SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වාණිජ වශයෙන් ලෝකයේ වඩාත්ම සාර්ථක චිත්‍රපට අධ්‍යක්ෂ සේ ගැනෙන  ස්ටීවන් ස්පීල්බර්ග් ගේ "ද ටර්මිනල්" චිත්‍රපටයට ආභාෂය ලබා දුන් ඉරාන

ජාතික ම‍ෙහ්රාන් කරීමි නසේරි (Mehran Karimi Nasseri) වසර 18 ක් තිස්සේ ජීවත් වූ පැරිසියේ චාල්ස් ඩි ගෝල් (Charles de Gaulle) ගුවන් තොටුපලේදී හෘදයාබාධයකින් මියගොස් තිබේ. 

රාජ්‍ය තාන්ත්‍රික උභතෝකෝටිකයකට මැදිව 1988 දී චාල්ස් ඩි ගෝල් ගුවන් තොටුපළේ කුඩා ප්‍රදේශයක් තම නිවහන බවට පත් කර ගත් නසේරි 1988 සිට 2006 දක්වා එම ගුවන් තොටුපලේ 1 වැනි පර්යන්තයේ දිවි ගෙවීය.

 terminal2

ඔහුගේ ජීවිත අත්දැකීම් ඇසුරින් 2004 දී ට‍ොම් හෑන්ක්ස් රගපෑ "ද ටර්මිනල්” නිෂ්පාදනය විය.

නසේරි හට පසුකාලීනව ප්‍රංශයේ ජීවත් වීමේ අයිතිය ලබා දී ඇති නමුත්, ‍ම‍ෙයට සති කිහිපයකට පෙර ඔහු නැවත ගුවන් තොටුපළට පැමිණ ඇති අතර එහිදී ඔහු ස්වභාවික හේතු නිසා මිය ‍ගොස් ඇති බව ගුවන් තොටුපල නිලධාරීන් පවසා තිබේ.

චාල්ස් ඩි ගෝල් ගුවන් තොටුපලේ "සර් ඇල්ෆ්‍රඩ්" ලෙසින්ද හදුන්වනු ලැබූ ඔහු, "ද ටර්මිනල්” චිත්‍රපටය නිකුත් වූ වසරේම “ද ටර්මිනල් මෑන්” නම් පොත ප්‍රකාශයට පත් කරමින් සිය අත්දැකීම් හෙළිදරව් කිරීමට කටයුතු කළේය.

 

terminal3

 

1974 දී ඉගෙනීම සඳහා එංගලන්තයට ගිය ඔහු, නැවත ඉරානයට පැමිණීමත් සමඟ දේශපාලන ක්‍රියාකාරකම් ‍හේතු‍ව‍ෙන් සිරගත කරනු ලැබීය. පසුව ඔහුව වසරක කාලයක් සඳහා පමණක් වලංගු විදේශ ගමන් බලපත්‍රයක් සහිතව ඉරානයෙන් නෙරපා හරිනු ලැබීය.

1988 දී චාල්ස් ඩි ගෝල් ගුවන් තොටුපළට යන අතරමගදී ‍ක‍ොල්ලකෑමකට ලක්ව, ඔහුට ඔහුගේ සියලුම ලියකියවිලි අහිමි වී තිබේ.

ඒ අනුව, ලන්ඩනයට පියාසර කරන ගුවන් යානයකට ගොඩ වූ ඔහුට නිසි ලියකියවිලි නොමැති වීම ‍නිසා නැවත පැරිසියට පිටමංකර යවන ලදී.

 

terminal4

එහිදී ගුවන් තොටුපළෙන් පිටව යාමට ගත් උත්සාහයකදී අත්අඩංගුවට ගන්නා ලද  ඔහුට අනවසර  සංක්‍රමණිකයකු ලෙස සිරදඬුවම් නියම කරන ලදුව, මාස හයක කාලයක් සිරගතව සිටීමට සිදුවූ බව ඔහු සිය ‍කෘති‍ය‍ෙන් ‍හ‍ෙලි කරයි. සිරග‍ෙයින් නිදහස් වූ පසු, ඔහු චාල්ස් ඩි ගෝල් ගුවන් තොටුපළ වෙත නැවත පැමිණ තිබේ.

රැස්කරගත් දේ සහිත ට්‍රොලි වලින් වට කරගත් බංකුවක් මත වැතිර, සටහන් පොතක තම ජීවිතය සටහන් කරමින්, ‍ප‍ොත්පත් හා පුවත්පත් කියවමින් ඔහු දිවි ගෙවීය.

 

terminal5

ස්ටීවන් ස්පීල්බර්ග් ගේ "ද ටර්මිනල්" චිත්‍රපටය

 

ඔහුගේ කතාව ජාත්‍යන්තර මාධ්‍ය ‍ම‍ෙන්ම සුප්‍රසිද්ධ හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂක ස්ටීවල් ස්පිල්බර්ග් ගේ අවධානයට ද යොමු විය.

පසුකාලීනව 1999 දී සරණාගත තත්ත්වය මෙන්ම ප්‍රංශයේ රැඳී සිටීමට අයිතිය ඔහුට ලබා දුන්නද, 2006 දී අසනීප තත්වයක් ‍නිසා ප්‍රතිකාර ගැනීමට රෝහල් ගත කරන තෙක්ම ගුවන් තොටුපළේ රැඳී සිටීමට ඔහු කටයුතු කර ඇත. ඉන්පසු "ද ටර්මිනල්” චිත්‍රපටය ‍ව‍ෙනුව‍ෙන් ලැබුණු මුදලින්, ඔහු නේවාසිකාගාරයක ජීවත් වී තිබේ.

හොලිවුඩ් චිත්‍රපටයකට මෙන්ම, ඔහුගේ කතාව “Tombés du ciel” (අහසින් වැටුණ) නමින් ප්‍රංශ චිත්‍රපටයකට සහ “Flight” (ගුවන් ගමන) නමින් ඉංග්‍රීසි බසින් වූ ඔපෙරාවක් සඳහා ද පාදක වී ඇත.

 

 

රජීව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් ලෙසින් විඳිමින් සිටි සිර දඬුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදහස් කරනු ලැබූ ශාන්තන්, රොබර්ට් පයාස් සහ ජයකුමාර් ඉදිරි දින 10ක පමණ කාලය තුලදී ලංකාවට පිටුවහල් කරන බව තිරුචියේ ප්‍රධාන පරිපාලන නිලධාරී එම් ප්‍රදීප් කුමාර් පවසයි. දැනට ඒ තිදෙනා ඉන්නේ ලාංකික සරණාගතයන් සඳහා වන විශේෂ කඳවුරකය.

 

@Theleader.lk

marrikkar

නවතම ලිපි