SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නගරයෙන් ගමට පසු බසිමු!

පිරිමින් වෙනුවට ස්ත්‍රීන් බලසතු කරමු!!

ලොකුවට සිතීම නතර කොට පොඩියට සිතමු!!!

ලංකාවට අද අවශ්‍ය ලොකුවට හිතන විකල්පයක් නෙවෙයි. පොඩියට හිතන විකල්පයක්.

 

|නාගරීකත්වය මත පදනම් වූ විකල්පයක් නොවෙයි.

ග්‍රාමීයත්වය මත පදනම් වූ විකල්පයක්.

 

ආදායම් වැඩි කරගන්නේ කොහොමද කියන එක ගැන හිතන විකල්පයක් නෙවෙයි.

වියදම් අඩු කරගන්නෙ කොහොමද කියල හිතන විකල්පයක්.

 

වැඩියෙන් ගමන් යන්නෙ කොහොමද කියල හිතන විකල්පයක් නෙවෙයි.

අඩුවෙන් ගමන් යන්නෙ කොහොමද කියල හිතන විකල්පයක්.

 

හැමෝටම කාර් එකක්, ත්‍රී වීල් එකක්, හෝ අඩුම තරමින් මෝටර් සයිකලයක්වත් ගන්න එක ගැන හිතන විකල්පයක් නෙවෙයි,

ප්‍රධාන ප්‍රවාහන මාධයය කෝච්චිය, බස්එක, බයිසිකලය කියල හිතල වැඩ කරන විකල්පයක්.

 

පිරිමින්ට නොව ස්ත්‍රීන්ට වැඩියෙන් ආකර්ශනීය විකල්පයක්.

 

මෙවැනි විකල්පයක් පැත්තට ආණ්ඩුකරණය තල්ලු කළ හැකි විභවයක් හෝ තියෙන්නේ ජාතික ජන බලවේගය සතුව විතරයි.

ඒ.. ඒ අය මොනව හිතුවත් ජාතික ජනබලවේගය කියන්නේ ගැමියන්ගේ ව්‍යාපාරයක් නිසා.

ලොකුවට හිතන්න බැරි පොඩියට හිතන්න පුළුවන් ව්‍යාපාරයක් නිසා.

නගරයේ ජීවත් වෙන හැටි නොදන්න ව්‍යාපාරයක් නිසා.

 

නිර්මාල් දේවසිරි

 

@Nirmal Dewasiri fb page

marrikkar

නවතම ලිපි