SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය සමඟ ඇති කර ගත් සුළං බල ගණුදෙනුව අවලංගු කරන බවට

පසුගිය ජනාධිපති මැතිවරණයට පෙර පොරොන්දුව තිබියදීත්, නව එන්පීපී ආන්ඩුව දැන් උත්සාහ කරන්නේ මහ මැතිවරණයෙන් පසු ව්‍යාපෘතිය සමාලෝචනය කිරීමට පමණි.

 

 

ජාතික ජන බලවේගයේ (NPP) නායක අනුර කුමාර දිසානායක, සැප්තැම්බර් 21 ජනාධිපතිවරණයට පෙරාතුව කියා සිටියේ, ඔහු බලයට පත් වුවහොත්, ඉන්දීය සමූහ ව්‍යාපාරයක් වන අදානී ගේ ශ්‍රී ලංකාවේ MW 450 සුළං බල ව්‍යාපෘතිය අවලංගු කරන බවට පොරොන්දු වන බවය.

 

 

ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක එහිදී පැවසුවේ මෙම  ගිවිසුම දූෂිත එකක් වන අතර එය  ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවලට පටහැනි බවයි.

 

කෙසේ වෙතත්, විදේශ අමාත්‍ය විජිත හේරත් අඟහරුවාදා සතිපතා පැවති කැබිනට් රැස්වීමේදී කියා සිටියේ මැතිවරණයෙන් පසු රජය ඒ පිළිබඳව නැවුම් බැල්මක් හෙළන බවයි.

 

ඔහු පසුගිය අඟහරුවාදා කැබිනට් තීරණ දැනුම්දීමේදී  වැඩිදුරටත් කියා සිටියේ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ප්‍රධාන ව්‍යාපෘති පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණ නොගන්නා බවයි.

 

ආසියාවේ දෙවන ධනවත්ම පුද්ගලයාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම දිවයිනේ බහුවිධ යටිතල පහසුකම් ව්‍යාපෘති සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බැවින් එකී ගනුදෙනුවට එල්ල වන ඕනෑම අභියෝගයක් ගෞතම් අදානිගේ අභිලාෂයන්ට පහරක් වනු ඇතැයි සැළ‌කේ.

 

එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය සංස්ථාවේ අනුග්‍රහය ඇතිව කොළඹ බහාලුම්-නැව් වරාය පුළුල් කිරීම ක්‍රියාවට නංවන ව්‍යාපෘතිවලටද එය  බලපානු ඇත.

 

අදානී විසින් ශ්‍රී ලංකාවේ සුළං ව්‍යාපෘති දෙකක් යෝජනා කර ඇති අතර එකක් මන්නාරමේ සහ දෙවැන්න රටේ ඊසාන දෙසින්, පුනරීන් ප්‍රදේශයේ  පිහිටා ඇත.

 

මන්නාරම ව්‍යාපෘතිය වනජීවී තර්ජන සම්බන්ධයෙන් පාරිසරික කණ්ඩායම්වල අධිකරණ අභියෝගවලට සහ ව්‍යාපෘතිය ප්‍රදානය කිරීමේදී විනිවිදභාවයෙන් තොර බව කියන පැමිණිලිවලට වෙන වෙනම මුහුණ දී තිබේ.

 

ඒ අනුව මේ වන විට ව්‍යාපෘතියට එරෙහිව ඇතැම් පාරිසරික ගැටළු සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ද  පවතී.

 

කෙසේ වුවද පසුගිය ඔක්තෝබර් 4 වැනි දින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර්  ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපතිවරයා ඇතුළු රජයේ නියෝජිතයින් ද පක්ෂ විපක්ෂ නායකයින්ද හමුවිය.

 

 

marrikkar

නවතම ලිපි