SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ අපූරු ගැහැණිය ඉපදෙන්නේ නෙදර්ලන්තයේ හාර්ලෙම් නගරයේදී.

ඒ 1892 අප්‍රියෙල් 15 වෙනිදා. ( ටියුලිප් ලියුමෙදිත්.. ඔද්‍රෙ ගැන කතා කරද්දිත් අපි මේ නගරය ගැන කතා කරා)

එයාගෙ නම කොරී ටෙන් බූම්. කොරීගෙ අක්ක තමයි බෙස්ටී. අක්ක කොරීට වඩා අවුරුදු හතක් වැඩිමල්.

එයාලගෙ තාත්ත ඔරලෝසු නිපදවන්නෙක්. ඒ නිසාම අම්මයි තාත්තයි අක්කයි එක්ක ඒ ගෙදර හැමෝටම සැප පහසු ජීවිතයක් තිබුනා.

පුංචි කාලෙ ඉඳලම තාත්තගෙ අඩි පාරෙ යමින් කොරී ආස කරේ ඔරලෝසු හදන්නත් අළුත් වැඩියා කරන්නත්. ඒ නිසාම කොරී තාත්තගෙ ප්‍රියතම ගෝලයා වෙනව.

කාලය ගත වෙනව.. ඒ 1940 අවුරුද්ද.. මේ අවුරුද්දෙ මැයි මාසෙ නාසි හමුදාව නෙදර්ලන්තය ආක්‍රමණය කරනව.

සාමකාමීව තිබුනු ඕලන්ද නගර නාසි ආක්‍රමණයත් එක්ක අඳුරු වෙනව.

තැනින් තැන ගොඩ ගැහෙන යුදෙව්වන්ගෙ මිනී නගර වලට එකතු කරන්නෙ අඳුරු මූසල පෙනුමක්.

අවුරුද්ද 1942. ඒ මැයි මාසෙ.

දවසක් කොරීලගෙ ගෙදර දොරට තට්ටු කරන්නෙ හොඳින් ඇඳ පැලඳ ගත් මැදි වියේ කාන්තාවක්.

"අනේ නෝනා.. මගේ මහත්තයාව ගෙස්තපෝගෙ මිනිස්සු අරන් ගියා.. අපේ කඩේට ගිනි තිබ්බා. මම කොහේ කියල යන්නද... මං දන්නව නෝනාත් නෝනාගෙ පවුලේ උදවියත් කරුණාවන්ත අය කියල. මට අද රෑට විතරක්වත් නවාතැන් දෙන්න පුළුවන්ද.? "

(ගෙස්තපෝ කියන්නෙ නාසින්ගෙ පොලීසිය)

 

attamma 4

 

දොර වහල දාල මේ ගෑණිව එලවනව වෙනුවට කොරී කරන්නෙ එයාව ඇතුලට පිලි අරන් කෑම බීමත් නිදා ගන්න කාමරයකුත් හදල දෙන එක.

මේක හරි භයානක වැඩක්.

ගෙස්තපෝ පොලීසිය මේක දැනගත්තොත් කොරීත් එයාගෙ පවුලෙ අයත් නතර වෙන්නෙ නාසින්ගෙ වහල් කඳවුරු වල.

මෙන්න මෙහෙමයි කොරීත්.. කොරීගෙ පවුලෙ අයත් අසරණ වුණු යුදෙව්වන්ට උදව් උපකාර කරන්නත්.. නාසින්ට එරෙහිව රහසිගතව වැඩ කරන සහෝදර ඕලන්ද ජාතිකයින්ට උදව් කරන්නත් පටන් ගන්නෙ.

මරණයෙන් බේරිලා පලා යන යුදෙව් පවුල්වලට කොරීලගෙ ගෙදර රහසිගත නවාතැනක් වෙනව.

කෑම බීම.. ඉඳුම් හිටුම් දීල වෙලාව ආවම, රහසේම බ්‍රිතාන්‍ය.. ප්‍රංශය වගේ රටවලට පලා යන්න උදව් කරන්නෙ කොරීත් එයාගෙ පවුලෙ උදවියත් තමා.

මුලින්ම එයාලගෙ අම්ම මේකට ඒ තරම් කැමති නොවුනත් කොරීත් එයාගෙ අක්කත් බය නැතිව ඉදිරිපත් වෙන විදිහ දැකල අම්මත් මේ රහසිගත මෙහෙයුමට එකතු වෙනව.

උදේ පාන්දරම හෝ රෑ වෙලා බූම් පවුලට එකතු වෙන යුදෙව්වන් තවත් දවසක රෑ පානෙම පිටවෙලා යනව.

ලෙඩවෙලා හෝ බඩගින්නෙ ඉන්න පොඩිවුන්ට මේ අයගෙන් ලැබෙන්නෙ වැඩි සැලකිල්ලක්.

හැම දවසකම... අඩුම ගානෙ සරණාගතයො පස් හය දෙනෙක්වත් කොරීලගෙ ගෙදර නවාතැන් ගන්නව.

ගොඩක් පුංචි උන් කොරීට අම්මා කියල අමතන්න පුරුදු වෙනව.

කොහොම උනත් වැඩි කාලයක් මේ රහස් සැලසුම කරගෙන යන්න බැහැ ගෙස්තපෝ ඔත්තු කාරයො එක්ක.

ඒ 1944 පෙබරවාරි විසි අටවෙනිද.. ඕලන්ද ඔත්තු කාරයෙක්ගෙන් ඔත්තුවක් ලැබුනු නාසි පොලීසිය කොරීලගෙ ගෙදර වට කරනව.

පවුලේ හතර දෙනයි.. ගෙදර උදව්වට හිටපු අත් උදව්කාරියො දෙන්නයි හැමෝම අත් අඩංගුවට ගන්නව. මේ අයව කෙලින්ම යවනව ශෙවනින්ගන් හිර කඳවුරට. මේ හිර ගෙදර තියෙන්නෙ හේග් නුවර ආසන්නයේ සීතල මුහුදට මූන දීල.

මේ තමයි අවසානය ..

 

attamma 5

 

අහල පහල හැමෝම හිතනව.

පිටතට නොපෙන්නුවත් නගරයේ හැමෝම දුක් වෙනව. ඒ අය දන්නව

බූම් පවුලේ කවුරුවත් ආපහු දකින්න වෙන්නෙ නෑ කියල.

එයාලගෙ ගෙදර තිබිල.. බේත් හේත්.. වියලි ආහාර මළු.. දිග ගමන් වලට ලෑස්ති කරපු ගමන් මළු.. සිතියම් වගේ බොහොමයක් දේ හොයාගන්නව.

එතකොට සරණාගතයො... කෝ මේ සරණාගතයො.?

මොනව වුනත් බූම් පවුල කරල තියෙන්නෙ වරදක්. සමහර සිතියම් හෝ ගමන් මළු ලෑස්ති කරල තියෙන්නෙ මොකටද කියල නාසි හමුදාවට අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නෑ.

දවස් තුන හතරක්ම ගෙස්තපෝවරු ගේ ඇතුලෙත් අවටත් රැකවල් දානව.

හිර කඳවුරේ ඉන්න කොරීට කෑම අරන් යන අසල් වැසියෙක්ගෙන් එයාට ලැබෙනව පොඩි කොල කෑල්ලක ලියපු පණිවිඩයක්.

"නෝන කැබිනට් එකේ දාපු ඔර්ලෝසු හය කවුරුත් හොරකං කරේ නෑ."

"ඒව දාපු විදිහටම කැබිනට් එකේ ආරක්ශිතයි.. "

මේ පණිවිඩේ නාසින්ට නොතේරුනත් කොරීගෙ මූණට හිනාවක් අරන් එනව.

දවස් හතරකට පස්සෙ මේ අයත් එක්ක අත් අඩංගුවට ගත්ත අනිකුත් සැක කරුවන් තිස් දෙනෙක් විතර නිදහස් කරනව.

ඉතුරු වෙන්නෙ කොරීත්.. එයාගෙ අක්ක බෙට්සීත්.. තාත්ත කැස්පර් විතරයි.

මේ අයව හුදකලා කරපු වෙනත් හිර කඳවුරකට මාරු කරනව. දවස දහයකට පස්සෙ සීතලත් .... අඩු ආහාරත් හින්දම කැස්පර් මිය යනව.

මේ අක්කවයි නංගිවයි ලේසියෙන් නිදහස් කරන්න නාසීන් ලෑස්ති නැහැ.

මාස කීපයකට පස්සෙ කොරීගෙ නඩු විභාගෙදි කොරී කියනව "ඔව් මම උදව් කරා ඒ දුප්පතුන්ට.. හැබැයි උඹල කියන යුදෙව්වන්ට හෝ වෙනත් භූතයන්ට නෙවේ. මං උදව් කලේ ආබාධිත මිනිස්සුන්ට.. උඹල කියනව වගේ දෙයියන්න්ගෙන් දඬුවම් ලැබුනු පිස්සන්නට."

(අමතක කරන්න නරකයි නාසි පාලනය යටතේ සියළුම මානසික හා කායික ආබාධිතයන් මරා දැමීමට නියම වෙච්ච බව).

"උඹල අදහන දෙයියොම තමා මාත් අදහන්නෙ.. ඒ මිනිස්සු මෙහෙම මරල දාන්න උඹලගෙ දෙයියො අණ කරයි කියල මම හිතන්නෙ නෑ ."

"අනිත් කාරණේ බෙස්ටිගෙ කිසිම වරදක් නෑ.. මමයි එයාට බල කරේ මට උදව් කරන්න."

 

attamma 3

මේ දෙන්නව කෙලින්ම ගෑස් කාමරේට යවනව වෙනුවට රෙවන්ස්බුක් වද කඳවුරට යවනව.

මෙතන්දි මේ අක්කයි නංගියි ගොඩාක් උදව් කරනව මානසිකව වැටිල ඉන්න මිනිස්සුන්ට.

තමන්වත් ඉක්මනින්ම ගෑස් කාමරේක දැවෙන බව දැන දැනම මේ දෙන්න මිනිස්සුන්ගෙ දුක අහනව.. සමහරුන්ට යාඥ්ඥා කරන්න උදව් කරනව. පුළුවන් විදිහට හැමෝගෙම දුක සැප බලනව.

අඩු ආහාර.. දවස තිස්සෙම අධික වැඩ.. පහර දීම් නිසා අනිත් අය වගේම මේ අක්කයි නංගියිත් හොඳටම දුර්වල වෙනව.

1944 දෙසැම්බර් දාසය වෙනිද බෙට්සී මිය යනව කොරීව තනි කරල.

බෙට්සී තමයි කොරීට හිටපු එකම නෑයාත් මිත්‍රයාත්.

නමුත් කොයිම මොහොතකවත් අනිත් අයට උදව් කරන එකවත්.. තමන් කෙරෙහි ඇති තමන්ගෙ විශ්වාසය නැති කරගත්තෙවත් මේ ගැහැණිය නෙවෙයි.

කොරී එක්ක ඉන්න කණ්ඩායමේ හැමෝම ඇට සැකිලි වගේ..

බෙට්සීගෙ මරණයෙන් සතියකට පස්සෙ මේ හැමදෙනාවට ගෑස් කාමරේට යවන්න නාසීන් තීරණය කරනව.

ඒකට හේතු වෙන එක කාරණයක් තමයි මේ හැමෝම වැඩ කරන්න බැරි තරමට දුර්වල වීම... අනිත් දේ තමා නාසීන්ට යුද්ධයේ අත්වෙන අවාසිදායක තත්වය.

පුදුමයක්... අනිත් හැමෝවම ගෑස් කාමරේ මරණෙට යවද්දි කෝරිව නිදහස කරනව... ලිපි කරණයේ වරදක් කියල විතරයි නිදහස් කරපු ලිපියේ සඳහන් වෙන්නෙ.

කොරී නිදහස්.. ඒත් තට්ට තනියම ආපහු ගෙදර එනව.

1945 මැයි වෙද්දි දෙවනි ලෝක යුද්ධය අවසන් වෙනව. කොරී ආපහු සැරයක් එයාගෙ ගෙදර දොර අරිනව යුද්ධෙන් අනාථ වෙච්ච අසරණයන්ට.

කොරී බූම්ගෙ කතාව ඉක්මනින්ම හැම තැනම ප්‍රසිද්ධ වෙනව. හැම තැනින්ම එයාව අගය කරනව.

 

මාස ගාණකට පස්සෙ කොරී සංචාරයකට යනව ජර්මනියේ එයාව රඳවල හිටපු රාවෙන්ස්බෲක් කඳවුර බලන්න.

ඒ විතරක් නෙවේ හිර ගත කරල ඉද්දි කොරීටත් බෙට්සිටත් අමානුශිකව සලකපු නාසි නිළධාරීන් දෙන්නෙක්ව බලන්නත් කොරී යනව.

උඹල මටත් මගේ අක්කටත් ඇති වෙන්න පහර දුන්න උඹලගෙ බූට් සපත්තු වලින්. බෙට්සිගෙ බඩ තුවාල වෙලා ලේ ගැළුව.

එදත් මම ඇඬුවෙ නෑ.. අදත් අඬන්නෙ නෑ.

උඹල හිතනව ඇති මම උඹලත් එක්ක වෛරයෙන් ඉන්නෙ කියල.

කොහෙත්ම නෑ... මං උඹලට එදාම සමාව දුන්න. අදත් දෙවනි වරටත් සමාව දෙනව. උඹල උදව් ලැබිය යුතු පොඩි උන් විතරයි.

මේ කතාවත් එක්කම කොරීට හැම තැනින්ම ආරාධනා ගලාගෙන එනව.

ලෝකෙ රටවල් හැටකට අධික ගාණක කොරී සංචාරය කරනව දේශණ පවත්වමින් .. මිනිස්සුන්ව දිරිමත් කරමින්.

එයා රටින් රටට කියමින් යනව යුද්ධයේ ආදීනව ගැන.

යුද්ධය තියෙන්නෙ ජාතීන් අතර නෙවේ... බලයට කෑදර කපටි නායකයින් අතර. අපි දුප්පත් මිනිස්සු කරන්න ඕනෙ ධනවතුන්ගෙ යුද්ධය කරන එක නෙවේ.. සාමයත් ප්‍රේමයත් බෙදන එක. කොරීගෙ දේශණා වල එයා මේ වගේ කතා ගොඩක් කියනව.

1971 දී කොරීගෙ පලවෙනි කතාව කියවන්න ලෝකයට අවස්ථාව ලැබෙනව.

ඒ පොතේ නම හැංගෙන තැන. ( The Hiding Place. )

 

attamma 2

 

කොරීගෙත් .. බූම් පවුලේ හැමෝගෙම උදව්වෙන් යුදෙව්වන් 800 කට වැඩි ප්‍රමාණයක් දිවි ගලවාගෙන ගිහින් තියනව.

ඒ අය අද ලෝකය වටේම.

කොරීගෙ උදව්වෙන් යුදෙව් පොඩි උන් සිය ගාණක් සුව වෙලා තියනව.

ඒ හැම පොඩි එකෙක්ටම අම්ම තමා කොරී.

එතකොට කොහොමද ගෙස්තපෝ පොලීසිය බූම් පවුලෙ මහ ගෙදර වට කරද්දි එකම යුදෙව්වෙක් වත් ගෙදර නොහිටියේ.?

ඒක තමයි අර පොතේ නම හැංගුන තැන.

නාසින්ගෙ වැටලීමක් මුල ඉඳලම බලාපොරොත්තු වූ කොරී නිවාස සැලසුම් කරුවෙකුගේත්.. හිතවත් මේසන් බාස් වරු දෙදෙනෙකුගේත් උදව්වෙන් කොරීලගෙ ගෙදර රහස් කාමරයක් ඉදි කරල තියනව.

අල්මාරියක් ඇතුලෙන් ඇතුල් වෙන්න පුළුවන් මේ රහස් කාමරේ කිසිම කෙනෙකුට පිටතින් පේන්නෙ නැති වෙන්න හදපු එකක් .

ගෙස්තපෝ පොලීසිය කොරීලගෙ ගෙදර වටලද්දිත් පොඩි උන් දෙන්නෙක් එක්ක යුදෙව්වො හය දෙනෙක් මේ ගෙදර ඉඳල තියනව.

අන්න ඒකයි ඔබේ වටිනා ඔරළෝසු හය අල්මාරියේ සුරක්ශිතයි කියන්නෙ.

පහු කාලීනව මේ අය කොරීට හමුවෙනව.

1975 වසරෙදි ලෝකෙ පුරාම කතා භහට ලක්වෙන ද හයිඩින්ග් ප්ලේස් චිත්‍රපටිය තිරගත වෙනව.

මේ පිංතූරෙ හැමෝගෙම ඇස් කඳුළෙන් පුරෝනව.

මොනව වුනත් එක වරක් යුද්ධෙකට සහභාගි වුනොත් උඹට හැමදාම සතුරෙක් ඉන්නව කියල කතාවක් තියනව.

ඒ නිසාමදෝ 1977 දී කොරී යුරෝපය අතෑරල ඇමරිකාවෙ පදිංචියට යනව.

කැලිෆෝනියා ප්‍රාන්ථයේ සුන්දර ගමක එයා ජීවත් වෙනව 1983 වෙනකල්.

කොරීට ලැබුණු නම්බු නාම.. සම්මාන නිමක් නෑ.. ලෝක නායකයො කොරී ලඟට ආව සමරු සම්මාන ගන්න. ඒ කිසිවකින් මේ අත්තම්ම හිස උදුම්මා ගත්තෙ නෑ.

එයාගෙ නමින් ආරම්භ වුනු සංගම් වලින් ලෝකෙ පුරාම යුද්ධෙන් අනාථ වූ මිනිස්සුන්ට උදව් උපකාර කරනව.

කොරී ටෙන් බූම්ගෙ නමින් එයා ජීවත් වුණු හාර්ලෙම් නගරයේ ලස්සන කෞතුකාගාරයක් තියනව. ඒක හරි සංවේදී තැනක්.

කෝර්නෙලියා ටෙන් බූම්.. මේ සටහන ඔබ වෙනුවෙන්.

 Corie Ten Boom 1892- 1983)

ජීවත් වුනත් මැරුනු සේ සලකන කපටි මිනිස්සු අතරෙ ඔබ තාමත් ජීවත් වෙනව. අපි තාමත් ඔබ ගැන කතා කරනව.

විල්මා.. ටෙස්ලා.. රිචර්ඩ් විලියම්ස්... ඕද්‍රෙ හෙප්බර්න් වගේ නම් වලට තවත් නමක් එකතු වුනා.

ආදරණීය කොරී... ස්තුතියි.

 

නවතම ලිපි