මේ පින්තුරයේ ඉන්න කෞශල්‍යා ඔය ඇගේ ගොඩක් ලපටි තරුණ කාලේ ...
මගේ කල්පනාවේ හැටියට ඇය තමයි අයිරන්ගනී සේරසිංහගෙන් පස්සේ ලංකාවේ හොඳම නිළිය....එත් අයගේ හම කළු පැහැතියි .... එනිසා වේදිකාවේ ඇය පෙනී සිටින වාර ගණන සාමාන්‍ය අගයක් වුනද, සිනමාවේ ඇය පෙනී සිටින වාර ගණන බොහොම අඩු වුනා.
ඇයට සමකාලීනව සහ සමාන්තරව සිනමා රංගනයට ආපු සංගීතා වීරරත්න සහ යශෝදා විමලධර්ම යන නිළියන්ට වැඩි ඉඩක් ලැබුනා තරුණ කාලේ...එකට අවිඥානික හේතුව මේ නිලියන් දෙදෙනාගේ පොත්ත කෞශිට වඩා සාපේක්ෂව සුදුවීම. එහෙම නැතුව ඒ දෙන්නාගේ රංගන දක්ෂතාව කෞශල්‍යා තරම් අතිනිපුන හින්ද නෙවෙයි.
ඉතින් 80 දශකය පහුවෙනකොට වින්දනවාදී සිනමාව සම්භාව්‍ය සිනමාව පරයාගෙන තොරොම්බෝල් ආකාරයකින් පොරොප්ප වගේ ඉහල එනකොට, සුදු හම නිළි වෙළඳ භාණ්ඩයක හුවමාරු වටිනාකම බවට පත්උනා....ඒකෙන් අතිනිපුනතාවය අතිදක්ෂතාවය කරා මෙහෙයවගන්න ඇයට රංගන අවස්ථා හමු උනේ අඩුවෙන්... ඇය තරුණ කාලේ සිනමාව තුල ඇගේ මේ අතිනිපුනතාවයෙන් වැඩ ගත්තා බොහොම මදි....එකට හේතුව අගේ අදක්ෂතාවය හෝ ඇය අවලස්සන හින්දා නෙවෙයි .... ඇයගේ සමේ වර්ණයට සලකපු විදිහ ....
ලංකාව වසර 500ක් අල්ලාගන සිටියේ යුරෝපියානුවන්. ඒ අල්ලාගත් දින පටන් අපේ මිනිස්සු බහුතරයක් සුදු හැම ගැන හීනමානයකින් පෙලෙන්න ගත්තා. ඈත ගම්මාන වල හම්බානක කළු පාට දරුවන්ට පවා සුදූ කියන්න, සුදු පුතා, සුදු දුව කියන්න පටන් ගත්තා. සුද්දා කියන්නත් පටන් ගත්තා. බැරිවෙලාවත් ලංකා දූපත අවුරුදු 500ක් අල්ලාගෙන හිටියේ අප්‍රිකානු ජාතිකයින් නම්, කෞශල්‍යාට අම්බානක රඟපෑමේ අවස්ථා ලැබෙනවා සහතිකයි...
එනිසා කෞශල්‍යාගේ හැකියාවෙන් වැඩක් නොගත්තාට ලංකාවේ 80දශකයේ සිට පැවතුන අවිඥානිකව සුදු හැම ගැති රූපලාවනය කතිකාවෙන් හික්මිලා සිනමා පටවල කාස්ටින් කරපු අද්යක්ෂකවරු හා සහාය-අදයක්ෂ්කවරු ලජ්ජා වෙන්න ඕන, සුදු බයස් කලාවක නියලුනාට. එත් මට අනුව නම් 80දශකයේ ලංකාවේ බිහිවෙච්ච් රුවන් සම නිලියන් දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් තුසිතා ජයසුන්දර. අනික් කෙනා කෞශල්‍යා ප්‍රනාන්දු. තුසිතාව ලංකාව දන්නෙම නැහැ. එකට භේතුව ඇය කුඩා කල සිට ඉංග්‍රීසි බසින් පමණක් ගනුදෙනු කළ උසස් මධ්‍යම පන්තික වීම. ඇයට අය්රාන්ගනී වගේ ලංකාවේ සිංහල ඉංග්‍රීසි භාෂා දෙකම සමාන්තරව හසුරුවාගන්න බැරි උනා. ඒ නිසා ඇය ගිහින් නැවතුනේ යුරෝපයේ. ඒත් කෞශල්‍යාට තුසිතාට සාපේක්ෂව රටේ බිම් මට්ටමේ අත්දැකීම හසුකරගනීමේ සහ සිංහල භාෂාව හසුරුවා ගැනීමේ සහ අවම තරමින් භාෂා දෙකකින් වැඩ කරන්න පුළුවන්කම තිබුනා. ඒ නිසා ඈ තමයි රටේ හොඳම නිළිය. මමත් ඇගේ රසිකයෙක්...
ඒත් නිලියක් ලෙස වන වෘර්තීය ජීවිතය අතිබහුතර ප්‍රේක්ෂකත්වයක් තුලින් ඉහලට මතුවී නොඒම පසුපස අවිඥානික වර්ණභේදවාදයක් පවතිනවා. අන්තිමේදී සංගීතා වීරරත්න සහ යසෝදා විමලධර්ම යන දෙන්නා කරපු දේකුත් නැහැ. එක්කෙනෙක් රට ගියා, තව එක්කෙනෙක් මේ ලඟදි මහණ වුනා. කෞශල්‍යා විතරක් සියල්ල දරාගෙන නිස්සරනද්යාශයෙන් තමන්ගේ වගකීම ඉෂ්ට කරනවා.
ඒ ගැන අපේ කලා සංස්කෘතික සමාජය ලජ්ජා විය යුතුයි.