SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමාජ මාධ්‍යයේ තිබෙන අසීමිත නිදහස භාවිතා කරමින් වසර කිහිපයක් තිස්සේ තමන්ගේ දේශපාලන ගමන් මාර්ගය එළිපෙහෙළි කරගෙන ඒ හරහා

මේ රටේ සාමාන්‍ය ජනතාවට නොයෙකුත් අසත්‍ය ප්‍රකාශ කර ජාතික ජනබලවේගය ඔවුන්ගේ දේශපාලන මතවාදය සමාජගත කළ බවත්, එසේ තමංව බලයට ගේන්න පාර කපපු මාධ්‍ය මර්ධනය කරන්නට සූදානම් වන බවත් සමගි ජන සන්දානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක එස්.එම්.මරික්කාර් පවසයි.

 

 m ri 3

 

 


" එහෙම කරලා බලය ලබාගත් ජාතික ජනබලවේගය මාධ්‍ය මර්දනය කරන්න උත්සහ කරනවා. මාධ්‍ය නිදහසක් පිළිබඳවත් ජාතික ජනබලවේගය කතා කරන්න උත්සහ කරනවා.

 

මාධ්‍යයට තිබිය යුත්තේ ස්වයං නිදහසක්. ආණ්ඩුව විසින් යෝජනා කරන රෙගුලාසිමය නිදහසක් නෙවෙයි. පුද්ගලික අපහස, බොරු ප්‍රචාර, ප්‍රචාර කිරිම සිදුනොකළ යුතු දෙයක්. රටේ තිබෙන නීති පද්ධතිය හරහා එවැනි කටයුතු වල නිරත වන පිරිසට නිතිමය පියවර ගැනිමේ හැකියාවක් තිබෙනවා.

 

 ජාතික ජන බලවේගයට බලය ලබා ගැනිමට පාර කපපු මාධ්‍ය සහ සමාජ මාධ්‍ය අනවශ්‍ය ලෙස මර්දනය කරන්න උත්සහ කිරිම නොකළ යුතු දෙයක්. ඒ වගේම මෙවැනි ක්‍රියාවලින් ප්‍රජාතන්ත්‍රවාදයට විශාල අනතුරක් සිදුවෙනවා. මෙවැනි ක්‍රියා තුලින් ශ්‍රි ලංකාව කොමියුනිට්ස් පාලනයක් කර ගෙන යාමට ජාතික ජන බලවේගය උත්සහ දරන බවක් තමයි පෙනෙන්න තිබෙන්නේ.

 

 m ri 2

 465893570 1067050581461827 3509891450193317395 n

නවතම ලිපි