ඇමරිකානු යක් දෙස්සිය ගැහුවේ නියම මන්තරයකි.
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් වාර්තා හෙළිදරව් කර ගම්මන්පිල විසින් එල්ල කළ අධිබලැති ප්‍රහාරයෙන් NPP ආණ්ඩුව හෙල්ලුම් කෑවේය.
රටේ ජනාධිපතිවරයා ගම්මන්පිල ගැන වේදිකාවේ පරලව කියවන්නට විය. නූගත් ජේවීපීකාරයන් වියරුවෙන් මෙන් සමාජ මාධ්‍යයේ ගම්මන්පිලට ගහන්නට විය.
සිය කුලීකාරයන් ලවා කර ගැනීමට තිබෙන වැඩ ටික ලත් තැනම ලොප් විය හැකි බව දුටු ඇමරිකානු යක් දෙස්සිය එක ට්විටර් පණිවිඩයකින් එය යට ගැසූ ආකාරය අලංකාරය. Now that's diplomacy.
නැගෙනහිර වෙරළට සංචාරකයන් එන්නේ මැයි සිට සැප්තැම්බර් මාසවලය. එහෙට එන විදේශිකයන්ට ගහන්න කාට හරි ඕනා නම් ගහන්න තිබුණේ ඒ කාලයේ නොවේද…
මේ දවස්වල කොහොමත් ඒ පැත්තට විදේශිකයන් යන්නේ නැත. යන්නේ නැති සංචාරකයන්ට “යන්න එපා” කියා නිවේදන දීමෙන් වෙනසක් නොවේ. නමුත් එවැනි කස්තිරමකින් උගත් නූගත් මෝඩ ලාංකිකයන් ක්ෂණයකින් නොමග යැවිය හැකි බව යක් දෙස්සිය දනී.
ඇමරිකාව විසින් සහෝදරයා ජනාධිපති කළේ අත ලෙව කන්නට නොවේ. ඔවුන්ගේ විධානයට විරුද්ධව ගොස් LTTE ය පරාජය කළාට මහින්ද රාජපක්ෂ සහ සනුහරේට පාඩමක් උගන්වා රට බෙදන තෙක් ඇමරිකාව ප්රමුඛ බටහිර ආධිපත්‍ය තන්ත්රයට නින්ද යන්නේ නැත. පිරපාගේ ශුක්‍රාණුවලින් උපන් පරම්පරාවට අවශ්‍ය වන්නේත් එයයි. අරගලය හරහා රාජපක්ෂලා ඝාතනය කරවීමට දැරූ ප්රයත්නය ව්‍යර්ථ විය. තමන් ගෙනා ආණ්ඩුව හරහා කෙසේ හෝ එය කර ගත යුතු බැවින් එයට ගම්මන්පිලලා පොලු දැමීම බාධාවකි.
ඒ කුමක් වුවත් ඔය නිවේදනය අනුව කටයුතු කිරීම ඉතා වැදගත්ය. තමන්ගේ උවමනාව ඉටු කර ගැනීම වෙනුවෙන් ඇමරිකාව නොකරන අපරාධයක් නොමැත. තමන්ම ප්රශ්නය හදා තමන්ම එය විසඳන්න මැදිහත් වීම ඔවුන්ගේ ක්‍රමයයි. එබැවින් එම නිවේදනය බරපතල ලෙස ගත යුතුය. ඒ පැත්ත පළාතේ නොයා යුතුය.
පාස්කු ප්‍රහාරකයන්ට අවශ්‍ය මුදල් සම්පත් දුන් ඉබ්රාහිම් නානා NPP යේ ජාතික ලැයිස්තු අපේක්ෂකයාය. ඇස් අන්ධ එකෙකු මෙවර ජාතික ලැයිස්තුවට දමා ඒ ලේ පාපය අමතක කරවූ හැටි සුපිරිය.
එම ප්‍රහාරය පිළිබඳව කල් තියා දුන් බුද්ධි වාර්තාව නොකියවා රට සවාරි ගොස් කාලය කෑ එකා අද ආණ්ඩුවේ මහජන ආරක්ෂා ලොක්කාය. දැන් ඔන්න ඔය ඊනියා අනතුරත් රාජපක්ෂලා පිට පටවනු ඇත. ඊට පසුව NPP ආණ්ඩුවෙන් එය වළක්වා රට ආරක්ෂා කළා කියා අනුර සහෝදරයා වේදිකාවේ පාරම් බානු ඇත. නියම මැතිවරණ කැම්පෙන් යනු මේවාය. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි. දිස් ඉස් පොලිටික්ස්.
@එරන්ද ගිනිගේ
2024 ඔක්තෝබර් 23