කථානායක අශෝක රන්වල ට ඇතැයි කියන උපාධිය සම්බන්ධයෙන් සමාජ ජාලයන්හි
විශාල සංවාදයක් ඇතිව තිබෙන අතර මෙකී චෝදනාවට මූලික වූවන් ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මූලිකව ඇතැයි වාර්තා වේ.
මාලිමා රජය බලයට ගෙන ඒම සඳහා සමාජ මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපාරය තුළ අඛණ්ඩව පෙනී සිටි දේවසිරි මහාචාර්යවරයා මාලිමා රජය බලයට පත්වී කෙටිකලකින්ම ඊට විවේචනකාරී අදහස් ප්‍රකාශ කිරීමට උත්සාහ කරන බැව් විචාරකයින්ගේ අදහස වී ඇත.
එපමණක් නොව මාලිමා රජය බලයට පත්වීමටත් පෙර සිටම තම නායකයින් බහුතරයක් උපාධි, පශ්චාත් උපාධී, ආචාර්ය උපාධිකරුවන් බවට ප්‍රකාශ කිරීමත් ඒවා වර්ණනා කිරීමත් ආරම්භ කළේද මාලිමාවන් බව විචාරකයින් පෙන්වා දේ.
කෙසේ වුවද මේ සම්බන්ධයෙන් කථානායක අශෝක රන්වල ප්‍රතිචාර දක්වමින් පවසන්නේ තමන්ට සහ පක්ෂයට අපහාස කිරීමේ අරමුණින් ඇතැමුන් විවිධ චෝදනා කරන බවයි.
කථානායක අශෝක රන්වල තම අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු ඉදිරිපත් කර නැත්නම් ඔහුට ඉල්ලා අස්වැන්නැයි බල කළ යුතු යැයි ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පසුගියදා සමාජ මාධ්‍ය හරහා කියා සිටියේය.
අනතුරුව මාලිමා ආණ්ඩුවක් බලයට ගෙන ඒම සඳහා මතවාදී සහයෝගයක් ලබාදුන් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසා තිබුණේ කතානායක අශෝක රන්වල උපාධිධාරියෙක් බවට කරන ලද ප්‍රකාශය ඔප්පු කළ යුතු බව ය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන කථානායක අශෝක රන්වල පවසන්නේ අදාළ චෝදනාවලට මේ මොහොතේ පිළිතුරු සැපයීම අත්‍යවශ්‍ය නොවන බවත්, තමන් මොරටුව විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය හා ජපානයේ වසේදා විශ්ව විද්‍යාලෙන් ආචාර්ය උපාධිය ලබාගෙන ඇති බවත්ය.
@සමාරා පරණවිතාන