ලොව ප්‍රබලයන් පස්දෙනෙකි. ඉන් දේශපාලන හා ආර්ථික මෙන්ම තාක්ෂණ මට්ටමෙන් ඉදිරියෙන්ම සිටිනුයේ ඇමෙරිකාවය. එම
වත්කම් සමග සෙසු රටවලට හැරෙන්නටවත් නොහැකි නිසා මිහිපිට දෙව් ලොව ලෙස බොහෝ අය දකින්නේ ද ඇමෙරිකාවය.
ලොව සිසාරා පවතින ප්රබලතම වෙළෙඳ සන්නාම 18 න් 12 කම අයිතිය හා දැවැන්ත ආදායම පවතින්නේද එරටට ය. ලොව පුබලතම තෙල් නිපදවන රටවන සවුදියට දිනකට බැරල් දසලක්ෂ 11 ක් නිපදවද්දී ඇමෙරිකාවේ හැකියාව දිනකට බැරල් දසලක්ෂ 21 වීම තුළම ඔවුන්ගේ බලවත්කම කියාපායි.එහෙත් ඒ යටින් දිවෙන දැවැන්තම ශෝකාන්තයක් වන්නේ ඇමෙරිකාවේ සිටින හිසට සෙවණක් නැති ජනතාවය. ඔවුන් හිගන්නන් ලෙස නොව Homeless people ලෙස අර්ථ දැක්වේ.
දැන් ඇමෙරිකාවේ සීත සෘතුව ඇරඹී තිබේ. එය ලබන මාර්තු අප්‍රේල් දක්වා පවතී. උෂ්නත්වය ඝෘණ 05- 10 දක්වා අඩුවෙන වාර අනන්තය. සීතල ගින්දරටත් වඩා දරුණුය.එහෙත් ඇමෙරිකාවේ ඉහළ පරිභෝජන සමාජය මැද හිසට සෙවණක් නැතිව කල් ගෙවන අයගේ කඳුළු අසීමිතය.
ඇමෙරිකාවේ ආහාර මිල එරට වැසියන්ගේ ආදායම් අනුව ගත්කල ඉතා අඩුය. අඩුම පඩිය වන්නේ මසකට ඩොලර් 3000 කි. ආහාර සදහා ඩොලර් 50 ක් තිබුණොත් නොමැරී ජීවත්විය හැකිය. එහෙත් නිවසක් සදහා ඩොලර් 2500 – 3500 ක අවමයක් අවශ්‍ය වේ. ඩො. 700 - 1000 ට අඩුවෙන් කාමරයක් ගැනීම අසීරුය.
ඒ තුළ පිලඩෙල්fපියා වල 5400 ක් මහපාරේය. ඔවුන්ට හිසට වහළක් තබා සමහරුන්ට පොරවා ගන්නට බ්ලැන්කට් එකක් පවා නැත.ලොව සූදු අන්තුවන් ගෙන් උතුරායන ලාස් වේගාස් වල 5600 ක් ද ඔබාමාගේ උපන් නගරය වන චිකාගෝ වල එම සංඛ්‍යාව 6100 ක් ද වේ. ලොවම පාළනය කරන අගනගරය වොෂින්ටන් DC වල එය 6500 කි. ඉතා ක්‍රමිකව සැලසුම් කළ හා පවත්වා ගෙනයන ඇමෙරිකාවේ අලංකාරම උද්‍යානය ලෙස ගැනෙන වොෂින්ටන් DC වල ඔවුන් දකින්නට ලැබෙන්නේ නැත්තේ එම බළධාරීන් විසින් ඔවුන් හැකිතාක් සගවා තබන්නට හා දුටු සැනින් වාහන ගෙනැවිත් පටවා ගෙන යන්නට ක්‍රියාකරන බැවිනි. ලොව ප්රබලතම ජනපතිවරු අගමැතිවරු ඇමතිවරු හා ඉහළම ඝනයේ සුපිරි සංචාරකයන් වොෂින්ටනයේ ධවල මන්දිරය කොංග්රස් හා සෙනෙට් මණ්ඩල රැස්වන කැපිටල් හිල් ලොව ප්රබලතම ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගන් IMF ලෝක බැංකුව ලොව උසම හා ඉපැරණිම පෙන්සිල් කුළුණ චර්චිල් හා කෙනඩි මධ්‍යස්ථාන නැරඹීමට එන ලොව ප්‍රබල පිරිස් වසරේ දින 365 පුරාම වොෂින්ටන් වෙත ඒම ඊට හේතුවය.
ඇරිසෝනා වල අසරණයින්ගේ ගණන 9200 කි. එම ප්‍රදේශයේ සීතල ට අමතරව උෂ්ණ කාලයේදී සෙල්සියස් 100 ට පවා ඉහළයන පසුබිමක් තිබීම ඛෙිදවාචකයේ තරම කියාපායි. Golden gate city ලෙස විරුදාවලියලත් සැන්ප්රැන්සිස්කෝ නගරය ආශ්‍රිතව මෙම පිරිස 8000 ඉක්මවන අතර කැලිfපෝනියා වේ සන්තියාගෝ වල 10,000 කි. කැලිfපෝනියාවට යාබද පවතින වොෂින්ටන් ප්‍රාන්තය තුළ ලොව සුපතලම සමාගම් වන ඇමසන්, මයික්‍රොසොfප්ට් වැනි දෑ තිබුණත් 13, 200 ක් මහපාරේ ය. කැලිfපෝනියා හි අගනගරය මෙන්ම ලොව සුපිරි බොලිවුඩය හා සුපිරි නළුනිළියන් ගායකගායිකාවන් සිටින ලොස් ඇන්ජලීස් (LA) වල එය 69,200 කි. තවද ඇමෙරිකාවේ පැය 24 ම දිව්‍ය ලෝකයක් ලෙස විදුලිය හා විවිධ ක්‍රියාකාරකම් වලින් සරසා තිබෙන නිව්යෝර්ක් වල එය 74,000 තරම් ඉහළය.
මෙම බොහෝ අය බස් නැවතුම් පොළවල් මහාමාර්ග යන බිංගෙවල් හා පුසිද්ධ උද්‍යාන හා තෝරාගත් මාර්ග සිය වාසස්ථාන ලෙස තෝරාගෙන සිටිති.
ඇමෙරිකානු රජය මොවුන්ගේ සුබසාධනයට විශාල කැපවීමක් කළ ද බොහෝ අය මෙම ජීවිතයෙන් මිදීමට අකමැතිය.
තවද එරට ජනගහනය කෝටි 33 ක් නිසා ඊට සාපේක්ෂව මෙම පිරිසේ සංඛ්‍යාව ඉතා අල්පය.මත්දව්යය මානසික ව්‍යාධි නිවසේ අය සමග කෝළාහල ආදී විවිධ හේතු ඊට බලපායි. සමහරු තම වාහන නිවහන ලෙස පවත්වාගෙන යති.ලංකාව හා දකුණු ආසියානු රටවල මෙන් ඔවුන්ට අනුකම්පා කරන ආහාර ඇදුම් වෛද්‍ය පහසුකම් ලබාදෙන සංස්කෘතියක් ඇමෙරිකානුවන්ට නැතිවීම මේ ඛේදවාචකට තවත් ත්‍රීර්ව කරයි. ලොවපුරා යුද වලට තත්පරයකට ඩොලර් මිලියන ගණන් පුච්චා විනාස කළ ද මෙම අසරණයින්ට යුක්තිය ඉටුකරන්නට එම ඩොලර් උත්සාහ කරන්නේ නැත.
@Ashoka Jayathunga