SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය සතියේ ආන්දෝලනාත්මකම සිදුවීමට මුල පිරුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල යි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන දැනට ප්‍රසිද්ධ නොකළ එස්.අයි. ඉමාම් වාර්තාව සහ ඒ.එන්.ජේ. ද අල්විස් වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීමට තමන් ආණ්ඩුවට දින 7 ක කාලයක් ලබා දෙන බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල  පවසයි.

 

 

එසේ නොමැති නම් තමන් විසින් එම වාර්තා ප්‍රසිද්ධියට පත් කරන බවත් එම වාර්තා ප්‍රසිද්ධ කළ පසු අනුර පානයෙන් මත්ව සිටින ජනතාවට සිහි එළවාගත හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

 

 

“ඇමැතිතුමා කිව්වේ පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තා නැතිවුණේ කොහොමද, ඒවායේ පිටු ගැලවුණේ කොහොමද කියලා අපි සොයා බලනවා කියලා. ගරු ඇමැතිතුමනි, කිසිම වාර්තාවක් නැති වෙලාත් නෑ. පිටු අඩු වෙලාත් නෑ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් තිබුණු ජනාධිපති කොමිසමේ වාර්තාවේ ජාතික ආරක්ෂාවට සංවේදී කොටසක් ප්‍රසිද්ධ නොකිරීමට කොමිසම නිර්දේශ කරලා තිබුණු නිසා ඒ කොටස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබුණේ නෑ. නමුත් ඒ කොටසේ තමයි මහ මොළකරු ගැන තිබෙන්නේ.”‍

 

 

මෙම ප්‍රකාශයත් සමඟ නිර්මාණය වූයේ තරමක් බරපතළ තත්ත්වයකි. අමාත්‍ය විජිත හේරත් කැබිනට් මාධ්‍ය හමුවේදී මීට ප්‍රතිචාර දක්වා තිබුණි.

 

 

 “ගම්මන්පිල මහත්තයම තමයි පාස්කු දඩමීමා කරගෙන ගෝඨාභය බලයට ගෙනාවෙ. එදා ජාතිවාදය අවුස්සලා ගෙනාවෙ. අවුරුදු ගාණක් ඇමැතිකම්වල හිටියා. එහෙම නම් ඔය වාර්තා දෙන්න තිබුණනෙ, දැන් වැළපෙන්නේ. මෙච්චර කල් වාර්තාව හංගගෙන හිටියා නම් බරපතළ වරදක්. ගෝඨාභයගේ ළඟම හිටපු කෙනෙක් නිසා ඒවා අරන් ගියා ද දන්නේ නෑ. පුටින්ටත් වඩා හොඳයි කියල ගෝඨාභය ගෙනාපු, ගෝඨාභය මහතීර් මොහොමඩ් වගේ කිව්ව අයනෙ. හොයල බලමු. ඇත්තටම ඒවා හොයන්න දෙයක් නෑ. ඇත්තටම තියෙනවා නම් හෙටම ගෙනත් දෙන්න. මැතිවරණ කාලේ මෙහෙම විහිළු කරන්න එපා. වාර්තා දෙක හෙටම ගේන්න.”‍

 

 

කෙසේ වෙතත් මෙම ගැටලුව මෙතැනින්ද නිමා නොවුණු අතර නැවතත් උදේ ගම්මන්පිල කියා තිබුණේ මෙවන් කතාවකි.

 

 

“ආණ්ඩුවෙන් මොන තර්ජන ආවත් ඔවුන් ඊයේ රාත්‍රියේ කතා කළ ආකාරයට අවශ්‍ය නම් මාව අත්අඩංගුවට ගන්න. අවශ්‍ය නම් මට වධ බන්ධන දෙන්න. හැබැයි ඒ මොනවා කළත් මේ රටේ ජනතාවගේ ඇත්ත දැන ගැනීමේ අයිතිය වෙනුවෙන්, සිතීමේ නිදහස් වෙනුවෙන් අපි හැමදාමත් පෙනී සිටින පුද්ගලයන් විදිහට ලබන සඳුදා අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමා ප්‍රසිද්ධ නොකළොත් මේ වාර්තා දෙක අපි විසින් ප්‍රසිද්ධ කරනවා කරනවාමයි.”‍

 

 


මේ අනුව පාස්කු වාර්තා ගැටලු‍ව ඉදිරි සතිය පුරා ද ආන්දෝලනාත්මක සිදුවීම් පෙළකට හේතු වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

 

 

@චමිඳු නිසල් ද සිල්වාගේ

පොලිටිකල් රහස් කොළමෙනි.

marrikkar

නවතම ලිපි