SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉරාජ් සහ දිලිත් කරපු Youtube සාකච්ඡාව ටිකක් බැලුවා.

මාධ්‍ය හා දේශපාලනයට අදාළව දිලිත් කියපු කරුණු දෙකක් ගැන විතරයි කියන්න ඕන.

 

01. ගෝඨාභයට සහ පොහොට්ටුවට "දෙරණ" උදව් කිරීම ගැන දිලිත්ගේ උත්තරය මෙහෙම එකක්.

"දෙරණට මම බලපෑම් කරන්නේ නෑ. ඒත් මම බලපෑම් කරන රටාවක් තියෙනවා. ඒක සියලු මාධ්‍යයන්ට අදාළවයි. මම Communication Strategist කෙනෙක්. මට මාධ්‍යයේ යම් අරමුණක් ඉටු කරගන්න තිබේ නම්, මම ඒකට අවශ්‍ය විෂය මූලික හා මනෝ මූලික පරිසරය නිර්මාණය කරනවා. එතකොට විශේෂයෙන් දෙරණ වගේ නාලිකාවක් ඒක පික් කරනවා"

මේ කතාවත් එක්ක තේරුම් ගන්න පුළුවන් "කැළණියේ ගඟෙන් නයෙක් මතුවීම", "කැළණිය පන්සලේදී හාමුදුරුවරුන් රට ගැන ප්‍රාර්ථනාවක් කරමින් පොහොට්ටුවක් පූජා කරන ලෙස සැදැහැවතුන්ගේ අතට දීම", "ධම්මික නැමැත්තෙක් කොවිඩ් සුව කිරීමේ පැණියක් නිෂ්පාදනය කිරීම", "වඳ පෙති - වඳ කොත්තු" වගේ දේවල් විෂය මූලික හා මනෝ මූලික ස්ට්‍රැටජි එකක් යටතේ සිදුවුනු බව. ඒ කියන්නේ ඒ වගේ දේවල් තමන් ප්ලාන්ට් කරන බව දිලිත් කියනවා.

ඉහත දේවල් ඔහු කළාද නැද්ද අප නොදන්නවා වුණත් ඔහුගේ අදහස් දැක්වීම අනුව පොළොවේ යථාර්ථය තේරුම් ගෙන "දෙරණ" නාලිකාව ඒවා පික් කර තිබෙනවා. ඒකෙන් මිනිස්සු ඇන්දෙනවාද නැද්ද යන්න තමන්ට අදාළ නොවන බව දිලිත්ගේ අදහස වෙන්නත් ඇති.

02. විවිධ සංවර්ධන ව්‍යාපෘති සහ හොරකම් ගැන දිලිත් කියන්නේ මෙහෙම කතාවක්.

"ලංකාවේ ඔක්කොම ජාවාරම් කළේ ප්‍රොජෙක්ට්වලින්. යාළුවොන්ට ප්‍රොජෙක්ට් දෙමින් තිබුණේ. ගෝඨාභය ජනාධිපතිතුමා ඔක්කොම ප්‍රොජෙක් නැවැත්තුවා. ඒවායින් ප්‍රතිලාභ ලැබූ පවුලේ සාමාජිකයෝ තැති ගත්තා. මහින්ද රාජපක්ෂ හරහා පවුලේ අය දාපු කැබිනට් පත්‍රිකා ජනාධිපතිතුමා ප්‍රතික්ෂේප කළා. එතකොට පවුලේ විරෝධය වැඩි වුණා."

දිලිත්ගේ මේ කතාවෙන්, පවුලේ හොරකම්වලට නායකත්වය දෙන්නේ මහින්ද රාජපක්ෂ බව කියවෙනවා. මේ කියන කෙනා වගේම අනෙක් සියල්ලන්ද ජීවතුන් අතර ඉන්න අය. කාටවත් මේවා බොරු කියලා කියන්න අමාරුයි.

ඒත් පුදුමය කියන්නේ අප යමක් කීවම රාජපක්ෂලා මොනවද හොරකම් කළේ කියලා අහන යාළුවන් තවමත් අප අතර ඉන්නවා. Mahinda Pathirana වගේ රාජපක්ෂලාට ඇලුනු කොහොල්ලෑ බබෙක් එහෙම අහන එකේ ගැටළුවක් නෑ. ඒත් අපේ වෙනත් උගත් බුද්ධිමත් එවුන් ගැන තමයි හිතා ගන්න බැරි.

මං උන්ට කියන්නේ දිලිත්ලා වගේ කඩේ පලයල්ලා. ඒකට කමක් නෑ. ඒත් දිලිත්ලා වගේ ඇත්ත කියන්න හෝ පිළිගන්නත් පොඩ්ඩක් හරි ඉගෙන ගනිල්ලා. දිලිත්ලා, ඉරාජ්ලා හොඳයි. උන් බිස්නස් වෙනුවෙන් හරි ගහගෙන යන වෙලාවේ පිදුරු ගහේ එල්ලෙන්න ඕන කියලා හිතලා හරි ඇත්ත පොඩ්ඩක් කියනවා.

දැන් ඉතිං මේ වීඩියෝ එක ගැනත් පොඩ්ඩක් කියන්න ඕන. පලාත් පාලන ඡන්දේ අත ළඟ නිසා "අපි හිතන තරම් අපිරිසිදු නෑ" කියලා පෙන්වන්න හෝ පව් සෝදා ගැනීම පිණිස දිලිත් සහ ඉරාජ් මේක කරපු බව පේනවා. ඒ වගේම තවත් රාජපක්ෂලාගෙන් ඇති වැඩක් නෑ වගේ දෙයකුත් හිතනවා වෙන්න පුළුවන්. ඒ වගේම අළුත් රැල්ලත් එක්ක එකතු වෙන්නත් උවමනාවක් තියෙනවා වෙන්නත් බැරි නෑ.

ජවිපෙ අනුර කුමාරලාට උදව් කරන්න සූදානම් බව දිලිත් අවස්ථා කිහිපයකදීම කියනවා. ප්ලාන්ට් එකකින් පොලිටිකල් ගේම් එකක් ප්ලේ කිරීමේ කලාවෙන් උදව් කරන්න කැමතියි වගේ අදහසක් තමයි ඔහු දක්වන්නේ හෝ අප තේරුම්ගත යුතු වන්නෙත්.

ලංකාවේ මාධ්‍ය හා ප්‍රභූන් මෙතෙක් කලක් ජනමතය හැසිරවූවා. මෙවර මාලිමාවට ජනතා රැල්ලක් ඇත්නම් මාධ්‍ය දූෂකයන්ගේ මාධ්‍ය අල්ලස් නොගැනීම ඔවුන්ගේද වගකීමක්. එසේ නොවුන හොත් මෙකී මුදලාලිලාට අවශ්‍ය ආකාරයටත් නටන්න සිද්ධ වනවා නොඅනුමානයි.

@|Mahinda Rubasingheගේ මුහුණු පොතෙන් උපුටාගැනුනි.

marrikkar

නවතම ලිපි