SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාවේ ප්‍රමුඛ ආර්ථික විද්‍යාඥයින් පවසන පරිදි, වත්මන් ජාතික ජන බලවේගයේ ආන්ඩුව

රනිල් වික්‍රමසිංහ පාලනයට සමාන ණය ගැනීමේ උපාය මාර්ගයක් අනුගමනය කරමින් සිටින අතර, දේශීය වෙලඳපොලෙන් සැලකිය යුතු අරමුදල් රැස්කරමින් සිටී.

 

 

මෙම ප්‍රවේශය IMF පිටුබලය ලබන ස්ථායීකරණ වැඩසටහනට බැඳී ඇති රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිවල අඛණ්ඩ පැවැත්මක් විද්‍යමාන කරන්නකි.

 

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු අනුර දිසානායක  පාලනය රු. බිලියන 539.5 ක්, රු.බිලියන 444.5 ක් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියෙන් සහ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි හරහා බිලියන 95ක් රැස්කර ඇත.

 

ෆස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් හි  (FCR) ප්‍රධාන පර්යේෂණ සහ උපාය මාර්ග නිලධාරී දිමන්ත මැතිව් පැහැදිලි කළේ මෙම වෙන්දේසි මගින් රස්කෙරෙන අරමුදල් භාවිතා කෙරෙන්නේ  කල් පිරෙන ණය පියවීමට සහ කූපන් ගෙවීම් කිරීමට බවය.

 

 

"පුළුල් වශයෙන්, ඔබ කල්පිරීම සහ කූපනය ලබා ගන්නේ නම්, එය මාසික පදනමින් සමාන මට්ටම් වල පවතී,"

 

දිමන්ත මැතිව් මිරර් බිස්නස් වෙත පැවසුවේ නව රජය පසුගිය පරිපාලනය විසින් නියම කරන ලද ණය සීමාව තුළ අඛන්ඩව රැඳී සිටින බවයි.

 

ඊට සාපේක්ෂව පසුගිය වසරේ මෙවැනිම කාලසීමාවකදී වික්‍රමසිංහ රජය රු. බිලියන 837.72 දේශීය ණය වෙළෙඳපොළ හරහාත්, රු.බිලියන 591.76ක් භාණ්ඩාගාර බිල්පත් හරහා සහ රු. බිලියන 245.96ක භාණ්ඩාගාර බැඳුම්කර හරහා රැස්කර තිබූ අතර වත්මන් පරිපාලනය මෙතෙක් ගත් ණයවලට වඩා  එය තරමක් ඉහළ අගයකි.

 

ස්ථාවර බහුතර ආන්ඩුවක අපේක්ෂාවන් සහ ස්වෛරී ණය  ඉහල නැංවීමේ විභවයන් මගින් අනුබල දෙන රජයේ සුරැකුම්පත්වල අස්වැන්න මෙහිදී  ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව දිමන්ත මැතිව් පෙන්වා දුන්නේය. කෙටි කාලීන භාණ්ඩාගාර බිල්පත්වල අස්වැන්න සියයට 10 දක්වා පහත වැටී ඇති අතර වසර 2-3 ක බිල්පත් සියයට 11.5 සිට සියයට 12.5 දක්වා පහත වැටී ඇත.

 

Advocate Institute හි සභාපති සහ JB Securities හි ප්‍රධාන විධායක නිලධාරී මුර්ටාසා ජැෆර්ජි අවධාරණය කළේ ප්‍රාථමික වියදම් සඳහා අරමුදල් සැපයීම සඳහා රජය අධික ලෙස ණය ලබා නොගන්නා බවයි.

 

“රජය ප්‍රාථමික ශේෂ අතිරික්තයක් පවත්වාගෙන යන නිසා ඔවුන් ප්‍රාථමික වියදම් සඳහා ණය ගන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම, ප්‍රාථමික ශේෂයෙන් කොටසක් අනපේක්ෂිත කම්පනවලට මුහුණ දීමට සහ ණය ගැනීම් අඩු කිරීමට ඔවුන්ගේ මුදල් බෆර ඉහළ නැංවීමට භාවිතා කරයි, ”

ජැෆර්ජි පැවසීය.

 

විශාල බැඳුම්කර වෙන්දේසිවල අරමුණ වන්නේ ණය තිරසාර බව වැඩිදියුණු කිරීම බව ජැෆර්ජි වැඩිදුරටත් පැවසීය.

 

 

"විශාල බැඳුම්කර වෙන්දේසි වන්නේ කල් පිරෙන ණය පියවීමට පමණක් නොව දිගු කල් පිරෙන ණය නිකුත් කිරීම මගින් අපගේ වාර්ෂික දළ මූල්‍ය අවශ්‍යතා අඩු කර ගැනීමටයි"

ඔහු පැහැදිලි කළේය.

 

 

කෙසේ වෙතත්, ණය තිරසාර ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ආදායම  තවදුරටත්, විශේෂයෙන්ම සියයට 9-10 පරාසය දක්වා යා යුතු බවට විශේෂඥයින් දෙදෙනාම එකඟ වූහ.

 

එහිදී වසර අවසන් වන විට දිගුකාලීන බැඳුම්කර අස්වැන්න සියයට 11.5 දක්වා ළඟා විය හැකි බව ෆස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් (FCR) අපේක්ෂා කරයි.

 

 

@ නිෂෙල් ප්‍රනාන්දු

dailymirror

 

 

marrikkar

නවතම ලිපි