දෙමස්සිනෝ මිනිබිරිය සමග
වාසුදේව මෙරට දේශපාලනයට කරමින් තිබෙන කෙංගෙඩියක් පවතීද?
මම හිතන්නේ ඔහුගේ දායකත්වය ද බොහෝ කුඩා වාමාංශික කණ්ඩායම්වල දේශපාලන දායකත්වය වැනිම දෙයක් බවයි. 1977 මහ මැතිවරණය තුළින් අහෝසි වුන මෙරට සම්ප්රදායික වමේ පැවැත්ම තහවුරු කරගැනීමට නැවත යම්තම් හෝ අවස්ථාව ලැබෙන්නේ 1994 චන්ද්රිකා බණ්ඩාරනායකගේ ආගමනයෙන් පසුවය. ඉන්පසු පොදුජන/SLFP දේශපාලනය තුළ පැරණි වාමාංශිකයාට යම් ඉඩක් මතුවිය.
ඒ එජාපයේ කඩාවැටීමට සාපේක්ෂවය. ජවිපෙ ඔලුව හංගා ගත්තේ ද එම කඳවුර තුළමය. කුඩා පක්ෂවලට සංධාන දේශපාලනය තුළ සිය අනන්‍යතාවය තහවුරු කරගන්නේ කෙසේද යන බරපතල ගැටලුව තිබේ. තම අනන්‍යතාවයට තර්ජනයක් වන හැමවිටම ජවිපෙ එම සංධානවලින් එළියට පැමිණ තිබේ. වන්ද්රිකාගේ ආණ්ඩුවෙන් ජවිපෙ එළියට ආවේ දෙමළ ජනයාට වෙනම පාලන ඒකකයක් ලැබෙයි කියන බයට හා එලෙස ලැබුණොත් එම 'පාපකර්මයට' හසුවීමේ ආනිසංස ලෙස එම පක්ෂය බෞද්ධ කදවුරෙන් ප්රතික්ෂේප වේය යන බිය නිසාය. බෞද්ධ කදවුරේ දේශපාලන අධානග්රාහීත්වයට බියවුනේ වමේ/ සමාජවාදී ජව්පෙය. එකල එයට වාසු බියවුනේ නැත. ඊළගට උතුරට බෝම්බ දැමීමට ජවිපෙ හා මහින්ද එක්විය. එහි වාසුත් සිටියේය. වාසු හැම විටම මෙම කදවුර අත්නොහරිමින් සිට ඇත.
නමුත් වාසුට බලය බෙදීම ගැන ජවිපෙට වඩා යහපත් ස්ථාවරයක් ඇත. එයට පක්ෂව ඔහු පෙනීසිටී.
පසුගිය කාලවල පොහොට්ටුව ගොඩ නැගීම තුළ වාසු සිටියේය. ඒ ජාත්‍යන්තර මට්ටමේ වාමාංශික උපායක කොටස්කරුවෙක් ලෙසය. පොහොට්ටුව චීනයේ මෙරට නියෝජනය යි. චීනය වමේය. ජවිපෙද එය කියයි. එබැවින් වාසුට අනුව බටහිර කදවුරට එරෙහිව තෝරාගත යුත්තේ පොහොට්ටුවයි.
ජවිපෙ චීන කදවුර සමග යටින් කටයුතු කරන ගමන් උඩින් යහපාලනයට පක්ෂය. නමුත් මහින්ද පිළිබද ලව් එකක් පැවතීම ඔවුන්ගේ ප්රමුඛ පෙළේ නායකයන්ගේ ලක්ෂ්ණයයි. වාසුට ද පැරණි මහින්ද ගැන, පාගමන් ගිය මහින්ද ගැන ලව් එකක් ඇත. ඒ අතින් මහින්දට අද උඩින් වෛරකලාට ජවිපෙ මෙන්ම වාසුලා ද එකතුව මහින්ද ගොඩ නැගුවේය. මූලෝපායිකව පැරණි සහ නව ජවිපෙ වමේ උපාය එයවිය. ජවිපෙ එම උපායෙන් එළියට ගන්නට අනුර උත්සාහ කළේය. ලාල් එයට විරුද්ධය. වාසු සහ මෙරට වම සැබවින්ම තවම දේශපාලනයට පිවිසෙන්නේ වම/දකුණ පිළිබදව ජාත්‍යන්තරවාදී දැක්මකිනි. එයට ගෝලීයකරණය විශ්වාසකරන පසුනූතන වමේ පරම්පරාව එකග නොවන නිසා වාසුට ජාතිවාදී ලේබලය ඇලවීමට ඔවුන් පසුබට නොවෙයි.
@ Athulasiri samarakon