in Memory of Mailvahanam Nimalarajan
1993 නොවැම්බර් මාසයේ හමුදාව හැර කිසිදු සිංහලයකු යාපනයට නොයන සමයක අනවසරයෙන් යාපනයට ගිය මාධ්‍යවේදීන් සිවු දෙනාගෙන් මම ද එකෙකි. එම ගමනේදී අපට අපූරු මිතුරකු හමුවිය. ඒ මිතුරා අද වන විට ජීවතුන් අතර නොමැති වුවද ඔහු පිළිබඳ මතකය සදානුස්මරණයය.
අප යාපනයට ගියේ අනවසරයෙනි. අපට රජයෙන් අවසර ලැබුනේ මඩු පල්ලියේ විශාල අනාථ කඳවුර වෙත යාම ට පමණි. එහෙත් අප දිවි පරදුවට තබා යාපනයට යාමට තීරණය කළෙමු. අපේ ගමන පිළිබඳව දැන සිටියේ ප්‍රභාකරන්. ඇන්ටන් බාලසිංහම් තමිල් සෙල්වම් කරිකාලන් හා යාපනය දිසාපති මානික්කවාසගර් මහතා පමණි අප කිලාලි කලපුව තරණය කලේ අහසින් වැටෙන බෝම්බ මගහරිමිනි. එදින රාත්‍රියේ හමුදාව යාල් දෙවි මෙහෙයුම ආරම්බ කළේය.
දිනය 1993සැප්තැම්බර් 30වැනිදාය. යාල් දේවි මෙහෙයුම ඇරඹුන හෙයින් යාපනයේ විවිධ ප්‍රෙද්ශවලට අහසින් බෝම්බ පතිත වෙයි. අවට ඇති හමුදා කඳවුරුවලින් නිකුත් වන ෂෙල් වෙඩි නොනවත්වා පියඹා යනු පෙනිණි.
අප නැවතී සිටියේ යාපනයේ ඥාණම් හෝටලයේය. සතර අතින් නැගෙන වෙඩි හඬ අපේ දෙසවන් බිහිරි කරවයි. යුද කලාපය වෙත වෙත ගොස් එහි පවතින සත්‍ය තත්ත්වය වාර්තා කිරීමට අපට අවශ්‍ය වූ හෙයින් යුද කලාපයට අප කැඳවාගෙන යෑම සඳහා එල්ටීටීයේ මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර් (වේලායුදම් දයානිධි) එන තෙක් අපි කල්මරමින් සිටියෙමු. නාඳුනන තරුණයන් දෙදෙනකු අප සොයා ඥාණම් හෝටලයට පැමිණයේ ඒ අතරය.
තමන් ඊලනාදන් පුවත්පතේ මාධ්‍යෙව්දීන් දෙදෙනකු බවත් මින් ඉහත දකුණේ කිසිදු මාධ්‍යෙව්දියකු හමුවන්නට අවස්ථාවක් නොලද බවත් පැවසූ ඔවුන් අප හඳුනා ගැනීමට සතුටුයැයි පවසා ඔවුන්ගේ පුවත්පතට අප සමඟ සම්මුඛ සාකච්ඡාවක් ලබා ගැනීමටද අවශ්‍ය බවත් එක් තරුණයකු කියා සිටියේය.
එම තරුණයා සිහින් සිරුරකින් හෙබි පැහැපත් එකෙකි. ඔහු සුදු පැහැති ටෙරලින් කමිසයකින් හා දුඹුරු පැහැති කලිසමකින් සැරසී සිටි අතර රබර් සෙරෙප්පු යුවළක් පයේ පැළඳ සිටියේය. අනෙකා ඔහුගේ ඡායාරූප ශිල්පියා විය. සුදු කමිසයකින් සහ අඵ පැහැති කලිමකින් සැරසුණු ඔහු අත කැමරාවක් තිබිණි.
යාපනයේ උද්ධමනය අහස උසට නැග තිබූ එසමයේ ආහාරවල මිල ඉතා අධික විය. සාමාන්‍යෙයන් රාවය මාධ්‍යෙව්දීන් සිව්දෙනාගේ උදෑසන ආහාර වේල සඳහා රැපියල් 800ක් පමණ ගෙවන්නට සිදුවිය එක් අයෙකුගේ ආහාර වේල තෝස දෙකක්, ඉදිආප්ප කිහිපයක්. ඉස්සන් පිඟානකින් හා ප්ලේටියකිනුත් සමන්විත වූ අතර එදා කොළඹ පැවැති මිල මෙන් හතර පස් ගුණයකින් වැඩි වූයේය.ඔවුන් දෙදෙනා සාදරයෙන් පිළිගත් අපි අප සමඟ උදෑසන ආහාරය ගන්නා මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටියෙමු. ආහාරයෙන් පසු ඔවුනට අපෙන් අවශ්‍ය කුමක්දැයි විමසීමු.
යාපනයේ මෙතරම් බියකරු වාතාවරණයක් පවතිද්දී අප යාපනයට පැමිණියේ මන්දැයි හොඳින් සිංහල කතා කළ කෙසඟ තරුණයා අපෙන් විමසා සිටියේය.
කිසිදු සිංහල මාධ්‍යෙව්දියකු දස වසරකින් පමණ යාපනයට නොපැමිණි හෙයින් යාපනයේ සැබෑ මුහුණුවර කෙබඳුදැයි දැන ගැනීම සඳහා අප එහි පැමිණි බව කීවෙමු. සාකච්ඡාව බොහෝ වේලා ඇදී ගිය අතර එය අවසන් වන විට අපි ඉතා සමීප මිතුරන් බවට පත්ව සිටියෙමු. එවක යාපනයේ දැඩි විදුලිකෝෂ සහ ඡායාරූප දල සේයා පට හිඟයක් පැවැතියේය. ඒවා යාපනයට රැගෙන යෑමද තහනම් විය. ඒ කොටි ජොනි බට්ටන් (බිම්බෝම්බ වර්ගයක්) සෑදීම සඳහා බැටරි භාවිත කළ බැවිනි.අප යාපනයට යන බව කිසිවතු දැන සිටියේ නැත .
අපට රජයේ අවසරය ලැබී තිබුණේ මඩුපල්ලිය වෙත යෑමට පමණි.
අප යාපනයට නොව මඩුපල්ලියේ අනාථ කඳවුරු දැක ගැනීම සඳහා යන බවට වවුනියාවේ රම්‍ය නිවසේ සිටි භාණ්ඩ පරීක්ෂාවට ලක්කළ ඉහළ හමුදා නිලධාරියාට පැවසූ බැවින් ඔහු මා සතුව තිබූ බැටරි හෝ දල සේයාපට කිසිවක් තමන් භාරයට නොගෙන රැගෙන යන්නට මට අවසර දුන් බැවින් මා සතුව කලුසුදු හා වර්ණ දල සේයා පට සහ බැටරි විශාල ප්‍රමාණයක් විය. මම ඉන් බැටරි හා පටල පට කිහිපයක් ඔවුනට නිර්ලා්භිවම ලබා දුන්නේ ඒවා ඔවුනට මහඟු වස්තුවක් වූ බැවිනි.
එකල යාපනයට ප්‍රවෘත්ති පත්‍ර මුද්‍රණ කඩදාසි තිබුණේ නැත. ලැබුණු කෝටාව යාපනයට අවශ්‍ය පුවත්පත් ප්‍රමාණයන් හතරෙන් පංගුවක්වත් මුද්‍රණය කිරීමට ප්‍රමාණවත් නොවීය. එහෙයින් මේ මාධ්‍යෙව්දියෝ පුවත්පත් මුද්‍රණය කළේ ෆයිල්කවරවලය. පුවත්පත පිටු හතරකට සීමා විය. රූප රාමු 36 පටලපටයක් මාසයක පමණ කාලයකට පරිස්සම් කරගෙන ඡායාරූප ගත කරන්නට ඔවුනට සිදුවිය. පටල පටය යොදා ඡායාරූප ගන්නා ඔවුන් රසායනාගාරයේ එම කොටස කඩා ඉතිරි කොටස සුරක්ෂිතව තබා ගත්තේ ඊළඟ වාරයට අවශ්‍ය ඡායාරූප ගැනීම සඳහාය. ඕනෑම අවස්ථාවක එක් ඡායාරූපයක් හෝ දෙකකට වඩා ගැනීමට ඔවුනට හැකියාවක් නොතිබිණි. දල සේයා පටයක් හා වියලි කෝෂයක් ඔවුනට මහඟු වස්තුවක් වූයේ එහෙයිනි.
එල්.ටී.ටී.ඊය ජොනි බට්ටන් සෑදීම සඳහා යොදා ගත්තේ පෙන්ටෝච් බැටරි බැවින් ඒවා උතුරට තහනම් භාණ්ඩයක් විය. මා දුන් එකදු බැටරියක් හෝ එල්ටීටීඊයට නොයන බව මම සහතික වශයෙන්ම දැන සිටියෙමි.
එදා අප හඳුනාගත් තරුණයන්ගෙන් එක් අයෙක් වූයේ නිමලරාජන්ය. මයිල්වාහනම් නිමලරාජන් නම් වූ මේ මිතුරා ඉන්පසු දිගින් දිගටම අප හා සබඳතා පැවැත්වීය. ඔහුට යාපනයේ තොරතුරු රාවය පුවත්පතට ලියන්නට අවකාශ සැලසුණේ රාවය මාධ්‍යෙව්දීන් සමග ඇතිකරගත් මිතුදමේ ප්‍රතිඵලයක් ලෙසිනි. පසුව බී.බී.සී.යේ සිංහල සේවයට සම්බන්ධ වීමට ඔහුට මග සැලසුණේද රාවයට සම්බන්ධවීම තුළිනි.එතැන් සිට ඔහු මිය යන තෙක් ලොව පුරා සිටින ගුවන් විදුලි ශ්‍රාවකයන්ට බී.බී.සිය ඔස්සේ යාපනයේ සැබෑ පුවත් ගෙන ආවේය.
අප ඔහු ඇමතුවේ නිමල් කියාය.
සිංහල බස මැනවින් හැසිරවිය හැකි වූ නිමල් පීඩාවට පත් තම වර්ගයා පිළිබඳව ලොවට හඬනගා කීවේය. නිමල් මුලින්ම මාධ්‍ය කලාවට එක්වූයේ තම පියා සේවය කළ මුරසෝලි පුවත්පතිනි. ඔහුගේ පියා කොළඹ රජයේ මුද්‍රණාලයේ සේවකයකු විය. 1983 කළු ජූලියෙන් හිරිහැරයට ලක් වූ ඔහු තම දරු පවුලද රැගෙන යාපනයට ගියේය. මුද්‍රණ ක්ෂේත්‍රය හොඳින් දැන සිටි ඔහුට යාපනයේ පළ කෙරුණු මුරසෝලි පුවත්පතේ මුද්‍රණ අංශයේ රැකියාවක් ලැබිණි. නිමල්ද මුලින් මුද්‍රණ අංශයට සම්බන්ධව සිට පසුව මාණ්ඩලික වාර්තාකරුවකු බවට පත් විය.
ඉන්දීය හමුදාවේ ක්‍රියාකාරකම් විවේචනය කළ උතුරේ පුවත්පත් අතර මුරසෝලි හා ඊළමුරුසු පුවත්පත් ප්‍රධාන තැනක් ගත්තේය. එහි ප්‍රතිඵලය වූයේ එම පුවත්පත් දෙකටම බෝම්බ ප්‍රහාර එල්ල කිරීමය. ඊළමුරුසු පුවත්පතේ කතුවරයා යළි නව පුවත්පතක් ආරම්භ කිරීමට පියවර ගත්තේය. එය ඊළනාදම් විය. නිමලරාජන් එහි වාර්තාකරුවකු ලෙස සේවය කළේය.
උතුරේ සිවිල් ප්‍රජාව ඉලක්ක කර සිදුවූ බෝම්බ ප්‍රහාර පිළිබඳවත්, එල්. ටී. ටී. ඊයේ භීෂණය ගැනත් නිවැරදි තොරතුරු ගෙන ආවේ නිමල්ය. 2000 මැතිවරණයේ ඩෙල්ෆ්ට් හා කයිට්ස් දූපත්වල සිදු කෙරුණු මැතිවරණ දූෂණ ගැන ඔහු ලීවේය.
සියල්ල මැදිහත් ලෙසින් දකින්නට ඔහුට හැකිවිය. එහෙයින් එල්ටීටීයෙන්ද රජයේ හමුදාවන්ගෙන්ද පීඩාවට පත් දෙමළ ජනයා පිළිබඳව සැබෑ තොරතුරු ඔහු ලොවට සැපයීය. ඔහු අවංක, නිර්භීත හා මධ්‍යස්ථ මාධ්වේයදියකු විය. මේවා රජයට සම්බන්ධ ඇතැම් දෙමළ දේශපාලකයන් මෙන්ම එල්ටීටීඊයද අනෙකුත් ත්‍රස්ත සංවිධානද නොරිස්සීය.
2000 වසරේ ඔක්තෝබර් 19 වැනි දින ඔහු නොරිස්සූ ඔහුගේම වාර්ගිකයකු විසින් අපගේ ලෙන්ගතු මිතුරා ඝාතනය කෙරිණි. එවක 38 වැනි වියේ පසු වූ ඔහු මරා දැමුණේ වෙඩි ප්‍රහාරයකිනි. නිවෙසට බෝම්බ ප්‍රහාරයක්ද එල්ල කෙරිණි. එම ඝාතනය සිදුවූයේ ඇදිරි නීතිය පනවා තිබූ රැයෙකය.
එම මූසල රාත්‍රිෙය් නිමලරාජන් තම නිවෙසට වී ලිපියක්ම ලියමින් සිටියේය. තම මාරයා ඒ මොහොතේ තමන් අසල යැයි ඔහු කිසිවිටකත් නොසිතන්නට ඇත.
අඳුරේම නිවෙසට පැමිණි ඝාතකයා නිමල්ට වෙඩි තැබුවේය. මේ අතර තවකෙක් නිමල්ගේ 66හැවිරිදි පියා සංගරපිල්ලෙයි මයිල්වාහනම්ගේ මුහුණ දිගු පිහියකින් කපා දැමූවේය. ඉන්පසු නිවෙස තුළට බෝම්බ දෙකක් විසිකළ ඔවුහු පලා ගියහ. බෝම්බ ප්‍රහාරයෙන් නිමල්ගේ මව වූ 58 හැවිරිදි ලිලී මයිල්වාහනම් මහත්මිය සහ ඥාති පුත්‍ර 11හැවිරිදි ජෙගදාස් දරුණු ලෙස තුවාල ලැබුහ.
නිමලරාජන්ගේ නිවෙස පිහිටා තිබුණේ දැඩි ආරක්ෂක කලාපයකය. ඇඳිරි නීතිය පනවා තිබූ රැයෙක අධිආරක්ෂක කලාපයකට පැමිණ මිනිසකු මරා දමා නිදහසේ පලා යා හැක්කේ කාටද?
නැපෝලියන් නොහොත් සෙබස්තියන් පිල්ලෙයි රමේෂ් නම් පුද්ගලයකු ඔහු ඝාතනය කළ බවට ආරංචි පැතිර ගියේය.. එහෙත් ඔහු අත්අඩංගුවට ගැනුණේ නැත. දේශපාලන ආශීර්වාදය මැද ඔහුට රටින් පළා යන්නට හැකි විය. සැකපිට අත්අඩංගුවට ගත් කිහිප දෙනෙක් පසුව ඇප මත නිදහස් විය.ඔවුන් සියලු දෙනා ඊපීඩීපී සාමාජිකයෝ වූහ. එහෙයින් සැකය.ඊ.පී.ඩී.පී. සංවිධානය වෙත එල්ල විය. නිමල්ගේ මරණයට සමීපතම හේතුව කයිට්ස් දූපතේ සිදුවූ ඡන්ද මංකොල්ලය සම්බන්ධයෙන් ඔහු විසින් ලියන ලද ලිපිය විය හැකියැයි දෙමළ එක්සත් විමුක්ති පෙරමුණු ප්‍රකාශයකු කියා සිටියේය..
30 වසරක යුද්ධයේ තවත් එක් ගොදුරක් වූයේ නිමලරාජන්ය. උතුරේ සැබෑ තොරතුරු දකුණට නොලැබුණු සමයක මධ්‍යස්ථව සිටිමින් සියලු තොරතුරු ලොවට හෙළි කරනු ලැබුවේ ඔහුය. මේ වන විට ඔහු මියගොස් වසර 22කි. මෙම කෙටි සටහන අපගේ මිතුරාට උපහාරයක් ලෙසිනි.