SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ දිනවල  මැතිවරණයට අදාලව බොහෝ පුවත් පිරී ඇත්තේ

චන්දය නොඉල්ලන දේශපාලනඥයන් කියනා නිදහසට කාරනා වලිනි. මොන නිදහසට කාරනා පැවසුවද මේ අය චන්දය ඉල්ලන්නේ නැත්තේ දිනන්නට බැරි බැවිනි.  

 

 

එසේ වු දේශපාලනඥයන් අතර දිනන්නට හැකියාව තිබියදී වුව චන්දය ඉල්ලන්නේ නැති බව නිවේදනය කිරීමට සිදුවූ දේශපාල නායකුයකු සිටී. ඒ සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂකයකු ලෙස නාමයෝජනා ලබා දුන් කරු පරණවිතානය. සමගි ජනබලවේගයත්, පරණවිතාන  නියෝජනය කළ එක්සත් ජනරජ  පෙරමුණත් අතර අවසාන මොහොතේදී නාමයෝජනා සම්බන්ධව ඇති වු අර්බුදය විසඳා ගත නොහැකිව ජනරජ පෙරමුණ සමගි ජනසංධානයෙන් ඉවත් වීමට තීරණය කළ මොහොතේ පක්ෂයේ මතයට ගරු කරමින් ලැබුන නාමයෝජනාවද ප්‍රතික්ෂේප කරමින් ජයග්‍රහණය පෙනි පෙනීත් පරණවිතාන තරගයෙන් ඉවත් වුයේ මේ වගේ යුගයක බල දේශපාලනය තුළ සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන යහගුනයක් පෙන්වා දෙමිනි.

 

 

එහෙත්  එම තීරණය නිසා  මේ වන විටත් වැඩියෙන් විස්සෝප වෙමින් සිටින්නේ ඔහු ජයග්‍රහණය කරවීම සඳහා රත්නපුර දිස්ත්‍රික්කය පුරා ඔහු සමග එක්වු දේශපාලන ක්‍රියාකාරිකයන්ය. පරණවිතානට දිස්ත්‍රික්කයේ දෙවන තැන හෝ තුන්වන තැන මෙහවර නිශ්චිතවම හිමිව තිබු බව ඒ  වැඩි දෙනා පැවසු අදහසය.

 

 

දැන් ඊ ළඟට මොකද කරන්නේ ? පරණවිතානගේ දුරකතනයට විවේකයක් නොදී අසනා ඒ සියලුම ක්‍රියාකාරිකයෝ අසති. හමුවු අයද අසති.

 

 

 එයට පිළිතුරු දීමට පසුගිය 12 වෙනිදා රාත්‍රියේ පරණවිතාන රත්නපුරේ ලෙල්ලෝපිටියේ පිහිටි තම නිවසට සියලුම හිතවතුන් කැඳවීය.

 

 

"මම ගත යුතු ඉදිරි පියවර ගැන  මේ චන්දයෙන් පසු කියන්නම්. ඒ ගැන ඔබලා සමගත් කතා කරන්නම්. ඒත් මේ චන්දයේදී ඔබලා යුතුකමක් ඉටු කළ යුතුයි. මම ආවෙ නැතත් අපි කරගෙන ගිය දේශපාලන කටයුත්ත දිගටම කරගෙන යන්න. සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වන අපේක්ෂාකයන්ට චන්දය දෙන්න වැඩ කරන්න. මට ඇති වු ප්‍රශ්නයක පක්ෂයේ ඉහල මට්ටමේ ඇති වෙච්ච එකක්. මට පක්ෂයේ මතයට හිස නමන්න සිදු වුනා මට පාඩුවක් වුනත්. ඒත් ඔබලාගේ දේශපාලනය නවත්වන්න එපා. මගේ දේශපාලනයත් මම නවත්වන්නේ නෑ." කියමින් ඔහු සියලුම ආධාරකරුවන් ධෛර්යවත් කළේය.

 

 

"මේ මනුෂ්‍යා පුදුම මනුෂ්‍යයෙක් . වෙන මිනිහෙක් නම් මට නැත්නම් තොපිටත් නෑ කියල කුහක විධිහට ඉන්නවා.. මෙයා කාටත් උදව් කරන්න කියනවා..අපිට මේ චන්දෙද නැති වුනේ කොච්චර වටින මිනිහෙක්ද” ?

 

වැඩි දෙනෙක් පරණවිතාන පෙන්වන  ආදර්ශවත් දේශපාලනයට ආශිර්වාද කරමින් ඔහු පැවැත්වූ භෝජන  සංග්‍රහයද විඳිමන් පිටත්ව ගියේ  වැඩි කල් නොගොස්ම නැවතත් රත්නපුරේ  දේශපාලන කටයුතු වලට එක්වන මෙන් ඉල්ලා සිටිමිනි.

 

 

@කරුණාදාස සිරිමාන්න

marrikkar

නවතම ලිපි