SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙවර මහ මැතිවරණයේදී සමගි ජන බලගවේගයට අත්වන්නේ විරුද්ධ පක්ෂය බව ඉර හඳ සේ පැහැදිලිය.

ජනප්‍රිය චන්ද රැල්ලක් ජාතික ජනබලවේගය දෙසට හමා යමින් තිබෙන මේ වෙලාවේ එයට ප්‍රතිපක්ෂව විපක්ෂයේ මන්ත්‍රී ධුරයක් ලබා ගැනීමද දුෂ්කර කටයුත්තකි. විපක්ෂයට පත්වීමද එක්තරා ජයග්‍රහණයකි.

 

 

මේ දුෂ්කර අභියෝගය ජයගනිමින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී පැහැදිලිවම විපක්ෂ මන්ත්‍රීවරයකු වීමේ හැකියාව පළ කළ අපේකෂකයකු රත්නපුර දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා ලබා දී තිබුණි. ඒ කරු පරණවිතානය.

 

පරණවිතානට සමගි ජන බලවේගයෙන් නාම යෝජනා ලැබුනේ   ඔහු පාටලී චම්පික රනවකගේ  එක්සත් ජනරජ පෙරමුණ සහ සමගි ජන බලවේගයත් පසුගිය ජනාධිපතිවරණයේදී අවබෝධතා ගිවිසුමකින් සංධානගතවීමත් සමගය.

 

ඊයේ (10) හදිසියේම එක්සත් ජනරජ පෙරමුණ නිවේදනය කළේ  සජබත් සමග අත්සන් කළ මැතිවරණ  අවබෝධතා ගිවිසුමට අනුව තම පක්ෂයට ලැබිය යුතු නාම යෝජනා කෝටාව නොලැබුණ නිසා එම පක්ෂය මැතිවරණ ක්‍රියාවලියෙන් ඉවත් වන බවය.

 

මේ සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණ ඇතුලේ සිදු වූ අභ්‍යන්තර සංවාදය ගැන අපි නොදනිමු. පක්ෂයක් සාමුහිකව තීන්දු ගැනීම වැදගත්ය.

 

 

එහෙත්  මේ කියන කෝටාවට අයත් එකොළොස් දෙනාටම නාම යෝජනා ලැබුනද ඔවුන්ගේන් කී දෙනෙකුට ඇත්ත වශයෙන්ම ජයග්‍රහණය කළ හැකිව තිබුනේදැයි එක්සත් ජනරජ පෙරමුණ කල්පනා කළාද? මේ දුෂ්කර අවස්ථාවේදී ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයන්  කෙනෙකු හෝ  දෙන්නෙකු විපක්ෂයට යැවීම වඩා වාසි සහගත උපක්‍රමය ලෙස ජනරජ පෙරමුණ කල්පනා නොකළේ ඇයි?

 

 

කරු පරණවිතාන පසුගිය මැතිවරණයේදී පරාජයට පත්වූයේ සුලු චන්ද ප්‍රමාණයක් මදි වීමෙනි. ඔහු පාර්ලිමේන්තුවට යැවීමට නොහැකි වීම ගැන විස්සෝපයක් දිස්ත්‍රික්කය පුරා සජබයට චන්දය දුන් ජනතාව අතර ඔහුට චන්දය නොදුන් අය අතර පවා පසුව  ඇති වී තිබිණි.

 

කෙසේ වුවද මෙවර පරණවිතාන  වෙනුවෙන් විපක්ෂයේ ජනරැල්ලක් මතුවෙමින් තිබිණි. සජබයෙන් තේරීමට ඉඩ තිබෙන මුල්ම මන්ත්‍රීවරු තිදෙනා අතර පරණවිතාන සිටින ලකුණු  බව පැහැදිලිවම රත්නපුරයේ මතුවෙමින් තිබිනි.

 

 

පරණවිතාන සාමුහික තීන්දු ගැනීමේ මහත්මා දේශපාලනයට එකඟ වෙමින් ජයග්‍රහණය පෙනි පෙනී වුවත් එය අත් හැරියාද? නො එසේ නම් තවමත් හරියටම එළි දරව් වී නැති බල දේශපාලන පොරයක අසාධාරණ බිල්ලක් බවට ඔහු පත් වූවාද?

 

 

මේ ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙනු ඇත්තේ ජනරජ පෙරමුණ ඉදිරි දිනවලදී කටයුතු කරන ආකාරය අනුව දැකගත හැකි වනු ඇත.

 

@කරුණාදාස සිරිමාන්න ගේ සටහනකි

marrikkar

නවතම ලිපි