SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙවර මහා මැතිවරණයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ වදින හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර

අද සිය නාම යෝජනා පතුයට අත්සන් තබමින් x පණිවුඩයක් තබා ඇත.

 

 

“එළැඹෙන මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය ලකුණින් ගාල්ලෙන් තරග කිරීමට මා නාමයෝජනා පත්‍රයට අත්සන් කළා.

අර්බුදකාරී කාල වකවානුවේදී මම ජනතාව වෙනුවෙන් පෙනී සිටියා,

කුමක් වුවත් මගේ සේවය දිගටම කරගෙන යාමට මම කැපවී සිටිමි

#Manusha

 

පසුගිය මහා මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් තරඟ කර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මනුෂ නානායක්කාර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ ආණ්ඩුවට සම්බන්ධ විය.

 

ඔහු රනිල් වික්‍රමසිංහ  රජයේ  කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධූරය දැරුවේ ය.

 

තමා තරඟ කළ පක්ෂය හැර යෑම නිසා පසුකාලීනව අධිකරණයේ පැවති නඩු විභාගයකින් ඔහු හා හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි විය.

 

අනතුරුව මනූෂ නානායක්කාර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කම්කරු හා විදේශ රැකියා ජනාධිපති උපදේශක ලෙස පත් කෙරිනි.

 

පසුගිය ජනාධිපතිවරණ ඡන්දයේදී මනූෂ නානායක්කාරගේ බල ප්‍රදේශයේ බලය ජාජබ නායක අනුර කුමාර දිසානායක සතු වෙද්දී එහි දෙවන ස්ථානයට වැඩිම ඡන්ද ලබාගැනීමට සිලින්ඩරය ඡන්ද සලකුණ  සමත් විය.

 

marrikkar

නවතම ලිපි