SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වර්තමානයේ කුඩා දරුවන් මුහුණ දෙන මානසික පීඩනය බොහෝ විට දෙමාපියන් විසින්ම ඇතිකරන්නකි.

බහුතරයක් දෙමාපියන් දරුවන්ට ඇති අසීමිත ආදරය නිසාත්, තමන්ට අත්පත්කර ගැනීමට නොහැකිවූ සිහින දරුවන් තුළින් දැකීමට ගන්නා වෙහෙස නිසාත් ඔබ අප නොසිතන ලෙස මල්වන් කුඩා දරුවන් අධික මානසික පීඩනයෙන් පසුවන අතර ඔවුන්ගේ බොහෝ දක්ෂතාවන් එකී කරුණු කාරනා මෙන්ම තවත් විවිධ හේතූන් නිසා යටපත්ව ඇති අතර සමාජයට ඉතා දක්ෂ,සහකම්පනය සහිත දරුවන් දායාධ කිරීමට එය විශාල බාධාවක් ව ඇත.

මාතර YMBA ශාලාවේ පැවැත්වෙන දරුවන්ටම වෙන් වූ හෝරා දෙකක කාළය තුළ මාතර දරුවන්ගේ සැඟවුණු දක්ෂතා මතුකරලීමටත්,දෙමාපියන් හා දරුවන් අතර පැවතිය යුතු හා පවත්වාගත යුතු සබදතා මෙන්ම මානසික අවපීඩන වල සිටින දරුවන්ට නිසි ක්‍රියාකාරම් පුහුණු කරමින් ඔවුන්ගේ මනස පුහුණු කිරීම තුළ මනසේ ප්‍රභාෂ්වර තවය ඉහිල් කොට දැනුමින් පෝෂණය වීමටත් සහකම්පනය සහිත දරු පරපුරක් ඓතිහාසික රුහුණෙන් රටට දැයාද කිරීමේ සුවිශේෂී කර්තව්‍යය ආරම්භ වී ඇත.

 

WhatsApp Image 2024 02 11 at 11.24.18

ලංකාවේ ප්‍රථම වරට නාට්‍ය හා රංඟකලාව, ආත්ම් විශ්වාසය වැඩිදියුණු කිරීම, හඬ පුහුණුව ශරීර සමතුලිත තාව යහපත්ව පවත්වා ගැනීම හා ජීවිතයේ ප්‍රායෝගික බව යථාර්තවත් කෙරෙන වයස අවුරුදු 04 සිට 16 දක්කවා දරුවන්ට උදාවී ඇති ස්වර්ණමය අවස්තාව “ඇක්ට් ඉම්පැක්ට්” ලෙසින් හැඳින්විය හැක…

වත්මනේ දෙමාපියන් හා දරුවන් අතර ඇති ව්‍යාකූලත්වයන් බොභෝ විට මේ සමාජ ක්‍රමයේ ප්‍රථිපලයක්ම බැවින් “ලොව හොඳම දේ දරුවන්ට” යන උත්තුංඟ පාඨයට නිවැරදි කාළීන සාධාරණයක් කරන වසන්ත් මොරගොඩ ගේ “ඇක්ට් ඉම්ෆැක්ට්” කදිම වේදිකාවකි…..එය දරුවන්ට පමණක් නොව දෙමාපියන්ටද බොහෝ උපකාරී වනු නිසැකය.

@සුමුදු මද්දුමාරච්ච්

මිලානෝ, ඉතාලිය.

 

WhatsApp Image 2024 02 11 at 11.01.00WhatsApp Image 2024 02 11 at 11.01.01WhatsApp Image 2024 02 11 at 11.01.02WhatsApp Image 2024 02 11 at 11.01.05WhatsApp Image 2024 02 11 at 11.08.37WhatsApp Image 2024 02 11 at 11.24.18WhatsApp Image 2024 02 11 at 11.25.10WhatsApp Image 2024 02 11 at 11.25.11

නවතම ලිපි