SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාර උඩ ත්‍රීවීල් පාක් එකේ “මේ පාර මාලිමාවට” කියා ස්ටිකරයක් අලවා ගෙන සිටි සහෝදරයා

එම ස්ටිකරය ගලවා දමා ඇත. ඔහු බලාපොරොත්තු වී ඇත්තේ දිසානායක මුදියන්සේලාගේ සහෝදරයා ජනාධිපති වුණු ගමන් තෙල් මිල රුපියල් අසූවට අනූවට විතර අඩු කරනු ඇත කියාය.

 

 

මම විහිළුවටත් එක්ක “ඒ වුණාට අන්න අමරසූරිය නෝනා මුද්දරයක් ගහලා” කියා කීවේය. කාන්තාවකට කිසිසේත්ම නොකිව යුතු අසභ්‍ය වචනයෙන් ඔහු අගමැතිනියට බැන වැදුණේය. ජානගත ජේවීපී ගතිය වෙනස් කරන්නට බැරිය. ඔහු නූගත් මිනිසෙකු බැවින් අනුකම්පා කළ යුතුය.

 

 

"නමුත් අමරසුරිය වලව්වේ හාමු නෝනාට මොළේ කළඳක් හෝ තිබුණේ නම් ඔය උත්සවය පවත්වන්නේ නැත. ලංකාවේ තැපෑල දුවන්නේ අන්ත පාඩුවටය. දුප්පත් මිනිහා හූල්ල හූල්ල කන පරිප්පු ඇටයේ සිට ගහන බදු මුදලින් නඩත්තු කරන අන්ත දූෂිත සහ අකාර්යක්ෂම රාජ්‍ය ආයතනයක් වන තැපෑල, වසර 150 ක් තියා මොකේ මොක පිරුණත්, මේ වෙලාවේ අරලිය ගහ මන්දීරයේ උත්සවයක් පැවැත්වීමට නම් තිබිය යුත්තේ සුළු පටු අහවල් අමාරුවක් නොවේ".

 

 

මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් පාසලට එන්නට නොහැකිව සිටිද්දී අමරසූරිය වලව්වේ හාමු නෝනා ජනතාවගේ මුදල් ලක්ෂ ගණන් නාස්ති කරමින් රාජ්‍ය දේපළක් වන අරලිය ගහ මන්දීරයේ පාටි දමා කකා බිබී උත්සව ගැනීම අහස පොළොව නුහුළන අපරාධයකි. ඒ කාලයේ නම් මෙවැනි ගොන්නාතල්වලට ජේවීපීකාරයන් හෙන ඉල්ලා පවුලටම සාප කළේය. නමුත් සිය පවුලේ ධන බලයෙන් පිටරට ඉගෙන ගෙන පිනා චාන්ස් එකට පාර්ලිමේන්තු ගොස් අගමැති වුණු අමරසූරිය වලව්වේ හාමු නෝනාට අප සාප කරන්නේ නැත.

 

 

"වලව්කාරයන්ට සාප වදින්නේ නැත. මෝඩ නිර්ධනයන්ගේ පිහිටෙන් සිය අධිපති බලය තහවුරු කර ගත් පළමු ධනේශ්වර ප්‍රභූවරිය ඇය නොවේ. මේ විගඩම් දෙස බලා සිටීම අපට මහත් විනෝදයකි".

 

 

අරහෙන් ජනාධිපති සහෝදරයා ඉන්නේ ඉහ-දෙපතුළ රත් වෙලාය. ඩේටා සයන්ටිස්ට් සහෝදරයාට පොරොන්දු වූ පරිදි රටවිරුවන් ඩොලර් බිලියන 1.5 ක් තියා මොන පයිසයක්වත් තවම ලංකාවට එවා නැත. එබැවින් ලෝක බැංකුවේ සුදු මහත්තයාගේ දෙපා වැඳ අමතර ඩොලර් මිලියන 200 ක් ණයට ඉල්ලා ගත්ත අමාරුව දන්නේ ජනාධිපති සහෝදරයාය. ආණ්ඩුවේ වියදම් පියවා ගැනීමට අද රුපියල් කෝටි ගණනක බැඳුම්කර විකුණා දැම්මේය. ඒ පුංචි මනුස්සයා ඉන්නේ තමන්ගේ ශරීර ප්‍රමාණයට දරා ගන්න බැරි ගිනි ගොඩක් උඩය. ඒ අස්සේ තමන්ගේ අගමැතිනිය අරලිය ගහ මන්දීරයේ ජනතා මුදලින් මුද්දර ගසා උත්සව ගන්නා විට ඔහුට දුක හිතෙන එක සාධාරණය. ඒ නාස්තිකාර ප්‍රභූ විගඩම් ජෝක් කරන පෝස්ට්වලට යටින් ඒ ජෝක් සාධාරණය කිරීමට සිය වහල් පාක්ෂිකයන් ලියන හෑලි කියවන විට ඒ මනුස්සයාගේ ඇසට කඳුලක් නැගුණා නම් පව්ය.

 

 

දැන් ඉතින් කරන්නට දෙයක් නැත. බැඳ ගත්ත බෙරේ ගැසිය යුතුය. අප කියන්නේ මහා මැතිවරණයෙන් තුනෙන් දෙකකුත් දිය යුතුය කියාය.

 

"තමන්ගේ දරුවන්ට අකුරු ලියන්න තනිරූල් පොතක් ගන්න තරමට සල්ලි නැතුව ඉන්න දෙමව්පියන්ට කප්පරක් බොරු කියා ඔවුන්ගේ ඡන්දයෙන් ජනාධිපති වුණු මුදියන්සේලාගේ සහෝදරයාට ශක්තියක් වීම සඳහා ජනතා මුදලින් තමන්ගේ රූපය දමා මුද්දර කඩදාසි මුද්‍රණය කර රාමු කර තමන්ටම ඒවා පිරිනමා ගන්නා අමරසූරිය වලව්වේ හාමු නෝනා වැනි තවත් ප්‍රභූ සහ වෙන්ට-ප්‍රභූ පිරිසක් අනිවාර්යෙන් පාර්ලිමේන්තුවට යැවිය යුතුය".

 

 

මේ සිස්ටම් එක චේන් කළ යුතුය.

ධර්මය ඔබට මග වේවා!

 

 

@එරන්ද ගිනිගේ

2024 ඔක්තෝබර් 10

marrikkar

නවතම ලිපි