නාදියා නදීමි... මලාලා ....
දෙවැනි නම ජනප්‍රිය වුවද, මුල් නම ජනප්‍රිය නැහැ.
මුල් නම හිමිකාරිත්වය දරන්නේ ප්‍රකට කාන්තා පාපන්දු ක්‍රීඩිකාවක්.
දෙවැනි නමේ හිමිකරු ලොව ලාබාලතම නොබෙල් සාම ත්‍යාගලාභීනිය.
නාදියා නදීමි, ඇෆ්ගනිස්තානයේ උපත ලබා හැදී වැඩෙමින් සිටියදී , සිය පියා මරා දැමීමේ කම්පනයෙන් සංවේගශීලී වු කුඩා දැරියක්. ඒ කාලේ ඇයට අවුරුදු 11ක්. පියා ඇෆ්ගන් යුධ හමුදාවේ, සාමාජිකයෙක්. පියා ඝාතනය වුවාට පසු ඇය සිය පවුලේ සාමාජිකයන් සමඟ ට්‍රක් රථයක පිටුපස එල්ලී දුර කතර ගෙවා ඩෙන්මාර්කයට පළා එනවා. ඒ, තලේබාන්වරුන් ගෙන් දිවි බේරා ගැනීමේ අදහසින්.
1988 ජනවාරි 2 වැනිදා ඇෆ්ගනිස්තානයේ හීරමි හි උපත ලැබු ඈ, දැන් අඩි 5 අඟල් 9 ක් උසැති ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩිකාවක්. ඇය දැන්, ඩැනීෂ් පාපන්දු කණ්ඩායමට නැතිවම බැරි ක්‍රීඩිකාවක් ලෙසයි, හැඳින්විය හැක්කේ.
පළමු පෙළ තරඟාවලිවලදී ගෝල 200 ක් රැස් කරගෙන ඇති ඇය, ඩැනීෂ් පාපන්දු කණ්ඩායම නියොජනය කරමින් තරඟ 99 කට සහභාගී වී තිබෙනවා.
උසස් අධ්‍යාපනය සඳහා වෛද්‍ය විද්‍යාව තෝරා ගත් නාදියා, දැන් ශෛල්‍ය වෛද්‍යවරියක්.
භාෂා 11 ක් චතුර ලෙස හැසිරවිය හැකි ඇයට, පසුගියදා අන්තර් ජාතික ගෞරවයක් ද ලැබුණා.
ෆෝබ්ස් සඟරාව විසින් ඇයව අන්තර් ජාතික ක්‍රීඩා ක්ෂෙත්‍රයේ ලොව බලවත්ම කාන්තා ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබුවා.
එමෙන්ම, ප්‍රංශ විවෘත කාන්තා පාපන්දු තරඟාවලියේදී (2020-21) ඇය දස්කම් පෑ ක්‍රීඩිකාවක් ලෙසට ද නම් කෙරුණා.
මලාලා 1997 ජුලි 12 වැනිදා පකිස්තානයේ රමණීය ස්ටැට් නිම්නයේ උපත ලැබුවා. පාසැල් දැරියක සිටියදීම ඇය ළමා අධ්‍යාපන අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගු නිසාම තලේබාන් ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක් වුණා. ඒ බිහිසුණු වෙඩි ප්‍රහාරයෙන් ඇය බරපතල තුවාල ලැබුවා. අනතුරුව , එවකට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් ගේ විශේෂ ඉල්ලීම මත ඇය සිය පවුලේ සාමාජිකයන් සමඟ බ්‍රිතාන්‍ය යේ බර්මිංහැම්හි ක්වීන් එලිසෙබෙත් රෝහලට ආවේ ප්‍රතිකාර සඳහා.
අනතුරුව බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලද ඇය, උසස් අධ්‍යාපනය ලැබුවේ කීර්තිමත් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන්.
ඇය, දැන් මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙනුවෙන් විශාල මෙහෙයක් සිදු කරනවා.
සිය නමින්ම ඒ සඳහා පදනමක්ද පිහිටුවා ගත් ඇයට ඇමරිකානු ජනප්‍රිය නිළි ඇන්ජලීනා ජොලී පෞද්ගලික මුදලින්, ඩොලර් 200, 000 ක් ලබාදුන්නා.
ඇමරිකානු ජනප්‍රිය පොප් ගායිකා , අමරණීය නිළි, මැඩෝනා සිය ගීතයක් වෙන් කළේ මලාලාට උපහාර ලෙසින්. එහි නම human nature යන්නයි. එම කලාංගය ලොව සෑබෑ මනුස්සකමට උපහාරයක්. ඇමරිකානු පළමු ආර්යා ලෝරා බුෂ්ද මලාලාගේ එඩිතරබව දැඩි සේ පැසසුමට ලක් කළා.
මලාලා ලඟදී විවාහ වුණා. ඒ ඉතා සරල හා චාම් උත්සවයක් අරගෙන.
මේ කතාව මට ලියන්න හිතුණේ, මුස්ලිම් දැරියන් තිදෙනෙකු පෞද්ගලික නිදහස පතා නිවසින් බැහැරව ගොස් ආතක් පාතක් රැකවරණයක් නැතිව සිය නිවසටම පැමිණි කතාව අහලා. මුස්ලිම් සමාජයේ ඇතැම් පුද්ගලයන් ගේ දැඩි තීරණ ඉවසා ගත නොහැකිව, දරුවන් මෙවැනි දේට විරෝධය පළ කරන්නේ පෞද්ගලික කැරලිකරුවන් ලෙසින්. සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් හා ධර්මයට අනුකූලව ශරීරය උලුප්පා දැක්වීම සිදු කරන්න බැහැ. එහෙත්, අධ්‍යාපනය, ස්ත්‍රී අභිමතය, මානව නිදහස, අන්තවාදී හා මිසදිටු අදහස් පිටුදැකීම වැනි දේ පිළිබඳව අප අවධානය යොමු කරන්න ඔිනෑ.
ළමා මනස හා තාරුණ්‍ය ඉල්ලන "නිදහස" ඔවුන් ගේ පෞරුෂ වර්ධනයේම කොටසක්. නිදහස පාලනය කීරීමට ගන්නා උත්සාහයන්, හැඳින්විය හැක්කේ අධිකාරී බලය අත්තනෝමතිකව මනස මත පැටවීමට ගන්නා උත්සහයක් ලෙසින්.
ආගම, ශික්ෂාකාමී ගුණයෙන් යුතු සංකල්පයක් නම් මානව හා පෞද්ගලික නිදහසද එහි පුර්ව උපසර්ගයක් විය යුතුයි.
සිත හා කය පාලනය , නීතිමය රාමුවකට යටත් කළ නොහැකි සේම, කාන්තා පීඩනය ද නීතිමය සංදර්භයක් තුළ පුරුෂ මුලිකව හැසිර විය නොහැකි බවට මෙරටින් ලැබුණු කදිම උදාහරණයයි, මාලිගාවත්තේ දැරියන් තිදෙනා සිය නිවසින් පළා යාම.
ස්ත්‍රී හා පුරුෂ විමුක්තිය වෙනුවෙන් අතීත ග්‍රීක සාහිත්‍යයේ සිට හින්දු වේදය දක්වාත් ,
ස්ත්‍රී දෙවිවරුන් අදහන පෙරදිග සමාජයක් බිහිවුයේත් ඔවුන්ව අදටත් වන්දනාමාන කරන්නේත්, ස්ත්‍රීය"කදම්බයක්" ලෙස උත්කෘෂ්ටභාවයට පත් කරන්නට පෙරදිග සමාජයේ කැටපතක් ලෙස නාදියා හා මලාලා හැඳින්විය නොහැක්කේද?