කතානායක අශෝක රන්වල මහත්තයාගේ ආචාර්ය උපාධිය ගැන ප්‍රශ්නයක් ඇතිවෙලා.
එහෙම උපාධියක් නැතිනම් එතුමා කතානායක තනතුරෙන් අයින්වෙන්න ඕන කියලා නිර්මාල් මහාචාර්යතුමා කියනවා.
ඇත්තෙන්ම ඒක ගොන් කතාවක්. සාමාන්‍යයෙන් නිර්මාල් කියන්නේ එහෙම කතා හින්දා ඒ ගැන කවුරුවත් වදවෙන්න ඕන නෑ.
(නිර්මාල් තම මුහුණු පොතේ පළකල පෝස්ටුව)
ඇත්තෙන්ම, ජීව-ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් තියෙනවා නම් තමයි අශෝක රන්වල මහත්තයා කතානායක තනතුරෙන් අයින්වෙන්න ඕන. එහෙම උපාධියක් තියෙන කෙනෙක් මොන මගුලකට ද සුද්දෝ විසි කරපු පාපිස්සක් ඔළුව උඩ දාගෙන පුටුවක් උඩ වාඩිවෙලා ඉන්නේ?
ඔය පාපිස්ස ඔළුවට දාලා කතානායක පුටුවේ බලෙන් හරි වාඩි කරවන්න ඕන නිර්මාල්ලා වගේ කයියනායකලා.
අශෝක රන්වල මහත්තයා ජීව-ඉංජිනේරු විෂයය පිළිබඳ විශේෂඥයෙක් කියලා මම අහලා තියෙනවා.
ඒ විශේෂඥභාවයට මම මගේ ආචාරය පුද කරනවා. කාබනික ගොවිතැන වෙනුවෙන් එතුමා ගොඩක් මහන්සි වෙලා තියෙනවා. ඒ කැපවීම සම්බන්ධයෙනුත් මම මගේ ආචාරය එතුමාට පුද කරනවා. එතුමාට යහපතක් වේවා! එතුමාගේ විශේෂඥභාවයෙන් රටට වැඩක් වේවා!
ඉතින් අශෝක රන්වල මහත්තයාගේ විශේෂඥභාවයෙන් රටට වැඩක් ගන්න එක මාලිමා ආණ්ඩුවේ වගකීමක්. එහෙම නැතුව ඒ වගේ කෙනෙක් මේ කෙහෙල්මල් පුටුවක් උඩ වාඩි කරවලා දඬුකඳේ ගහලා තිබ්බා කියලා රටට වැඩක් වෙන්නේ නෑ.
ඉතින් අශෝක රන්වල මහත්තයා වහාම කතානායක තනතුරෙන් අයින්වෙන්න /අයින් කරන්න ඕන කියලා මම හිතනවා. කාබනික ගොවිතැනට අදාළ වගකීමක් එතුමාට පවරන්න.
විශ්වවිද්‍යාලවල සහ කෘෂි අධ්‍යාපන ආයතනවල ඉගැන්වීමේ සහ සිසුන් පුහුණුකිරීමේ අවස්ථාවක් එතුමාට ලබාදෙන්න.
සුදුස්සාට සුදුසු තැන දෙන්න ඕන කියලා මාලිමාවේ නායකයෝ නිතර නිතර කියලා තියෙනවානේ. ඉතින් අශෝක රන්වල මහත්තයාගෙන් ඒ වැඩේ පටන්ගන්න පුළුවන්.
@ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති