SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පෝට්ටු බයියන්ගේ පසුබෑම

ඔවුන්ගේ අවසානය විය හැකිය

(නාමල්ගේ නෝමල් නොවන ඇටිටියුඩ්)

 

රනිල් ලොක්කා ජනාධිපතිවරණයක් තියයි කියා මා නම් සිතන්නේ නැතිය. බොහෝ විට සිඳුවිය හැක්කේ... පලාත් සභා හෝ මහ මැතිවරණය මුලින්ම තබා... එහි ප්‍රථිපලය අනුව ඊලඟ පියවරට යාමය. රනිල් කියන්නේ ජේ ආර් ගේ බෑනා බව මතක තබා ගැන්ම කාටත් යහපත් වන්නේය.

 

කෙසේ හෝ ජනපතිවරණය පැවත් වූවත්... රනිල්, සජිත් හෝ අනුර යන තිදෙනාටම 50% ඉක්මවූ බලයක් ලැබෙන්නේ නැතිය. එසේ පවත්වන්නේ යැයි සිතා.... පෝට්ටු බයියන්ගේ නායකයින් වන රාජපක්ෂලා මේ වන විට සිටිනා මතය... මාරම ලොල් සගගතය.

නාමල් කියන්නේ, තවමත් 30% චන්ද ප්‍රතිශතයක් ඔවුන් සතු බවය... ඔවුන් මෙම තක්සේරුවට පැමිණ ඇත්තේ කෙසේදැයි කියන්නට මා නම් දන්නේ නැතිය..

එසේ පවසන ඔවුන් සිතන්නේ... මීළඟ මැතිවරණයකින් විපක්ෂයට ගොස්... නැවත මාස 6 කින් බලය ලබා ගැන්මට හැකි බවය. ඒ ඊළඟට එන මොකා හෝ එකා... මේක කරගැනීමට නොහැකිව ගෝටා මෙන් පලා යාවියැයි සිතලාය.

 

ඔවුන්ට මේ දිරච්ච ළණු දෙන්නේ මොකාදැයි කියන්නට මා නොදන්නා නමුත්, මාතලන්ට නම් කීමට ඇත්තේ... යහපාලන සමයේ මෙන්.. නාමල්ට යෝෂිතට පමණක් නොව, රාජපක්ෂලාගේ හත්මුතු පරම්පරාවටම ඉතිරි ජීවත කාළයම ගෙවන්නට වෙන්නේ සිරගෙදර පමණක්ම බවය.

 

එපමණක් නොව සියළු දේපල "කුපිත වූ ජනතාව" විසින් නැවතත් අළු දූවිලි කර දමන අතර, සියළු වත්කම් රජයට පවරා ගැන්ම අනිවාර්යයෙන් සිඳුවනු ඇත්තේය. ඒ බව සජිත් මෙන්ම අනුර කුමාරයාද දිවුරා පොරොන්දු දී අවසානය.

 

එසේ වන්නේ ඔවුන් මොළේ බලයෙන් නොව ඇඟේ බලයෙන් දේශපාලනය කල පිරිසක් නිසාය. බලය පැවති කාළයේ පිස්සන් මෙන් හැසිරුන නිසාය. පිස්සු කෙලිය නිසාය. එම උන රෝගය අවසන් වූයේ... මැයි 9 වනදා... විරුද්ධවාදීන් විසින් ඔවුන්ගේ ගෝලයින් බේරේ බස්සා... පාරේ හෙලිවැල්ලෙන් යැවීමෙන් අනතුරුවය.

 

එපමණක් නොව අමරකීර්තී අතුකෝරාල නිවන් යැවූ අතර... මහ උන්ගේ නිවෙස් 80 ගනනක් ගිනි තබා දැමුවේය. පෝට්ටු චන්ඩින් නෝන්ඩි වූවා පමණක් නොව... දැන් ඔවුන් ඉන්නේ අම්බානට බය වෙලාය. උන්ට කඩේ ගිය උන් දැන් ඉන්නේ සද්දේ වහලාය.

 

එහෙත් ඉන් බියට පත් නොවී ජනතාව අතරට අදටත් යන කීප දෙනෙකුද පෝට්ටුවට සිටින්නේය. එහි මූලිකත්වය ගෙන කටයුතු කළ සනත් නිශාන්තගේ හදිසි අභාවය විරුද්ධවාදින්ගේ ප්‍රීතී ප්‍රමෝදයට හේතූ වූයේ ඒ නිසාමය.

 

දැන් ප්‍රසන්න රණතුංග එයට නායකත්වය දෙමින් සිටී. එමෙන්ම රත්තරන් හා ලන්සාද තම බල ප්‍රදේශයන් තුල තම බලය ගොඩනඟමින් සිටී. සිඳු විය යුත්තේද මෙයමය. චන්ඩි පාට් දමා හොක්ක බිම ඇනගෙන නෝන්ඩි වෙන්නේ නැතිව... දැන් මොළයෙන් දේශපාලනය කළ යුතු කාළය පැමිණ ඇත. පාක්ෂිකයන්ගේ බිය තුරන් වන්නේද එවිටය.

 

ලාංකීය දේශපාලනය තුල මේ බිම් මට්ටමේ දේශපාලනය ඉතා වැදගත් සාධකයකි. ජනතා නියෝජිතයෝ... සැබෑම ජනතා නියෝජිතයෝ විය යුතුමය. ඔවුන් සිටිය යුත්තේ කොළඹ හතේ නොව... තමන්ගේ බල ප්‍රදේශයේ ජනතාව සමඟය. සතියට එක් දිනක් හෝ තම ජනතාව වෙනුවෙන් වෙන් කිරීමට නොහැකි නම්... මීළඟ චන්දයෙන් පසු යන්නට වෙනම රටක් දැන් සිටම සොයා ගන්නා එක ශරීර සෞඛ්‍යයට ඉතා හිතකරය.

 

මෙම කල්ට් එක... මෙතෙක් කාළයක් ඉතා හොඳින් ඉටුකළේද රාජපක්ෂලා හා පෝට්ටුවේ දේශපාලුවෝය. ඔවුන් 2019 ජනාධිපතිවරණයෙන් 52% ක් ලබා ගන්නේත්, මහ චන්දයෙන් 60% ලබා ගන්නේත් එබැවින්‍ය.

මූනිච්ඡාවට දේශපාලනය කරනා අනෙක් පක්ෂවලට අත් වූ ඉරණම ඔවුන්ගේ චන්ද ප්‍රථිපල දෙස බැලීමෙන් ගෝනෑම ඔිනම කෙනෙකුට බලාගත හැකිය. (සජබ 23.90%, ජාජබ 3.84%, එජාප 2.15%)

 

ඉදින් නාමල්ලා දැන් කළ යුතුව ඇත්තේ... කට්ට තුලට රිංගා මාස 6 කින් පස්සේ එලියට ඇවිත්... කට්ටට බෙර ගසන්නට බලා සිටීම නොව, දේශපාලනය කරන්න ආවා නම්... අප්පා කලාක් මෙන් පැය 24 ම දේශපාලනය කරනා එකය..

 

එහෙම නැතිව මහින්දගේ පුතා නිසා... මේ පින්වත් කුමාරයානෝ.. මහ රජානෝ කර... අළුතෙන් රජෙක් පහලව ඇතේ.. කියා ප්‍රසස්ථි ගයා... රජ පුටුවේ තියන්න ඕනෑ ඕයි කියා... පුපේ ටින්කිරි ගාගෙන... අතින් තියාගෙන ඇරගන්න... එක බයියෙක් වත් නොඑනා බව නම්... කනගාටුවෙන් වුවත් ලියා තැබිය යුතුමය...

ඒ වගත් මෙසේය.....

.@ priyantha hewage mathala

නවතම ලිපි