SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමුළුවට පැමිණි ගැහැණු ආකර්ශනීය කරමින් මාලිමාවේ වේදිකාවේදි කොඩිගහයට නිළිය කියපු රජරට 'කොම්බි' නොහොත්

සෙනවිරත්න මුදියන්සේලා කිරිහාමිගේ ඩිංගිරිමැණිකාගේ කතාව එක් හැඟවුම්කරණීය ‘මොහොතකි’.

 

kombi 2

 

කොඩිගහයට ටෙලි  නිළිය නිපුනි සාරධා  මාලිමා  වේදිකාවේදි කියපු කොම්බිගේ  කතන්දරය දෘෂ්ටිවාදය විචාරය කිරීමක් ද?

දෘෂ්ටිවාදය හෙළිදරව් කිරීමක් ද?

ඔිනෑම කතන්දරයක දාර්ශනික මැවීම්කරන භාෂා ලෝකයේ නිපුණයින්ට ඇය මේ කියන කතාවේ කතන්දරමය අර්ථය මෙන්ම ඇයට ද කතන්දරය කියා ආපසු ගොස් සිටගැනීමට සිදුව ඇත්තේ කොතැනද?

 

 

මෙවර මාලිමාවෝ ප්‍රභල බලවේගයක් ලෙස  ගැහැණු ඒකරාශී කිරීමක් සිදුකර ඇති අතර එය දේශපාලනයට ගැහැණුන් පිවිසීමේ ඵෙතිහාසික  ප්‍රවනතාවක් ලෙස ඉතිහාස මහාචාර්යවරයෙකු මුහුණු පොතේ පාරම් බා ඇත.

ඔහුට සමගාමී මහාචාර්යවරියන්ටද එය එසේම වනු ඇත.

 

මෙවැනි පාරම්බෑම්වලට හසු නොවී දේශපාලන ගුංඩුවක් නොවුනහොත් ගොලුවී ඇති ස්ත්‍රී ආත්මයට සුදුසු කථනයක් නිර්මාණය වීමට මෙය තෝතැන්නක් එසේත් නොමැතිනම් පූර්වාරම්භයක් බවට පත්කර ගත හැකිය.

නැතහොත් මැතිවරණය අවසානයේ නැවතත් මේ ගැහැණුන් රොත්තම සුපුරුදු රාජකාරිය තුළ නැවත ස්ථානගත වන ඇත.

කෙසේ වුවද මෙම ඉදිරිපත් කිරීම අපූරු බව පෙන්වා දිය යුතු ය.

 

@සමාරා 

 

 

නවතම ලිපි