කළු ජාතික සුරංගනාවියෝ සුරංගනාවියෝ කිව්වම අපට මැවෙන්නේ දැන් තියෙන ලස්සන ගැන ස්ටීරියෝටයිප් ඇතුලේ මැවෙන රූපයක්.
අපි දැන් ඉන්නේ බටහිර ශිෂ්ඨාචාරය විසින් යටත්විජිතකරණයට ලක්වුනු ලෝකෙක. අපේ සංවර්ධන පරාමිතීන් විතරක් නෙවෙයි ලස්සන ගැන පරාමිතීන් පවා බටහිරයි. ඒ හින්දා ජනකතාවල හිටපු දිව්‍යාංගනාවියෝ මොන වගේද කියලා අපිට අදහසක් නෑ. නිකම් හිතෙන්නේ උනුත් සුද්දියෝ වගේ "ලස්සන" ඇති කියලා විතරයි. අප්‍රිකාවේ මිනිස්සුන්ට අප්‍රිකානු ජනකතාවල ඉන්න සුරංගනාවියෝ ගැන පවා දැන් වෙද්දි ඇතැම්විට මැවෙනවා ඇත්තේ අපිට වගේම බලය විසින් ස්ටීරියෝටයිප් කරවන ලද රූපයක් වෙන්න ඇති. පොලිටිකල් කරෙක්ට්නස් එන්නෙත් ඒ ස්ටීරියෝටයිප් එක ඇතුලෙන්මයි.
අපි මුලින්ම බාරගන්නවා ලස්සන කියන්නේ සුද්දෝ වගේ වෙන එක කියලා. ඉන් පස්සේ සුද්දෝ විසින් අපට කියනවා "අනේ නෑ ඔයාලත් ලස්සනයි, ඉන්න අපි ඔයාලව නෙට්ෆ්ලික්ස් කතාවක වීරයා කරන්නම්" කියලා. (කොච්චර නම් බලයක්ද?) ලෝකේ මේ පරාමිතීන්ගෙන් ගැලවෙන්නේ බලය බෙදීයාම එක්ක විතරයි. ඒ බෙදී යාමත් එක්ක අපට දකුණු ඉන්දියාවෙන් අයිශ්වර්යා රාජේශ්, අමාලා පෝල් වගේ සුදු නොවන ලස්සන ගැන අළුත් පරාමිතීන් සෙට් වෙනවා, දනුෂ් වගේ ඇඟ පතක් නැති වීරයෝ සෙට් වෙනවා. මට හිතෙන්නේ මේක නිකම්ම අහම්බයක් නෙවෙයි.
දෙමළ සිනමාව මාර බලවත් තැනක ප්ලේස් වීමත් එක්ක වෙන දෙයක්. ඔප්පා, ගුජුම්පියෝ වගේ කාන්තාවන්ට කිට්ටු පෙනුමක් තියෙන කොරියන් කොල්ලෝ මාර හැන්ඩියෝ විදියට ප්ලේස් වෙන්නෙත් උන්ගේ මියුසික් සහ ෆිල්ම් ලෝකේ ඉහළම තැනක ප්ලේස් වෙලා නිසා අර පර්සියන් රජ කුමාරියක්ගෙන් මිනිස්සු කීයක්ද මන්දා කැමැත්ත අහලා ඒකි බෑ කිව්ව නිසා සුයිසයිඩ් කරගත්තා කියලා යන පෝස්ට් එකට අපට හිනා ගියාට ඒ තමයි බලයේ ස්වභාවය. ලස්සන සාපේක්ෂයි කියන කතාවේ සාපේක්ෂ බව හැදිලා තියෙන්නෙත් බලය විසින් නිර්මාණය කරලා තියෙන "දෙන ලද ලස්සනට" සාපේක්ෂව. ලස්සන කියන්නේ හුදෙක් ලස්සන ගැන කතාවක් නෙවෙයි. ලස්සන කියන්නේ බලය ගැන කතාවක්.