SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අක්මාව කියලා කියන්නේ අපේ ශරීරය තිබෙන වැදගත්ම අවයව වලින් එකක්. සිරුරේ නිසි ක්‍රියාකාරිත්වයට අවශ්‍ය ප්‍රෝටින් කොලෙස්ට්‍රෝල් වගේම ආහාර ජීර්ණයට අත්‍යවශ්‍යවන පිත නිපදවීමක් සිද්ධ කරන්නේ අක්මාව මඟින්.


උදර කුහරය ඇතුළත තිබෙන විශාලතම අවයව වන අක්මාව අපේ ශරීරයට අවශ්‍ය විටමින් ඛනිජලවණ වර්ග සහ කාබෝහයිඩ්‍රේට් පවා රැස් කර තබා ගන්නවා.


මිනිසුන්ගේ පමණක් නොවේ අනික් ක්ෂීරපායි හැම සතෙකුගේ ශරීරයේ තියෙන ආහාර ගබඩාවක් තමයි මේ අක්මාව කියලා කියන්නේ. ආහාරයට ගන්නා සතුන්ගේ අක්මාව කැවුත්ත හෙවත් කෑයුත්ත කියලත් අතීතයේ ඒ හැඳින්වුයේ ඕනැම සතෙකුගේ සිරුරේ පෝෂණ ගුණයෙන් ඉහලම මාංශ කොටස නිසා.

 

කොහොම නමුත් අද වෙද්දි වැඩිපුරම එය හඳුන්වන්නේ පීකුදු කියන නමින්. මේ සියල්ලටම අමතරව අපි ගන්නා ආහාර වල තියෙන රසායනික විශේෂයන්ම මත්පැන් සහ රසායනික බෙහෙත් වර්ග බිඳ හෙලීමක් මේ අක්මාව මඟින් සිද්ධ කරනවා.


කාලයක් පුරා මත්පැන් හෝ සැර බෙහෙත් වර්ග බීමෙන් අක්මාවට සිරෝසිස් වැනි රෝග වැළඳෙන්න හේතු වෙන්නෙත් මෙන්න මේ කාරණය නිසා. මේ හින්ඳා අක්මාව රැක ගැනීම කියලා කියන්නේ නිරෝගිව ජීවත් වෙන්න හිතන ඕනෑම කෙනෙකුගේ මූලිකම අවශ්‍යතාවයක්.

අක්මාවට අහිතකර දේ නොගැනීම වගේම අක්මාවට ගුණදායක ආහාර ගැනීමෙන් එහි ක්‍රියාකාරිත්වයට පහසුවක් සැපයීමත් මෙහිදි ඉතාම වැදගත්. ඉතින් අද අපි කියන්න යන්නේ ඒ වගේ අක්මාව පිරිසිඳු කළ හැකි ආහාර 10ක් පිළිබඳවයි. නිතරම මේ ආහාර ගැනීමේන් ඔබට අක්මාවේ රෝග ඇතිවීමේ අවදානම සැලකිය යුතු ලෙස අඩුකර ගන්න පුළුවන්.


01) සුදුළුෑණු

 

liver 2

 


සුදුළුෑණු කියලා කියන්නේ අපේ ශරීරයට බොහෝ ගුණ දෙන ආහාරයක්. අක්මාව එකතු වී තිබිය හැකි විෂ රසායනික දිය කරන හරින එන්සයිම නිෂ්පාදනය උත්තේජනය කරන්න සුදුළුෑණු සතු සුවිශේෂි හැකියාවක් ඇති බවටයි වරින් වර කෙරුණු පරීක්ෂණ රැසකින් තහවුරු වී තිබෙන්නේ. නිතර නිතර මත්පැන් බොන අයට බෙහෙත් වර්ග බොන අයට වැඩිපුර සුදුළුෑණු ආහාරයට ගන්න කියලා වෛද්‍ය උපදෙස් පවා ලැබෙන්නෙ මෙන්න මේ නිසාමයි. එන්සයිම උත්තේජනයට අමතරව සුදුළුෑණු වල ඇති ප්‍රධානතම ක්‍රියාකාරි සංයෝගය වන ඇලිසියින් අක්මාව පිරිසිඳු කිරීමට අතිශයින් වැදගත් වෙනවා. සුදුළුෑණු කියලා කියන්නේ අපේ සිරුරට ඉතා වැදගත්වන සෙලීනියම් මූල ද්‍රව්‍ය ලබා ගැනීමටත් හොඳම ප්‍රභවයක්. අක්මාවේ පමණක් නොවේ සිරුරේ බොහෝ අවයවවල නිසි ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය ක්ෂුද්‍ර පෝෂකයක් තමයි සෙලීනියම් කියලා කියන්නේ.


02) ග්‍රීන් ටී

 

 

liver 123


ග්‍රීන් ටී සෞඛ්‍යමත් පානයක් විදියට ලොව පුරා ජනප්‍රිය වෙන්න ගත්තේ මේ මෑත කාලයේදි උනත් ජපනුන් නම් පරම්පරා ගණනාවක ඉඳන් නිරන්තරයෙන්ම පානය කරන දෙයක්. මේ නිසා ග්‍රීන් ටී වල සෞඛ්‍යමය ගුණ ගැන ජපානයේ කෙරුණු පරීක්ෂණවල ප්‍රථිපල ඉහලින්ම පිළිගන්න පුළුවන්.
දිනකට ග්‍රීන් ටී කෝප්ප 2ක්වත් බොන ජපන් ජාතිකයන්ගේ අක්මාව ආශ්‍රිත රෝග වැලඳෙන ප්‍රවීණතාවය 43% කින් අඩු බවයි පුද්ගලයන් දහස් ගණනක් යොදා කෙරෙනු විශාල පරීක්ෂණයකින් තහවුරු වෙලා තිබුණේ. ග්‍රීන් ටී අක්මාවට ගුණ දායක වෙන්න ප්‍රධානතම හේතුව තමයි එයට රසය ලබා දෙන්නට හේතුව වන පොලිතීනු වලට අක්මාවට විෂදායක රසායනික බිඳ හෙලන්න ඇති හැකියාවයි. මේ නිසා අප ගන්නා ආහාරවල ඇති විෂ රසායනික අක්මාවේ තැන්පත් නොවී දියකර හරින්නට එය උපකාරි වෙනවා. බඩ අඩු කරගන්න කියලා බොන ග්‍රීන් ටී තවත් බොහෝ පැතිවලින් උපකාරි වන හැටි පේනවා නේද?


03) ඕට්ස්

 

 

liver3


කොලෙස්ට්‍රෝල් ගැටළු තියෙන කොයි කාටත් වෛද්‍යවරු නිර්දේශ කරන ආහාර ලැයිස්තුවේ ඉහලින්ම තිබෙන්නේ මේ ඕට්ස්. ආහාර වල අඩංගු සිරුරට අහිතකර එල්ඩියම් කොලොස්ට්‍රෝල් ශරීරයට උරා නොගැනම මලපහා එක්කම බැහැර කරන උදවු වෙන ද්‍රාව්‍ය ආහාරමය තන්තු වලින් ඕට්ස් පිරී තිබීම ඊට ප්‍රධානතම හේතුවක් වෙනවා. මේ නිසා නිතරම ඕට්ස් ආහාරයට ගන්නා කෙනෙකුගේ අක්මාවේ නිපදවන කොලෙස්ට්‍රෝල් සිරුරට හිතකර HDL කොලෙස්ට්‍රෝල්වල තියෙන ප්‍රවණතාවය සැලකිය යුතු තරම් ඉහල යනවා. ඕට්ස් අක්මාවට ගුණදායක වන අනෙක් හේතුව වන්නේ එහි ඇති බීටානූටන් සංයෝගයයි. අක්මාවේ මේදය තැන්පත් වීම අවම කරන්නට එයට ඉහල හැකියාවක් ඇති බවයි පරීක්ෂණවලින් පෙනී ගොස් තිබෙන්නේ. නිතරම ඕට්ස් ආහාරයට ගැනීම මඟින් අක්මාවේ ප්‍රමාණය ඉක්මවා මේදය තැන්පත් වීමේ අතුරු ප්‍රථිපලයක් වන අක්මා පිළිකා හටගැනීමේ අවධානම පහත හෙලන්න හේතුව වෙන්නේ මෙන්න මේ නිසාමයි.


04) ඔලිව් තෙල්

 

 

oliv



නිතරම ඔලිව් තෙල් ආහාරයට එක්කර ගැනීමේ වැදගත්කම ගැන අප නිතරම ඔබට මතක් කරනවා. ශරීරයේ තවත් බොහෝ අවයව වලට ඉතාම ගුණදායක වන ඔලිව් තෙල් අක්මාවට ගුණදායක බව ඔබ දන්නවද? මේ ගුණයට හේතුව වන්නේත් ඔලිව් තෙල් සතු ඉහල අසංතෘප්තමේද ප්‍රතිශතයයි. ඔලිව් තෙල් වල ප්‍රධාන සංඝටකය වන ඕලික් මේද අම්ලය නිසා ඔලිව් තෙල් වල 70%ක්ම අඩංගු වෙන්නේ අක්මාවට ඉතාම හිතකර අසංතෘප්ත මේදයයි. ශරීරයට ලබා ගන්නා අසංතෘප්ත මේදය ප්‍රතිශතය වැඩිවීම අක්මාවේ සෛල වල නීරෝගි බවයි ක්‍රියාකාරිත්වය ඉහල නංවන්න විශාල ලෙස දායක වෙනවා. ඔලිව් තෙල් නිතරම ආහාරයට ගන්නා මැද පෙරදිග රටවල අක්මාවේ රෝග ගැන අහන්න වත් නොලැබීමට මෙය ප්‍රධාන හේතුවක් ලෙසයි සැලකෙන්නේ. මෙන්න මේ නිසා අක්මාවට ආදරෙයි නම් ඔබත් වැඩි වැඩියෙන් ඔලිව් තෙල් වලට මාරු වෙන්න අදම උත්සහා කරන්න.


05) මිදි

 

 

graps

 


මිදි සතු ප්‍රතිඔක්සිකාර ගුණය ඔබ දැනටමත් දන්නවා ඇති. බ්ලු බෙරි වලට පසුව වැඩිම ප්‍රතිඔක්සිකාරක සාන්ද්‍රණයක් අඩංගු වන ආහාරයක් විදියට මේ මිදි අපට සලකන්න පුළුවන්. අපේ රටේ බ්ලු බෙරි සොයාගන්න තරමක් අපහසු නිසා හැකි සෑමවිටම මිදි ආහාරයට ගැනීම තමයි වඩාත් ප්‍රායෝගික වන්නේ. මස් මාංශ ආදියෙන් ලැබෙන ප්‍රාන්ස්මේදය අඩංගු මුක්තකන්නක වලින් වැඩිම හානියක් වෙන්නේ ඒවා ගබඩා කර තබා ගන්නා අක්මාවේ සෛල නිසා මිදි වල ඇති ප්‍රති ඔක්සිකාරක සංයෝග අක්මාවට හරිම වැදගත්. මිදි ගෙඩියේ ඇට වල ප්‍රතිඔක්සිකාරක ගෙඩියට වඩා වැඩි සාන්ද්‍රණයකින් අඩංගු වෙනවා. මේ මිදි ඇට සාරය ප්‍රතිඔක්සිකාරකගුණ සහිත නිෂ්පාදන වලට නිතරම භාවිතා වෙන්නත් හේතුව මෙන්න මේකයි. මේ නිසා නිතරම ඇට නැති මිදි වෙනුවට ඇට සහිත මිදි වර්ග නිතරම තෝරගන්නත් ඒ වගේම තමයි මිදි ගෙඩිය එක්ක මිදි ඇටත් හපලා කන්න ඔබ හොදින්ම මතක තබා ගන්න.


06) බීටිරූට්

 

 

beat



සාමන්‍යයෙන් අපේ රටේ කඳුකරයේ බොහොම සරුවට වැවෙන එළවළුවක්. මේ බීට්රූට් අක්මාවට ඉතාම ගුණදායක ආහාරයක්. විටමින් A, විටමින් B6 සහ යකඩ වලින් ඉහල මේ බීට්රූට් වලින් අක්මාව පිරිසිඳු කරන සංයෝග ගණනාවක් සිරුරට ලබා ගන්න පුළුවන්. කොහොම නමුත් උයලා ආහාරයට ගැනීමට වඩාත් සුදුසු වෙන්නේ බීටිරූට් යුෂ සකස් කර ගැනීමයි. බීටිරූට් ගෙඩියක් පොතු හැරලා අරගෙන වතුර කෝප්පයක් යොදා බ්ලෙන්ඩර් කර ගැනීමෙන් ඉතාම රසවත් බීටිරූට් පානයක් ඔබට සකස් කර ගන්න පුළුවන්. ස්වභාවිකව සීනි අඩංගු නිසා වෙනත් කිසිවක් යොදන්න අවශ්‍ය නැහැ. බීට්රූට් යුෂ මඟින් අක්මාවේ ස්වභාවික ප්‍රතිවිෂ එන්සයිම නිෂ්පාදන උත්තේජනය වෙලා එහි විෂ බෙදා හැරීමේ කටයුතු බොහෝම කාර්යක්ෂම වෙනවා. මෙන්න මේ නිසා දීර්ඝකාලිනව නිරෝගි අක්මාවක් පවත්වා ගන්න බීටිරූට් යුෂ නිතර පානයෙන් පුළුවන්.


07) බ්‍රෝකොලි

 

 

brocoli



ශරීරයයේ බොහෝ විෂ වර්ග ඉවත් කරන්න බ්‍රෝකොලි හෙවත් මල් ගෝවා ඉතාම ජනප්‍රියයි. ලෝකේ පුරා බොහෝ රටවල්වල කෙරුණූ පරීක්ෂණවලින් නිතරම බ්‍රෝකොලි ආහාරයට ගැනීමෙන් අක්මා, වකුගඩු ඇතුළු අවයවවල විෂ එක්රැස්වීම අවම කිරීමට සමත් බව තහවුරු වෙලා තිබෙනවා. අක්මාවේ ප්‍රතිවිෂ එන්සයිම නිපදවන්නට අවශ්‍ය පෝෂක ගණනාවක් මේ බ්‍රොකොලි වල අඩංගුයි. සිරෝසිස් වැළඳි ඇති රෝගීන්ට වෛද්‍යවරුන් පවා බ්‍රෝකොලි ආහාරයට ගැනීම නිර්දේශ කරන්නේ මෙන්න මේ නිසාවෙන්. තන්තු වලින් ඉතා ඉහල බ්‍රෝකොලි නිතර ආහාරයට ගැනීමෙන් වක්‍රාකාරයෙන් ඔබට සිරුරේ ඇතිවන මේද ප්‍රමාණය පාලනය කර ගන්නත් හැකියාව තිබෙනවා. දිනක් අක්මාවේ එකතු වෙන මේදය හැරීම වේගවත් කරන නිසා අක්මාවේ නිරෝගි බවට අතිරේක උපකාරයතුක් ඉන් ලැබෙනවා..


08) ලෙමන්

 

 

ලෙමන්



නිතර මත්පැන් පානය නිසා අක්මාවට හානි වෙන්නට තියෙන හැකියාව ගැන ඔබ දැනටමත් දන්නවා. කොහොම නමුත් මත්පැන් පානය නවත්වා ගන්නම බැරි නම් එයින් අක්මාවට සිද්ධ වෙන හානිය අවම කර ගන්න හොඳ ක්‍රමයක් තියෙනවා. ඒ තමයි සාන්ද්‍ර ලෙමන් යුෂ ආහාරයට එක් කරගන්න එක. හැකි තරම් ලෙමන් යුෂ පානය ‍කිරීම මඟින් අක්මාවේ සෛල විනාශය බොහොම සැලකිය යුතු අන්දමින් පාලනය කරගන්න පුළුවන් බව චීනය මෑතකදි සිදු කරලා තියෙන පරීක්ෂණ කිහිපයකින් තහවුරු වෙලා තිබුණා. ලෙමන් යුෂ වල අඩංගු වෙලා තියෙන අම්ල සංයෝජන මඟින් ඇල්කොහොල් බිඳ හෙළන්න විශාල පහසුවක් ලබා දෙන නිසා අක්මාව වෙහෙස වීම අවම කරගන්නත් පුළුවන්. ලෙමන් වල විටමින් සී බහුල නිසා ඒ අඩංගු ප්‍රති ඔක්සිකාර ගුණයන් අක්මා‌වේ ක්‍රියාකාරිත්වය ඉහල නංවන්න උපකාරි වන බවටත් ඇතම් පරීක්ෂණ වලින් පෙනී ගොස් තිබෙනවා. කොහොම නමුත් ඔබ නිතර නිතර මත්පැන් නොබොන කෙනෙක් නම් සාන්ඳ්‍ර ලෙමන් යුෂ වෙනුවට ලෙමන් යුෂ වතුර සමඟ මිශ්‍ර කර බීම තමයි වඩාත් සුදුසු වෙන්නේ.


09) අලිගැටපේර

 

 

අලිගැටපේර 12




අමුතුම විදියේ පලතුරක් වෙන අලිගැටපේර වල ගුණ ගැන අප නිතර නිතර ඔබට මතක් කරනවා. නමුත් ඒ අක්මාවේ නිරෝගි කමට හේතු වුණ බව ඔබ සමහර විට දන්නේ නැතුව ඇති. ඒකසංතෘප්ත මේද වලින් හා විටමින් E වලින් පිරිපුන් අලිගැටපේරවල ග්ලියිසීනික් අගය ඉතාම අවම නිසා එයින් අක්මාවට විශාල සහනයක් සැලසෙනවා. ඒ විතරක් නෙවෙයි අක්මාවේ සෛල ක්‍රියාකාරිත්වයට උදවු වන විටමින් සහ ඛණිජ ලවණ 20ට වඩා වැඩි ප්‍රමාණයක් අලිගැටපේර ගෙඩියක් කෑමෙන් ලබා ගන්න පුළුවන්. අලිගැටපේර ඇත්තටම සුපිරි ආහාරයක් බව පේනවා නේද? කොහොම නමුත් සීනි යොදා කෑම වෙනුවට කෙලින්ම අලිපේර කන එක තමයි ගුණ දායක වෙන්නේ. එහි රසයට හුරු වුණාම මේ අපහසු වෙන එකක් නැහැ. කෙලින්ම අලිපේර කන්න අපහසු නම් බ්ලෙන්ඩර් කිරීම මඟින් ඉතාම රසවත් අලිගැටපේර පානයක් හදා ගැන්න එක තවත් විසඳුමක්. නිතරම අලිගැටපේර ආහාරයට ගන්නවා නම් ඔබට අක්මාවේ බොහො ගැටළු වලට ආයුබෝවන් කියන්න පුළුවන්.


10) ලින්නා මසුන්

 

 

linna fish





අක්මාවේ විෂ නසන එන්සයිම වල මනා ක්‍රියාකාරිත්වයට උදවුවන අතරම අතිරේක මේදය තැන්පත් වීම පාලනය කරන්නත් ඔමේගා ත්‍රී වලට අපූරු හැකියාවක් තියෙනවා. ශරීරයේ කොලෙස්ට්‍රෝල් මට්ට්ම අවම කිරීමටත් ඉදිමුම් අවම කිරීමටත් ඔමේගා ත්‍රී මේද අම්ලයට ඇති හැකියාව පරීක්ෂණ බොහෝමයකින් තහවුරු වුණ දෙයක්. මෙවැනි ගුණ රැසක් සහිත ඔමේගා ත්‍රී මේද අම්ලය ලබා ගන්න තිබෙන පහසුම හා ලාභ දායක ක්‍රමය තමයි ලින්නා මසුන් ආහාරයට ගන්න එක. අපේ රටේ ඕනැම මාළු වෙළෙඳසැලකින් මේ ලින්නා මසුන් ඔබට මිලදී ගන්න පුළුවන්. නිතරම ලින්නා මසුන් ආහාරයට එක්කර ගන්නවා නම් එයින් ඔබට අවශ්‍ය ප්‍රෝටින් වැඩි හරියක් පහසුවෙන්ම ලබා ගන්න පුළුවන්. ඒ නිසා අක්මාවට අහිතකර විය හැකි මස් මාංශ වර්ග ආහාරයට ගැනීමේ අවශ්‍යතාවයක් අවම වෙනවා. මෙන්න මේ නිසා නිරෝගි අක්මාවට උරුමකම් කියන්න ඔබත් කැමතිනම් ඔබත් සැකසුම් මස් වර්ග වෙනුවට ලින්නා මසුන් ආහාරයට ගන්න අදම හුරු වෙන්න.

 

අක්මාවේ ගැටළු ඇති වුණාම කරන්න අවශ්‍ය වන ප්‍රථිකාරවල මිල ඉතා අධිකයි. ඇතැම් විට ජීවිතේ බේරා ගන්න අක්මාවට කොටස් බද්ද කිරීම වැනි මිලියන ගණනක් වැය වන සැත්කම් පවා සිදු කරන්න වෙන්න පුළුවන්. මෙන්න මේ නිසා ඔබ දැන් ඉඳන්ම ඔබේ අක්මාව රැක ගන්න උත්සහයක් ගන්න. අපි මේ කියපු ආහාර නිතර නිතර කෑමට එක් කර ගන්න අතරෙම මත්පැන් පානය අධික සීනි සහා ලුණු අඩංගු ආහාර ගැනීම සැකසු මස් වර්ග කෑමට ගැනීම ආදිය හැකි තරම් අවම කර ගන්නවා නම් එය ඔබ හිතන තරම් අපහසු නැහැ.

 


උපුටාගැනීම - විශ්ම ලෝකය

 


වීඩියොව

 

 

 

 

නවතම ලිපි