SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කඳුකර දෙමළ ප්‍රජාවගෙන් මෙවර ඉදිරිපත් වන්නී අම්බිකා සැමුවෙල් ය.

ඇය මෙතෙක් පාරම්පරිකව බලය තම අත්වල හුවමාරු කරගත් තොණ්ඩමාන්ලට, වඩිවේල්ලට, අරවින්ද් කුමාර්ලට සෘජුවම අභියෝග කරන්නීය.

 

ambika

 

ඇය පවසන්නේ පක්ෂ වලට බෙදි බෙදී කඳුකර මිනිස්සුන්ට අරක්කු දුන්න ගමන් රැවටුනා කියල හිතාගෙන ඉන්න, කඳුකර මිනිස්සුන්ගෙ නායකයො කියල කියාගෙන ඉන්න  වඩිවේල් සුරේෂ්ලාට, අරවින්ද කුමාර්ලාට, ජීවන් තොණ්ඩමාන්ලට දැන් කඳුකර මිනිස්සු වෙනස් බව අභියෝග කර පවසන බවය.

 

තේ දළු නෙලමින් ජීවිකාව සරිකරගන්නා තමා ඇතුළු තේවතුවල  ශ්‍රමය හෙළන ජන ප්‍රජාව දේශපාලකයන් විසින්  තවදුරටත් රැවටීමට එරෙහිව ඇය මෙවර කන්ද උඩරට බදුල්ලෙන් තරඟ වදින්නීය.

 

නිසැකවම ඇය දියවන්නාවට පැමිණිය යුතු ය.

 

පැමිණ එහි අසිරියෙන් මත් නොවී තම ජීවන අත්දැකීම් තුළින් දශක ගණනාවක් පුරා මිනිසුන් ලෙස සැලකීමකට බඳුන් නොවූ තම ජන ප්‍රජාව වෙනුවෙන් හඩක් නැගිය යුතුය.

 

ප්‍රභූන් අරක් ගත් හිස් ප්‍රලාපවලින් යුත් දියවන්නාව තම හඩින් පිරවිය යුතුය.

 

ඊට තමා සමීපයෙන්ම පවා එන බාධාවන්ට නිර්භයව මුහුණ දිය යුතුය.

 

අම්බිකාට.. ඒ ගැම්මට...

අපගේ සුභ පැතුම්!

 

@සමාරා

marrikkar

නවතම ලිපි