SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන විවාදය පිළිබඳව කරන කතාබහේදී මම පළමුවෙන්ම කැමතියි, ඒ ජනාධිපතිතුමාගේ කතාව තුලත් ඒක පදනම් කරගත්තු මේ විවාදය තුළත් මතු වෙච්ච බරපතල ප්‍රතිවිරෝධතාවන්, ද්විඝටනයන් අර රිප්ල් ඉෆෙක්ට්ස් ගොඩක් තිබෙනවා.

මම කැමතියි ඉන්  කිහිපයක් ගැන ඉතාම කෙටියෙන් අදහස් දක්වන්න. ඉන් පළවෙනි කාරණය තමයි පලවෙනි වතාවට මේ සභාවේ බොහොම ගෞරවයෙන් කාරුණිකව විපක්ෂයට ආරාධනාවක් කරා. මීට ඉස්සෙල්ලා අපි දැක්කේ, විපක්ෂෙට ඇගිල්ල දික් කරලා කියනවා, Shut & Sitdown.

 

පෙබරවාරි මාසේ එතුමා මේ සභාවේ ඉඳන් විපක්ෂයට අපි එකතු වෙලා ගමනක් යමුයි කියලා ආරාධනා කරනවා. ජනවාරි මාසේ එතුමා මොකක්ද කළේ?  1972 ඉදලා මේ රටේ ගරු N.M. පෙරේරා මුදල් ඇමතිතුමාගේ කාලේ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවෙන් ආරම්භ කරපු විමධ්‍යගත යෝජනා ක්‍රමය.

 

පලවෙනි වතාවට එය ආන්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු අත පමණක් සංසරණය වෙන විදියට බොහෝම නිර්මාණශීලී යෝජනාවක් ගෙනාවා. ඒක විපක්ෂයට දෙන්නේ නෑ කියලා කිව්වේ නෑ, හැබැයි. දැන් මේ වතාවේ ඉඳලා ඒක ලැබෙන්නේ නැහැ. මට සභාගත කරන්න පුළුවන් පහුගිය මැතිවරණයේ නාම යෝජනා පත්‍ර භාර දීපු ආණ්ඩු පක්ෂයේ ඒ ඒ කොට්ඨාස මන්ත්‍රීන්ගේ යෝජනාව දීපු චක්‍රලේඛන පවා මට සභාගත කන්න පුළුවන්. එතකොට ජනාධිපතිතුමා කරන යෝජනාව අවංක යෝජනාවක්ද?

 

ජනවාරි මාසේ පලවෙනි වතාවට අවුරුදු 50 ක් විතර භුක්ති විඳපු වරප්‍රසාද..., වරප්‍රසාදයක් නෙමෙයි මේ බදු මුදල්, විමධ්‍යගත ප්‍රතිපාදන කියන්නේ ගරු සභාපතිතුමියනි බදු මුදල්.  මේ බදු මුදල් වැඩි කරලා තියෙනවා IMF හෝ කාගේ උවමනාවට.  වැඩි කරපු බදු මුදල් ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පමණක් දෙන්නට ඕනේ කියලා. මේක IMF එක පවා නැවත හිතන්න ඕනේ කාරනාවක්. එහෙම කොහොමද බදු මුදල් වියදම් කරන්නේ, එක පක්ෂෙක නියෝජිතයන් අතරේ? හැබැයි ජනාධිපතුමා ඒකට නායකත්වය දීලා තියෙනවා. ඒක තමයි පලවෙනි ද්විඝටනය. Online Safety Bill එක ගැන අපි කතා කලා, මේ සභාවේ විපක්ෂයේ හඬට කිසිසේත්ම ඇහුම්කන් දුන්නේ නෑ. ජාත්‍යන්තර ප්‍රජාවගේ, Top 10 Tech Giant ලගේ, මානව හිමිකම් සංවිධාන වල කිසිම අනුකූලතාවයක් දැක්වූයේ නෑ. බදු වැඩි කරද්දි, විපක්ෂෙට ඇහුම්කන් දුන්නේ නෑ. කිසිම ආකාරයක සංවේදීබවක් තිබ්බේ නෑ. ඒ කිසිම තැනක සංවේදි නොවී, විපක්ෂයේ උද්ඝෝශණ වලට පහර දෙනවා. මතයක් ප්‍රකාශ කරන්න තිබ්බ අයිතිය උදුරා ගත්තා. ප්‍රධාන විපක්ෂයට පවා. ඉතින් එහෙම දේ කරලා අවසානයේ ඉල්ලීමක් කරනවා. ඒක නීරෝගේ විණා වාදනයක් ද කියලා කියන්න මම දන්නේ නෑ. පසුබිමේ තත්වය තේරුම් අරගෙන. කෙසේ වෙතත්,

මට මේක දැනෙන්නේ ගරු සභාපතිතුමියනි, අපි තුන් සිල්පදය ආරක්ෂා කරගමු කියල වෛශ්‍යාවක්, ධාර්මික සමාජයට කරන ආරාධනාවක් විදියට, තමයි මම මේක කියවගන්නේ.

එතුමට අපහාසයක් කරන්න නෙවෙයි, අගෞරවයක් කරන්න නෙවෙයි. මේ පලවෙනි ද්විඝටනය. දෙවෙනි එක, මගේ මිත්‍ර මහින්දානන්ද අලුත්ගමගේ මැතුතුමා එදා සභාවෙදි කිව්වා, ජනාධිපතිතුමාගේ කතාවටත් මුදල් අමාත්‍යංශය ලනු දීලා තිබුනා කියලා. සාවාද්‍ය තොරතුරු සපයලා තිබ්බා කියලා. මහින්දානන්ද මැතිතුමා ඉතා වගකීමෙන් කීවා. මුදල් අමාත්‍යංශය ගැන එසේ කතා කිරීමට ඔහුට තිබ්බ කශේරුකාව ගැන මම ස්තූතිවන්ත වෙනවා. හැබැයි, එයින් පේන්නේ මොකක්ද? මුදල් ඇමතිවරයා විදියට ඉන්න රාජ්‍ය නායකයට ලනුවක් දෙන්න භාණ්ඩාගාරය සුදානම් උනා නම්, එතුමා කියන විදියට, මේ රටේ ජනතාවට දෙවියන්ගේ පිහිටවත් ඉතුරු වෙයිද? ඒ තොරතුරු මත නේ මේ සියලු බදු අප මත පටවන්නේ? සමජය මත පටවලා තියෙන්නේ? එහෙම වැරද්දක් වෙන්න පුලුවන්ද මුදල් අමාත්‍යංශයට මුදල් ඇමතිවරයා උනු රාජ්‍ය නායකයට තොරතුරු ඉදිරිපත් කිරීමේදි? ජනතාවගේ කාගෙවත් පිහිටක් නෑ කියන එක තමයි ඒකෙන් තහවුරු වෙන්නේ. ඒකේ ඊලඟ කාරණය,

 

ඊලඟ කාරණේ, ගරු මන්ත්‍රිතුමියනි, මීට පෙරින් කතා කලා බන්දුල ගුණවර්ධන ඇමතිතුමා, ජනාධිපතිතුමාගේ කතාවෙදිත් කීවා, මේ රටේ තියෙන්නේ, දේශපාලන අර්බුදයක් නෙවෙයි ආර්ථික අර්බුදයක් කියලා. ආර්ථික අර්බුදයට අපි උත්තර හොයන්න ඕනේ කියලා. දැන් මේකේ ඇතුලේ, ආර්ථික අර්බුදයක් කියන්නේ මොකක්ද? ආර්ථික අර්බුදයේ මව් පාර්ශවය තමයි දේශපාලන අර්බුදය. අද මේ රටේ තිබිච්ච දේශපාලන අර්බුදය, එක පාර්ශවයක් එක් පුදගලයෙක්, මේ ජනාධිපතිතුමා විතරක් වග කියන්න ඕනේ කියලා මම කියන්නේ නෑ, අපිත් ඒ විත්ති කූඩුවේ ඉන්නේ. කිසිම තර්ක්යක් නෑ ඒක ගැන කියන්න. හැබැයි, මේ දිගුකාලීන දේශපාලන් අර්බුදයක් ප්‍රතිපල විදියට, අග්‍ර ඵලය විදියට අද සංස්කෘතිමය වශයෙන් ආර්ථිකමය වශයෙන් සමාජීය වශයෙන් අපි බරපතල පීඩාවට පත් වෙලා තියෙනවා රටක් විදියට. මේ තමයි යථාර්ථය.

 

මේක දේශපාලන අර්බුදයක් නෙවෙයි කියලා කියන්න කාටවත් බෑ. ඒක තමයි මව් අර්බුදය තියෙන්නේ, ගර්භාශය තියෙන්නේ දේශපාලන අර්බුදයේ. ඒක තමයි අපි අද මේ අත් විදින්නේ. හැබැයි කොම්පැනියක්දි නම්, ජනාධිපතිතුමා හිතන විදියට,  කොම්පැනියක අර්බුදයක් තියෙනකොට, සේවකයෝ අයින් කරනවා, එක්කෝ පඩි කපනවා, එක්කෝ දේපල විකුණනවා. ඒ නිසා දේශපාලන අර්බුදයක් නෙවෙයි කියන එකේ පසුබිමේ තියෙන්නේ, මොකක්ද? අසංවේදීකම.

 

ඒ වෙනුවෙන් තමන්ට අර කොම්පැනියක තීන්දු ගත්තා වගේ, තීන්දු ගැනීමේ හැකියාව තමයි මේ කියන්නේ. ඒ තුන්වෙනි කාරණය. ඒ නිසා අඩු ගානේ, ආන්ඩුව ආර්ථික අර්බුදය ගැන කතා කරනවා නම් අවම වශයෙන්, දැන් IMF කියන එක, පරම විසඳුම විදියට, එකම විසඳුම විදියට, පිලිගන්න නායකයෙක් ආණ්ඩුවත් මේ විධායකයත්.

 

ඔව්, ඇත්ත සභාපතිතුමියනි,

පරම විසදුමක විදියට IMF තිබිච්ච ඉතිහාසයක් තිබුනා. ඒ ඉතිහාසය මොකක්ද? ඇමරිකාව ලෝකේ ආර්ථික බලවතා වෙච්ච ඉතිහාසය. ඒ වෙලාවේ ඔව් IMF පරම විසඳුම. හැබැයි ඩිව් ගුණසේකර, අපේ ශේෂ්ට දේශපාලකයෙක් ඉන්නවා රට ඇතුලේ, එතුමා කියන විදියට අද, ඇමරිකාවෙන් ආසියාවට ප්‍රාග්ධනය මාරු වෙලා තියෙන බව, තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා IMF කියන්නේ එක විසඳුමක් විනා, පරම විසඳුම නෙවෙයි. ඒ නිසා IMF සරණං ගච්ඡාමි කියන ශික්ෂා පදය, සමාදන් වීම පමණක් මේකට විසඳුමක් නෙවෙයි. ඒක තමයි ආන්ඩුව සම්මාදන් වෙන ශික්ෂා පදය. එතනින් මිදෙන්නට ඕනේ කියන එකයි අපි කියන්නේ.

 

ගරු සභාපතුතුමියනි, ඒ වගේම, උල්කාපාත වේගෙන් කඩා වැටුනු ආර්ථිකය, රොකට් වේගයෙන්, ඉහල ගියා කියලා ජනාධිපතිතුමා කීවා. අපි පොඩි කාලේ රමේෂ් ඇමතිතුමනි, කොපි පොත් වල කොල කඩලා රොකට් යවනවා ඉහලට. එහෙමද කියලා මම දන්නේ නෑ. හැබැයි බදු බරයි, බඩු මිලයි, විදුලි මිලයි, ජල බිලයි හැර රොකට් වේගෙන් ඉහලට ගියපු වෙන එකක් මම දන්නේ නෑ.

 

මම අවසාන වශයෙන් ඔබතුමියගෙන් කාලය ඉල්ලනවා, එතුමා.., කීවා අපේ රටේ සැබෑ ජාතික සම්පත අපේ තරුණ පරපුර. එය රැක ගැනීම අපේ ඒකායන අරමුණයි. රට ආරක්ෂාවෙන්නේ තරුණ දරු පරපුර ආරක්ෂා උනොත් විතරයි. මේ ප්‍රකාශය ඉතාම හොඳයි. ප්‍රකාශයේ කිසි ගැටලුවක් නෑ. හැබැයි මේ තරුණ දරු පරපුරට මොකක්ද අද වෙලා තියෙන්නේ. අපේ ඉතිහාසයේ නෙවෙයි දකුණු ආසියාවේ ඉතිහාසයේ පලමු වතාවට, පොත් වලට වැට් ගැහුවා. ඔබතුමිය අහලා තියෙනවද, දැනුමට වැට් ගහන රටක්? බුද්ධියට වැට් ගහන රටක් අහලා තියෙනවද? තියෙනවා ශ්‍රී ලංකාව. අපි යුනෙස්කෝ ප්‍රඥඥප්තියෙන්, ෆොලොරන්ස් ගිවිසුමෙන්, බැදිලා ඉන්නවා, සංස්කෘතිය, අධ්‍යාපන වැනි කාරණා වලට අදාල ද්‍රව්‍ය ආනයනය කිරීමේදී, වැට් හෝ බදු වර්ග ආදේශ කරන්නේ නෑ කියලා. ඒ යුනෙස්කෝ ගිවිසුමත් උල්ලංඝණය කරලා. ඒ විතරක් නෙවෙයි දැන් දරුවන්ගේ තත්වේ මොකක්ද? සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, කරපු Household Survey on Impact of Economic Crisis - 2023 එකෙන්, මොකක්ද සභාපතිතුමියනි, ප්‍රතිපලේ...

 

මේක කියන්න මට ඉඩදෙන්න. සමස්ත සිසු පරපුරෙන් 55%ක්, ආර්ථික අවපාතයට ගොඳුරු වෙලා තියෙනවා. මින්, 53%ක්, ඒ කියන්නේ, මිලියන දෙකක් විතර, තමන් පාවිච්චි කරන ඇඳුම්, පොත් පත්, සපත්තු මිලදී ගැනීම අඩු කරලා තියෙනවා. ඔබතුමිය විශ්වාස කරනවද සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙන් 3%ක්, පාසල් අත්හැර තියෙනවා. ඒ ලක්ෂයකට වැඩි පිරිසක්. ඒ විතරක් නෙවෙයි 10%ක් පාසල් පැමිනීම අඛණ්ඩව සිද්ධ කරන් නෑ.

 

ලක්ෂ 11 කට දිවාආහාර දෙනවා. දිවා ආහාරය ගන්න විතරක් දරුවෝ ඉස්කෝලේ එනවා. මම මාස 9ක් අධ්‍යාපන ඇමති මම දන්නවා. සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා කැබිනට් ප්‍රතිකාවක් දැම්මා මාස 11ට ඉස්සෙල්ලා. මේ ලක්ෂ 11 සාධාරණ නෑ, ලක්ෂ 20 කරන්න කියලා. තවම මුදල් අමාත්‍යංශෙයෙන් ඒකට අවසර දුන්නේ නෑ. ජනාදිපතිතුමාගේ අවසරය දුන්නේ නෑ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් කෑම වේලට ගෙවන්නේ රුපියල් 85යි. කෑම දෙන්න බෑ. ඒ නිසා. ඉතාම බරපතල තත්වයක් මතු වෙලා තියෙනවා. ඒ සියල්ල මැද්දේ ආන්ඩුව විසඳුමක් විදියට තෝරාගන්නේ, මට පේන විදියට, මැතිවරණය මඟ හැරීම. ජාතික මැතිවරණ දෙකක් පැත්තකින් තියපු ආණ්ඩුවක් මේක. ජාතික මැතිවරණ දෙකක් වල දාලා තියෙන්නේ. ආන්ඩුව උපක්‍රමයක් හොයනවද? මම දන්නේ නෑ, සැකයක් මතුවෙනවා. ජනමත විචාරණ ගැන කතා කරනවා. වෙන මැතිවරණ ගැන කතා කරනවා. ව්‍යවස්ථා සංශෝධන ගැන කතා කරනවා. ඒ නිසා ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවක් ජනමත විචාරණයක් තියලා මේ රට රුධිරයෙන් තෙත් කලා. තවම ඒ පාපයෙන් මිදෙන්න බැරි වෙලා තියෙනවා අපිට. දේශපාලන ශබ්ද කෝෂයේ, ඔබතුමිය නියෝජනය කරන ජනාතා විමුකිති පෙරමුණට ඇගිල්ල දික් කරනවා සමහරු.  

 

කවුද කැලෑ වැද්දුවේ, කවුද කැලෑවට තල්ලු කලේ. ජනතා විමුක්ති පෙරමුණ ජනමත විචාරණයට විරුද්ධව උසාවි ගියා කියලා. කොමියුනිස්ට් පක්ෂෙන්, විජය කුමාරතුංග සහෝදරයාගේ පක්ෂෙන්, ජවිපෙ තහනම් කලා. කැලෑවට දැක්වූවා. ඒ නිසා මහජනතාව වීදියට ගේන, දරුනු තීන්දු වලට ගේන්න එපා, විපක්ෂයේ මොන මතබේද තිබුනත්. විපක්ෂය විතරක් නෙවෙයි, ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන, ජනතා පරමාධිපත්‍යයට රකින්න කැප වෙච්ච සියලු බලවේග, මීට එරෙහිව නෑඟි සිටිනවා, ඒකාන්තයි.

 

@මාධ්‍ය ඒකකය

නවතම ලිපි