SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වර්තමානය වනවිට ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගම ලබා ඇති පාඩුව රුපියල් බිලියන 594.4කි. එය රුපියල් මිලියන වලින් නම් පන්ලක්ෂ අනූහතරදහස් හාරසීයකි(මිලියන 594,440.00).

ශ්‍රී ලංකන් එයාර් සමාගම එමිරේට්ස් හා එක්ව මැනවින් ගුවන් ගමන් මගීන්ට ඉතා සුවපසුව පවත්වාගෙන ගියද, රාජපක්ෂ සමයේ රාජපක්ෂලාගේ සුනඛයකු රැගෙන යාම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් නිසාවෙන් එක් මොහොතකින් එකී ආයෝජනය රටට අහිමි වූයේ 2008 වර්ෂයේය.

 

ඒවන විට ලාභ ලබමින් සිටි ශ්‍රී ලංකන් 2011 වනවිට නැවතත් අධික පාඩු ලබන ආයතනයක් ලෙස රටට බදු ගෙවන මජජනයාගේ කරමතින් ඔවුන් සුරසැප විඳි අතර, වර්ශ 2013, එවක කතානායක චමල් රාජපක්ෂගේ නිවසේ දී එවක ශ්‍රී ලංකන් සභාපති, ජනපතිගේ මස්සිනා වූ නිශාන්ත වික්‍රමසිංහ, ශ්‍රී ලංකන් අධ්‍යක්ෂක මණ්ඩලය හා ශෂීන්ද්‍ර රාජපක්ෂද එක්ව ඩොලර් බිලියන 2.3ක් නොහොත්, රුපියල් බිලියන 300කට අධික ගණුදෙනුවකට මුළ පිරුවේ A330 යානා 6ක් A350 යානා 4ක් මිලට ගැනීමටත්,තවත් A 330 යානා 4ක් කල්බදු ක්‍රමයටත් ලෙස උවද එය වෙනත් ගණුදෙනුවකි.

 

 පවුල් පාලනයෙන් බැට කෑ ශ්‍රී ලංකන් හා පියාසර කරන, සැබෑ ශ්‍රී ලාංකියන්ටත් ශ්‍රී ලංකන් එපාකරවන බහිරවයෝ.!

 

මෙසේ දැවැන්ත මහජන බදු මුදල් නැති නාස්ති කරමින් පවත්වාගෙන යන ශ්‍රී ලංකන් ගුවන් සේවය තවදුරටත් පාඩු ලැබීම වළකාලමින්, එයට ආයෝජකයින් කැඳවන අවස්තාවේත්, තවදුරටත් ශ්‍රී ලංකන් එයාර් ගුවන් සමාගම අපකීර්තියටත්, අලාභ ලබන තත්වයටත් පත්කිරීමෙහිලා එහි සේවක පිරිස් ද ක්‍රියා කරමින් සිටී.

 

අදවන විට ඉතා අඩු පාරිභෝගික සේවාවක් ලබා දෙමින් සිටින ශ්‍රී ලංකන්  ගුවන් සමාගම පසුගිය 09 වනදින UL 218 ගුවන් යානයේ ගමන් ගත් මගීන් හට නින්දිත ආකාරයෙන් සැළකීමේ සැලසුම් සහගත හෝ යම් කඩාකප්පල් කාරී පිරිසකගේ ක්‍රියාවක් පිළිබඳ තොරතුරු වාර්තාවී ඇත.

 

ජර්මනියේ සිට දොහා කටාර් වෙත පැමිණි මගීන් හා දෝහා කටාර් සිට කොළඹ බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට වෙත පැමිණෙන UL 218 ගුවන් ගමනට පෙර පැය පහක (05) පමණ සංක්‍රමණික ( Transit ) කාලයක් බලාසිටි මගීන් තීරුබදු රහිත ( Duty free ) අංගනයෙන් විවිධ දෑ මිළදී ගැනීම සාමාන්‍ය තත්වයකි..

 

ලොව ඕනෑම ගුවන් තොටුපලක් හරහා ගමන් ගන්නා මගීන්  රට බීම ( whiskey ) ඇතුලු විවිධ ද්‍රව්‍ය මිළදී ගන්නා අතර එකී භාණ්ඩ කිසිඳු අවහිරයකින් තොරව රැගෙන යාමට අවකාශ ඇත.

 

සාමාන්‍යෙන් අත් බෑගය වෙනුවෙන් කිලෝ හතක (07) ප්‍රමාණයක් වෙන්කොට ඇති අතර ගමන් වාර තුළදී ඩියුටි ෆ්‍රී වෙළඳ සැල් මගින් මිළට ගන්නා භාණ්ඩ ද කිසිඳු බාධාවකින් තොරව ප්‍රවාහනය කළ හැක.. (ඇතැම්විට බර වැඩි වූ විට එය Hand luggage ලෙස නොව  Baggage ලෙස සළකා ගුවන් යානයේ භාණ්ඩ ප්‍රවාහන කොටසේ තැම්පත් කෙරේ)

 

එවන් පසුබිමක කටාර් හි ශ්‍රී ලංකන් සේවකයින් ජනතාව අපහසුතාවයට පත්කරන්නේ කෙසේද? කාගේ උවමනාවටද?

 

ප්‍රථමයෙන්ම ෆ්ලයි ස්මයිල් ( Flysmile ) සිල්වර් කාණ්ඩයේ මගියකු ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැන්නක් මෙවැනි කාළයක තෝරා ගැනීම සම්බන්ධයෙන් රටක් හා සමාජයක් ලෙස ස්තූති වන්ත විය යුතුය..  මක්නිසාදයත් වර්ෂ 2008 න් පසු ශ්‍රී ලංකන් සමග මේ දක්වා ගුවන් ගමන් පවත්වන මගීන් එහි ආදීනවය මැනවින් දන්නා බැවිනි.

 

කෙසේ නමුත්, ජර්මනියේ සිට ශ්‍රී ලංකාව බලා පැමිණීමේදී ඔහු විසින් මිළඳි ගත් යූරෝ 200ක් පමණ වටිනා භාණ්ඩ කටාර් රාජ්‍යයේ ගුවන් තොටුපල නිශ්කාෂන අංශයෙන් කිසිඳු අපහසුතාවයකින් තොරව සාමාන්‍ය ක්‍රමවේදය යටතේ පරීක්ෂාවෙන් පසුව  නැවතත් UL 218 ශ්‍රී ලංකන් ගුවන්‍ යානයට ගොඩවීමට ඇතුල්වන ස්තානයේ (  B5 gete )   හි රාජකාරියේ යෙදී සිටි ශ්‍රී ලාංකික නිලධාරීන්  දෙදෙනකු වන  තමරානී හා ශ්‍රී නාත්  (Mr’s Thamarai & Mr. Srinath ) විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිල වෙබ් පිටුවේ හෝ ලිඛිත සඳහනක් නොමැති පදනම් විරහිත  තර්ක ඉදිරිපත් කරමින් අමනෝඥ ලෙස ඔහු අපහසුතාවයට පත්කොට, ඔහුවිසින් මිළදී ගත් කිසිඳු භාණ්ඩයක් ගමනාන්තය වන (CMB) බන්ඩාරනායක ගුවන් තොටුපල දක්වා රැගෙන යා නොහැකි බවත්, වහාම යූරෝ 200ක පමණ වටිනා භාණ්ඩ ඔවුන් පෙන්වන ස්තානයේ තබායන ලෙසත්, කිසිලෙසකින් ඒවා රැගෙන යාමට ඉඩ නොදෙන බවත් පවසමින් වහසි බස් දොඩමින් අනෙක් මගීන්ද දැඩි අපහසුතාවයට පත්කොට ඇත.

 

මක්නිසාදයත් භාවිතා කරන රාජකාරී  (Laptop) ලැප්ටොප් පරිඝණක පවා ගුවන් ගමනේ ගෙනයාමට නොහැකි බවත්, කිලෝ හතේ සීමාව ඉක්මවන බවත් පවසා දිගින් දිගින් දිගටම පදනම් විරගිත තර්ක ඉදිරිපත් කරමින්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම තෝරාගත් (Flysmile silver) කාණ්ඩයේ මගියා ඇතුළු සියළුම පිරිස් නින්දිත ලෙස අපහසුතාවයට පත් කරමිනි.

 

මගීන් වෙනුවෙන් නිසි අවම සත්කාරය හෝ දක්වන්න නොදන්නා ශ්‍රී ලංකන් ගුවන් සේවකයන් සැරසෙන්නේ කුමකට ද..?

 

ඕනෑම පුරවැසියෙක් අත් අඩංගුවට පත්වීමේදී පවා ඊට හේතුව සැකහැර දැනගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් පවා ප්‍රසම්පාදනය කළ නීතියක් හා රීතියක් වන සමාජයක, තමන් සතු භාණ්ඩ මෙසේ කොල්ල කෑමට ඇති අයිතිය හා නොහොබිනා හැසිරීම ගැන ප්‍රශ්ණ කිරීමේදී උරණව ඊට පිළිතුරු නොදී, සිටීමටත්, නිරන්තරයෙන් ගුවන් ගමන් වල යෙදෙන පිරිස් නිළ වෙබ් පිටුවේ පවා සටහන්ව ඇති මගී පහසුකම් හා සේවා පෙන්වා දෙද්දී,

“ ගමන යන්න අවශ්‍ය නම් අපි කියන විදියට යන්න, නැත්නම් ෆ්ලයිට් එක මිස් කරගෙන චාටර් වෙන්න ඕනද?"

කියමින් තර්ජනාත්මකව කටයුතු කරන සේවකයන් සිටින ගුවන් සමාගමක් රුපියල් බිලියන 594.4ක් පඩු ලැබීම අරුමයක් නොවනු ඇත.

 

කෙසේ නමුත් ඒ මොහොතේ ඉංග්‍රීසි භාෂාව හැසිරවිය නොහැකි අහිංසක දමිල මගීන් පිරිසක්ද තම දරුවන්ට, දෙමාපියන්ට රැගෙනයාමට ගෙනා ආහාර පාන ඇතුළු භාණ්ඩ රැසක් කදුළු පිරි දෙනෙතින් උක්ත ශ්‍රී ලංකන් නිලධාරීන් හමුවේ තබා ඇති අතර  මගීන් ගේ අන්ත අසරණ බව තවත් තීව්‍රැ  කරමින් එක් දමිල පියෙක් හඬමින් පවසා ඇත්තේ තම දියණියට හා පුතුට ගත් බෝනිකා හා ටොෆි චොකලට් තම  දරුවන්ට වට්ස් ඇප් වීඩියෝ ඇමතුමක් හරහා පෙන්වූ බවත් මා දැන් කෙසේ දරුවන්ට මුහුණ දෙන්නදැයි නොතේරෙන බවත්, දරුවන්ගේ මානසික තත්වය කුමක් වේවිදැයි යන්න සිතාගත නොහැකි බවත් ය…

 

මෙසේ මගීන් අපහසුතාවයට පත් කිරීම කුමක් අරඹයාද….?

      

තම නිල වෙබ් අඩවියක හෝ, ලෝකයේ කිසිම ගුවන් සමාගමක ක්‍රියාත්මක නොවන, යම් පිරිසකගේ උවමනාව නිර්මාණය කරගන්නා හිතළු පැවසීමට යටි අරමුණු බොහෝ සෙයින් විය හැක.

 

  •  කටාර් සිට කොළඹට පැමිණෙන මගීන් හට ඩියුටි ෆ්‍රී වෙළඳ සැල් ( Duty free shop ) මගින් ලභාගත හැකි හා තම මුල් ගුවන් ගමන් ආරම්භයේ සිට රැගෙන එන භාණ්ඩ මෙසේ රැගෙන යාමට ඉඩ ඇහිරීම තුළ එකී භාණ්ඩ නැවත ලභාගැනීමේ යටි අරමුණක් හෝ.

 

  • එසේ හිස් අතින් පැමිණෙන මගීන් බලහත්කාරයෙන් හෝ කරකියාගත නොහැකි නිසාවෙන් බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ඇති ඩියුටි ෆ්‍රී වෙළඳ සැල් ( Duty free Shop ) වෙත මගීන් යොමු කරවා ඒ හරහා කොමිස් මුදල් ලභාගැනීමේ මහා ජාවාරමක් හෝ……

                                     

  • පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සමාගම තවදුරටත් මගීන්හට  එපා කරවමින් විකිණීම ඉක්මන් කිරීමේ මහා කුමන්ත්‍රණයක් විය හැකිය…

මක්නිසාදයත් කටාර්හි සේවය කරන අනෙකුත් සේවකයින් පවසන්නේ නිරන්තරයෙන් මෙම අසාධාරණයට ගුවන් මගීන් පත්වන බවයි…..

 

ඩියුටි ෆ්‍රී ෂොප් මගින් මිළදී ගැනීම් කළ නොහැක්කේ ගුවන් කාර්‍ය මණ්ඩලයට පමණක් බවත්, කිලෝ 7ක බර සීමාව නිර්ණායකය ලෙස භාවිතා වන්නේ සෞඛ්‍ය ආරක්ෂිතව ඕනැම මගියකුට හෝ ගුවන් කාර්යමණ්ඩලයට පහසුවෙන් එකී අත් බෑග ( hand lagged  ) හැසිරවීමේ පහසුව හා ගබඩා කිරීම පිණිස විශේෂිතව කරවූ නිමාව නිසයි.

 

තවද සියළුම ගුවන් සමාගම් පාහේ ගුවන් යානය තුළ පවා (Mini Duty free) ඩියුටි ෆ්‍රී භාණ්ඩ විකිණීම සිදු කරණු ලබයි.

 

කෙසේ වෙතත් මේ ආකාරයට රජයක් සතු මහජන බදු මුදලින් නඩත්තු කරන ආයතන එකී බදු ගෙවන අපේම රටේ මහ ජනයාටත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවය ලබාගන්නා  අන් සංචාරකයන්ටත් කරන නින්දිත ක්‍රියාවක් මෙන්ම රාජත්‍රාන්තිකව (Diplomatically) රට කෙරෙහි ඇතිකරවන කිසිදා හානි පූර්ණය කළ නොහැකි මහා අපරාධයකි.

 

මෙසේ උද්දච්ච ආත්මාර්තකාමී අතලොස්සක් ගජමිතුරු කල්ලිවලට සට්ටැඹිකම් කරමින්, කන පරිප්පු ඇටයටත්, පාන් කෑල්ලටත් වක්‍ර බදු ගෙවන අහිංසක මහජනයා සදා බංකොලොත් රාජ්‍යයක සිරකර ඔවුන්ගේ රීරි මාංශ භක්ෂණයේ යෙදීම වහාම නවතා නිසි දඬුවම් ලබාදිය යුත්තේ රටකට මෙතරම් හෑල්ලුවීමක්, ලජ්ජා කරවීමක් අපහාසයක් මෙන්ම විනාශයන් දාරාගත යුතු නොවන නිසාය.

 

@සුමුදු මද්දුම ආරච්චි.

මිලානෝ,

ඉතාලිය.

නවතම ලිපි