SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇල්බට් අයින්සටයින් ගැන නොදන්න කෙනෙක් ඉන්නව නම් ඒක පුදුමයක්. එයා කියපු ප්‍රසිද්ධ කියමන් වලින් එකක් තමයි..

අනන්තය...
“විශ්වයේ හා මිනිසාගේ මෝඩකම් වලට ඉමක් කොනක් නැත. මට සැකයක් තියෙන්නෙ විශ්වයේ ඉම ගැන විතරයි.”
( Two things are infinite: The Universe and the Human stupidity; and I am not sure about universe )

දවසක් අයින්ස්ට මහත්තයා ගිහිල්ල තියනව විශ්ව විද්‍යාලයකට පොඩි දේශණයක් පවත්වන්න.

එයා පටන් ගන්නව,
9 X 1 = 9
9 X 2 = 18
9 X 3 = 27
9 X 4 = 36
9 X 5 = 45
9 X 6 = 54
9 X 7 = 63
9 X 8 = 72
9 X 9 = 81
9 X 10 = 91

නම වරක් නමය අසූ එකයි කියන තැනට එනකල් කිසි සද්දයක් නැතුව අහගෙන හිටපු පිරිස නම වරක් දහය අනූ එකයි කියපු ගමන් මහ හයියෙන් හිනාවෙනව.

අයින්ස්ටයින් කියනව... “නම වරක් එකේ ඉඳල නම වරක් නමය දක්වා මම හරියම ගණනය කරා.. හරි උත්තර දුන්නා. නමුත් කවුරුත් මට ස්තුති කරේ නෑ. කිසිම කෙනෙක් අත්පුඩියක් වත් ගැහුවෙ නෑ.”
“නමුත් මම වැරැද්දුවේ එක පාරයි.. නම වරක් දහය අනූ එකයි කියපු ගමන් හැමෝම හිනාවෙනව. හරියට මම වැරැද්දක් කරනකල් බලාගෙන හිටිය වගේ”.

“මෙන්න මේක තමයි මනුස්සයාගෙ ස්වභාවය. ජීවිතය පුරාම හැමදේම හරියට කරල ඔබට එක තැනක් වැරදුනොත් ඇති මිනිස්සුන්ට ඒක මතක තියෙන්න. ඒ මෝඩ ප්‍රථිචාරය කිසිම විටක මායිම් කරන්න එපා. ඔබ ඔබේ ගමන යා යුත්තේ සමාජයේ ප්‍රථිචාර බලාපොරොප්ත්තුවෙන් නෙවේ.”


මේක අයින්ස්ටයින් මහත්තයාට සිද්ධ වුනු කතාවක්ද කියල මම හරියටම දන්නෙ නෑ.
නමුත් පණිවිඩය ඉතාම පැහැදිලියි.

නමුත් දේශපාලනය සම්භන්ධයෙන් සිද්ධ වෙන්නෙ මීට සම්පූර්ණයෙන්ම ප්‍රථි විරුද්ධ ක්‍රියාවක්.

විශේෂයෙන්ම මවාගත් ප්‍රභූ දේශපානයක් තියන ‍රටවල් ගැන සලකල බැලුවොත්.

රටේ රජු හෝ ජනාධිපති කියනව.
9 X 1 = 8
9 X 2 = 19
9 X 3 = 26
9 X 4 = 38
9 X 5 = 42
9 X 6 = 55
9 X 7 = 60
9 X 8 = 75
9 X 9 = 81
9 X 10 = 94

නම වරක් අට කියන තැනට එනකල් සද්ද නැතිව හිටපු ජනතාව නම වරක් නමයට එන උත්තරේ කියපු ගමන් ප්‍රීති ඝෝශා කරන්න ගන්නව. ඒ අයට නම වරක් දහයට දුන්නු උත්තරේ ඇහෙන්නෙවත් නෑ.. ප්‍රීති ඝෝශා නිසා.

මෙන්න මේක තමයි ලංකාව වගේ රටවල සිද්ධ වෙන්නෙ. ජනතාව බොරු හා වංචාවන්ට කොයිතරම් හුරුවෙලාද කියනව නම් පාලකයන්ට ඕනෙම දෙයක් කියන්න පුළුවන්.. ඕනෙම තක්කඩි වැඩක් කරන්න පුළුවන්. කිසි කෙනෙක් සද්දයක් නෑ..
නිහඬතාවයට හේතුව මොකද්ද ඇහුවොත්... “කවුරු ආවත් ඔච්චරයි”.. “අපි හම්බු කරොත් අපි කනව”… “අපිට ඕවගෙන් වැඩක් නෑ” වගේ උත්තර ලැබේවි.



නමුත් දහයෙන් එක උත්තරයක් හරියට දුන්නොත් ලෝකෙම විශ්මයට පත්වුනා වගේ ප්‍රීති ඝෝශා කරනව.
හේතුව තමයි සතුටු වෙන්න වෙන කිසිම හේතුවක් ඒ අයට නොමැති කම. වහල් කම හා දීන කමත් ජනමාධ්‍ය මගින් කරන රැවටිල්ලත් මීට හේතු වෙනව.

නාමල3

පාලකයන් පත්වෙන්න ජනතාවගෙ ඡන්ද‌යෙන්.

වංචා කිරීම.. බොරු පොරොන්දු හා කපටිකම හරහා වුනත් ඒ අය බලයට එන්නෙ මිනිස්සුන්ගෙ ඡන්දයෙන්. ඒ අය වැඩ කරන්නෙ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින්.
නමුත් ලංකාවෙ බොහෝ දෙනා ඔල්වරසන් දෙනව ඒ දන්ඩක් හැදුවත්.

ඒක හරියට තමන්ගෙ බැංකු කාඩ් එක ඒටීම් මැශින් එකට දාල ඒකෙන් රුපියල් දාහෙ නෝට්ටුවක් එද්දි අප්පුඩි ගහනව වගේ වැඩක්.
මුදල් අයිති කාරයාට අමතකයි ඒ තමන්ගෙ සල්ලි කියල.

මෙන්න මේක තමයි අයින්සටයින් කලින් කියපු මිනිසාගේ කෙලවරක් නැති මෝඩකම.

එලවළු .. හාල්.. ගෑස්.. සීනි ටික විතරක් නෙවේ විදුලි බලයත් නැතිවෙලා ලෝකෙ දුප්පත්ම රාජ්‍ය වලින් එකක් බවට ලංකාව පත්වුනේ ලංකාවෙ වරින් වර හිටපු පාලකයන්ගේ වංචාවලින් බව ලෝකයටම රහසක් නෙවේ.
මේ හින්දම බොහෝ දෙනා කියනව ඊ ලඟ පාර සහෝදරයන්ගේ ආන්ඩුව පරාද වේවි කියල.
නමුත් සමනල කන්දෙන් ඉගිල්ලිලා ආපු කොබෝ නයෙක් දළදා මාලිගාවට ඇතුල් වුනා වගේ කතාවකුත්... ලෝකයේ ලොකුම පන්සල අම්පාරේ ඉදිකිරීම වගේ පුංචි සිද්ධි දෙක තුනක් ඇති හාල් , ගෑස් පෝලිම් අමතක කරල හුරේ දාන්න.

271610183 4814750685234482 7450084182502663017 n

ලෝක ඉතිහාසය පුරාම මේ වගේ දේ සිද්ධ වුනා. නමුත් ලෝකයේ බොහෝ රටවල මිනිසුන්ව ගොණාට අන්දන්න මේ කාලෙ අමාරුයි.

මේකට දෙන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි මොස්කව් නගරයේ උමං දුම්රිය ස්ථාන. එක්දාස් නමසිය තිස් ගණන් වල ජෝසප් ස්ටාලින් නම් ඒකාධිපති පාලකයා තමන්ගෙ බලය තහවුරු කරගනිමින් හිටියෙ බොහොම කෲර පාලනයකින්. දුප්පත් කමින් පීඩා විඳින මිනිස්සුන්ගෙ විරෝධය නවත්තන්න එයා මොකද කරේ.
එයා උපදෙස් දුන්න උමං දුම්රිය ස්ථාන හැම එකක්ම මාලිගාවල් වගේ ලස්සන කරන්න කියල. වර්ණවත් චිත්‍ර, රන් පාට විදුලි ආවරණ.. දිලිසෙන පඩිපලවල්.. හරියට සුරංගනා කතාවල වගේ.

මීටර් දහයෙ පහලවේ තට්ටු නිවාස කාමරයක බොහොම අමාරුවෙන් ජීවත්වෙන කම්කරු පවුල් මේ දුම්රිය ස්ථාන දැකල ඔල්වරසන් දුන්න.

ජනයා 1

තව උදාහරණයක් දෙන්න පුළුවන් ඉතාලියෙන්.

ඉතාලියේ ලස්සන නිර්මාණ අතරින් මම කැමතිම සිව් ගංගා වතුර උල්පතට. ( Fountain of Four Rivers)
මේකෙ වැඩ ඉවර වුනේ 1651 අවුරුද්දෙ.
ඉන්දියාවේ ගංගා.. අප්‍රිකාවේ නයිල්.. යුරෝපයේ ඩැනියුබ් හා දකුණු ඇමරිකාවේ රියෝ ද ලා ප්ලාටා යන ගංගා හතර නියෝජනය වෙන විදිහට මේ ෆවුන්ටේන් එක නිර්මාණය කරල තියෙන්නෙ.
මේ කාලෙ රෝමෙ ජනතාව දුප්පත් .. ඒ අයට පිරිසිඳු වතුර වගේම ආහාරත් ලොකු ප්‍රශ්ණයක් වෙලා තිබුනෙ.
මෙන්න මේ අතරෙයි මේ මහා වතුරමල හදන්න ගත්තෙ. ඒක දැකල මිනිස්සු පුදුම වුනා.. ප්‍රීති ඝෝශා තිබ්බ.
මේ වතුර මලට කියන තවත් නමක් තමයි ෆවුන්ටේන් ද පාං.
පාං දිය උල්පත. ( පාන් කියන්නෙ ඉතාලි හා ප්‍රංශ වචනයක්)
ඒකට හේතුව තමයි මේ නිරමාණයට ගිය අධික වියදම රෝම නගරයේ ආණ්ඩුව පියවා ගත්තෙ දුප්පත් මිනිස්සුන්ගෙ පාං වලින් බදු අය කරල.
පාං මිළ ඉහල ගියාට දිය උල්පත දැකල ඒ අය බොහොම සතුටු වුනා.

people 1

මිනිසාගේ නිමක් නොමැති මෝඩකම් හොඳින්ම හඳුනගත්ත පාලකයා දිය යුතු කැරට් අලේ මොකද්ද කියල හොඳටම දන්නව.

පහුගිය දවසක ලංකාවෙ තේ දළු නෙලන කාන්තාවක් කියල තිබුන ඒ මහත්තයා බලයට ආවොත් පාං පිටි මිළ අඩු කරල දෙනව කීව මහත්තයෝ. ඒකයි මං එතුමට ඡන්දෙ දුන්නෙ.
මේ වගේ දුප්පත් මිනිස්සු ගැන අපි මොනවද දන්නෙ.



බත් පැකට් එකටයි.. රබර් සෙරෙප්පු ජෝඩුවටයි.. රැවටෙන මිනිස්සු ඉන්න රටක දේශපාලකයින් හැමදාම පෝසත් ඒ නිසයි.

විශ්වයේ ඉම ගැන සැක පහල කරපු අයින්ස්ටයින් මිනිසුන්ගේ මෝඩකම් වල ඉමක් නොදැකපු එක පුදුමයක්ද?

marrikkar

නවතම ලිපි