දහම්පාසල් ආපු දැරිවියක් නායක හාමුදුරුවන් අතින් දුෂණය වෙනවා.
ඒක දැකපු කොලු ගැටයෙක් ගාංඨාරේ ගහනවා.
ගමේ මිනිස්සු ඇවිත් විස්තරය අහනවා අහලා කොල්ලව ගස් බඳිනවා. ඒ කරලා ඌට කියනවා මේ සිද්දිය අහල ගම් වලට ආරංචි උනොත් ගමටම ලැජ්ජයි පාරේ බැහැලා යන්න බෑ . උඹ උඩ බිම බලන්නේ නැතුව උම්බෑ කිව්වට, පැහිච්ච වැඩිහිටියෝ හැටියට අපට එහෙම කරන්න බෑ. අපි විසඳුමක් දෙනකන් ඔහොම හිටු කියලා.
අර දැරිවිගේ දෙමව්පියෝ කියනවා මුලු ගමම දැනගත්තා වෙච්ච දේ..
මේකිගේත් තිබුන දාන්ගලේ අපි හිතුවා මොකක් හරි අඩවුවක් අල්ලාවි කියලා. දැන් ඉතින් කාසාදයක් කරගන්නේ කොහොමද? මේ ඔක්කොම මේ බූරු කොල්ලා ගාංඨාරේ ගහපු නිසා, මූට අමතක නොවෙන පාඩමක් උගන්නන්න ඕනේ කියලා.
පස්සේ දායකයොයි දෙමව්පියොයි හාමුදුරුවන්ගෙන් අහනවා අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ අතින් වරදක් උනා කියලා අපි නම් පිළිගන්නේ නෑ. මේක මුං දෙන්නගේ උප්පරවැට්ටියක්. අපි මොකද දැන් කරන්නේ? අපේ හාමුදුරුවනේ කියලා.
හාමුදුරුවෝ කියනවා මම කවදත් වැඩකරේ ආගමක් බේරගෙන ජාතියේ උන්නතියට. දැන් කරන්න තියෙන්නේ මුන් දෙන්නව බලෙන් හරි කසාද බන්දන්න කියලා.
අන්තිමට හැමෝම එකතුවෙලා කෙල්ලව කොල්ලට කසාද බන්ඳනවා.
දායකයෝ "යන්තං ඇති, උන්නාන්සෙගේ මොලේ තමා මොලේ. එසේ මෙසේ ප්‍රඤ්ඥාවක්ද? උන්නාන්සේ නිසා නවනිංගිරාවෙන් ගැලවුනා".
දෙමාපියන් කිව්වා, "මේ වෙච්ච සංගදියේ හැටියට හාමුදුරුවන්ගේ පිහිට නොවෙන්න මේකිට කසාදයක් කරනවා ඛොරු. අනේ පෙරුම් පුරන බෝසතෙක්, මතු බුදුවෙන්න ඕනෙ උන්නාන්සෙ "
කෙල්ල මෙහෙම කිව්වා, "මම මෙයැයිට කැමැත්තෙන් හිටියේ.. කොහොමින් හරි මට දැන් මෙයා මගේමනේ මට ඒ ඇති"
ගමේ අනිත් උන් කිව්වා, "මූද ගාංඨාරේ ගැහුවේ? දැන් හරිනේ "
ඔන්න ඕකයි පුතා ලංකාවේ තත්වේ.
බොරු කියලා හිතෙනවානම් අරගලේට දාන පොස්ටු බලපල්ලා
(උපුටා ගැනීමකි.ගෞරවය කතෘට හිමිවිය යුතුයි)
@Subhaga B. Herat ගේ මුහුණුපොතෙන්.