SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නුදුරු අනාගතයේදී අඟහරු ග්‍රහලොවේ මිනිස් ජනපදයක් පිහිටුවීමේ සැලැස්ම

බිලියනපති ඊලෝන් මස්ක් නැවත වරක් ලොවට හෙළි කර ඇත.

 

පෘතුවි වැසියන් මිලියනයක් අඟහරු ලෝකය වෙත ගෙන යාමේ සැලැස්ම ස්පේස් එක්ස් සමාගම නිර්මාණය කරමින් සිටින බව ඔහු එක්ස් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් පැවැසුවේය.

 

එම මිලියනයක ජනතාවට ජීවත් වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අඟහරු ලොව තුළ ස්වයංපෝෂිත පාරිසරික පද්ධතිය බිහි කිරීමට අදහස් කරන බවට ඔහු ඉඟියක් ලබා දුන්නේය.එවිට පෘතුවියෙන් සැපයුම් යානා අඟහරු ලොවට නොපැමිණියද එහි වාසය කරන ජනතාවට කරදරයකින් තොරව ජීවත් විය හැකි බව ඊලෝන් මස්ක් ප්‍රකාශ කළේය.

 

@ විමුක්ති එස් රුද්‍රිගු

නවතම ලිපි