නට වන්නේය.

 

හරියටම රජාට ඇන්දොත් අනුරට ඊලඟ ජනාධිපතිවරණය පවා දිනන්නට හැකි වනු ඇත.

 

ඒ වෙනුවෙන් අනුර රට හදන්නට ඕනෑ නැත. රජාට ඇඳි පමණින්ම බයියන් ඔහු ඔසවාගෙන යනු ඇත..

 

 

මාලිමාණ්ඩුව කරනා ඕනෑම වැරැද්දක් වෙනුවෙන් එකී 2019 ගෝඨාගේ බයියන් පෙනී සිටිනු ඇත. මාලිමාව විවේචනය කරනා ඕනෑම අයෙක්ට එලව එලවා පහර දෙනු ඇත.

 

 

බහුතර මාලිමා පාක්ෂිකයා කියන්නේ 2019 පොහොට්ටු බයියාටය..

 

එහෙම නොවන බුද්ධිමත් මාලිමා ජන්දදායකයා මේ මුද්දරය දැකීමෙන් ඉන්නේ ගැස්සිලාය.

 

අනුරලාට හරිනිලාට තියෙනා විශාලතම අභියෝගය සිය කඳවුර ඇතුලේ තියෙනා රාජපක්ෂවාදයට මුහුණ දීමය…

 

රාජපක්ෂවාදයේ නටබුන් උඩින් බලය ලබාගත් අනුරලා හැකි ඉක්මනින් ඉන් ගැලවෙන්නට ඕනෑය..

 

ඒකත් රිස්ක් එකක් ය.

 

 

යුද්ධයෙන් පසු මහින්දව රජාට ඇන්දුවේත් යහපාලනය බලයට ගෙනාවේත් ගෝඨා විරුවාට ඇන්දුවේත් අනුරව ජනාධිපති පුටුවේ ඉන්දුවේත් ඔය බයියෝය..

 

 

දවසක අනුර ප්‍රමුඛ ජවිපෙ ගෙදර යවන්නේත් ඔය සෙට් එකය..

 

ඔය සෙට් එක කිව්වේ ඔය අලුත් ප්‍රගතිශීලී බයියන් ය.

 

රිස්ක් එකක් යැයි කිව්වේ ඒ නිසාය.

 

@නදීශ ද සිල්වා

marrikkar

නවතම ලිපි