SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"මොකක්ද මේ පෙරලියක්  කරන්න යන වෙනස?

මට පෙරලියක් කරන්න බෑ.

හැබැයි ලගදීම ජනතාවට අවස්ථාවක් ලැබෙනවා පෙරලියක් කරන්න.

ඒ ජාතික මට්ටමේ මැතිවරණයක් පැවැත්වීම නිසා.

අපේ පාක්ෂිකයන්ට වැඩිය මේ පෙරළිය බලාපොරොත්තු වුනේ විරුද්ධ පාක්ෂිකයො.

අපේ පක්ෂය හරීම ලාබාල පක්ෂයක්. අව්රුදු තුන හතරක වයස තියෙන්නේ. හැබැයි මුහුණ දීපු මැතිවරණ සියල්ලන්ගෙන්ම ජය ගත්ත පක්ෂයක්"

 

මේ බැසිල් රාජපක්ෂ 'මුහුණට මුහුණ' වැඩසටහන එක්ක කියන කතාව.

 

 

බැසිල් කියනවා,

“ලංකාවේ තනතුර අතහැරල ගිය පළමු අවස්ථාව මේක  නෙවෙයි, ඩඩ්ලි සේනානායක මහත්තය එක්තරා විදිහක තනතුර අතෑරලා ගියා 1953 හර්තාලය එක්ක.  අපේ පක්ෂයේ අපේක්ෂකයා හැටියට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත්  එදා තත්වය අනුව ඒ තනතුර අතෑරලා යනවා. ඩඩ්ලි සේනානයක මහත්තයා තනතුර අතෑරලා යද්දි සර් ජෝන් කොතලාවල කියන තමුන්ගෙ පක්ෂයේම කෙනෙක්ට බාරදීල ගියේ.

නමුත් ගෝඨාභය ජනාධිපතිවරයා කළේ එහෙම නෙවෙයි, කැබිනට් එක රැස්කරල ඒකත් විසුරුවල, අගමැතිතුමාටත් ඉල්ලා අස්වෙන්න කියල. 

ඉවත් උනාට පස්සෙ එතැනයි පෙරලිය ඇති උනේ..

නැවත පෙරලිය එන්න නම් පෙරලිය ඇති කරන්න තියෙන්නෙ අපේ ජනතා මතය ඉස්මතු කිරීම තුළයි.

ඒ තීන්දුව ගත්තෙ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකින් තොරව නොකෙරෙන්න. මේ රටේ විතුරක් නෙවෙයි ඒකෙ ලෝකයේම විය යුතුයි කියලයි මම හිතන්නේ..”

 

මේ වෙද්දි ගෝඨාභය රාජපක්ෂ නමින් ක්‍රමන්ත්‍රණයක් ගැන පොතක් එළිදැකල තියෙන මොහොතක්.

මේ පොත එළියට දාපු එකට බැසිල් රාජපක්ෂ පොහොට්ටු නිර්මාතෘ කෝපයට පත්වෙලා කියලත් පහුගිය දවස්වල මාධ්‍ය වාර්තා පළ වෙලා තිබුණ.

ඇත්තටම ඒ පොත නුසුදුසු වෙලාවක කිසිත් හෙළිකරන්නට අසමත් ඉතා දුර්වල පොතක්. කුමන්ත්‍රණයක් කිව්වට ඒකෙන් එළියට ආව ක්‍රමන්ත්‍රණයක සුළ මුලවත් ලියැවිලා නැහැ.

පොත පළනොකරපු හිටපු ජනාධිපති ගොඨාට තිබුණු යම් ස්ථානයක් තිබුණනම් පොත නිසා ඒකත් අහිමි කරල කියලයි බොහෝ විචාරකයින්ගේ අදහස වෙලා තියෙන්නෙ.

 

බැසිල් රාජපක්ෂ කියන 53 හර්තාලය නිසා ඩඩ්ලි සේනානායක හිටපු අගමැතිවරයා ඉල්ලා අස්වුනේ ඇයි?

 

එදා ඩඩ්ලිට ඉල්ලා අස්වෙන්න උනේ 1953 කොරියානු යුද්ධය මුල් කරගෙනයි. කොරියාවෙන් තමයි ඒ වෙද්දි අපේ රටට හාල් ගෙනාවෙ. හාල් නැතිව පෝලිම් ඇතිවීමත් එක්ක 53 හර්තාලය ආරම්භ වෙනව. ඒක රට පුරාම ස්වදේශිකයින් සම්බන්ධ වුනු අරගලයක්. හරියට ගෑස් ඉන්ධන විදුලිය නැතිව ගෝල්ෆේස් අරගලය ආරම්භ උනා වගේ. වෙනසකට තිබුණෙ අදාළ සිද්ධියට පාදක උනේ 53දී ලංකාවෙන් පිටත ඇතිවුනු යුද්ධයක් වීම කියන කාරණය විතරයි.

 

දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් හාල් ගෙන්නන්නෙ මොකටම ලංකාවේ ගොවි ජනපද ඇති කරල ඩී  එස් සේනානායක අගමැති විදිහට කෘෂි විප්ලවයක් කලානේ කියල.  ඒත් ඉංග්‍රීසි ජාතිකයො මේ රටින් යද්දි භාණ්ඩාගාරයෙ ඉතිරි කරල ගියපු පවුම් ටිකෙන් පිටරටින් බඩු ගෙනල්ල ෆන් එකක් ගත්ත කණ්ඩායමක් තමයි බලයෙ හිටියෙ. ඩීඑස්ල කලේ ඒක. ඒ කාලෙ වෙද්දි මුදල් ඇමති හිටියෙ ජේ ආර් ජයවර්ධන. ඩීඑස්ලාගෙ තිබුණු ප්‍රතිපත්තියක් තමයි කෙනෙක්ගෙ අමාත්‍යාංශයට ඇගිලි නොගැසීම. කොහොම හරි භාණ්ඩාගාරය හිස් වෙනකල් එදත් කරල තිබුණෙ කාල බීල ජොලි කරපු එක. 1948න් පස්සෙ හර්තාලය දක්වාම පිටරට ආදාරවලින්  ජීවත්වෙන එකයි කරල තිබුණෙ.

 

එතකොට හර්තාලයේ  සවිඥානික නිමිත්ත වෙලා තිබුණෙ සහල් ප්‍රශ්නය.

මේ හර්තාලය පිටිපස්සෙ එදා හිටියෙ ඇන් ඇම් පෙරේරලා.

සමාන පද හරියට සිද්ධවෙනව ‌මේ පශ්චාත්  අරගලයන් වලදි.

1953 හර්තාලයෙන් පස්සෙත් 1971 අරගලයෙන් පසුවත්, මෑත ඉතිහාසයේ ගෝල්ෆේස් අරගලයෙන් පසුවත් බලයේ සිටින ආණ්ඩු විසින් ඉඩම නැමැති සාධකය හරහා ප්‍රතිසංස්කරණ සිදුකිරීමට යුහුසුළු විය. (1956 යනු අරගලයක් හෝ විප්ලවයක් හෝ සිදුවූ අවස්ථාවක් ලෙස නොව හුදු බලය වෙනුවෙන් සිදුකළ ආත්මාර්ථකාමී ක්‍රියාවක් පමණක් බව ලියුම්කරුගේ අදහස ය)

මෑතකදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ප්‍රදානයට සූදානම්ව ඇත්තේත් පශ්චාත් ගෝල්ෆේස් අරගලය හා ඉන් පසුව උදාවන මැතිවරණ සටන වෙනුවෙනි.

 

ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම හා බැඳී පවතින කතාබහට වැරදි අක්ෂයක් ගෙන එන්නේ පහුගියදා නිකුත් වූ ක්‍රමන්ත්‍රණය පිළිබඳ හෙළිදරව්වක් සම්බන්ධ ‌ප්‍රකාශනයෙනි. ගෝඨාභය යනු රාජපක්ෂ රෙජීමයට ප්‍රතිවිරුද්ධව පැන නැගුනු නායකත්වයක් වන අතර ඔහු විසින් ක්‍රියාවට නැගීමට සූදානම් වූ බොහෝ ව්‍යාපෘතීන් රාජපක්ෂවරුන්ගේ දෝෂාරෝපනයට හා උදහසට ලක් වූ අරගලකාරී ක්‍රියාවන් විය. මෙම ග්‍රන්ථය එළිදැක්වීමත් සමග රාජපක්ෂලාගේ මල්ලටම ගෝඨාභයවත් ඔබන ලද අතර එමගින් රාජපක්ෂවරුන්ගේ සියළු කුණු ගෝඨාභය මතට හෙළා ඇත. එනිසා ගෝඨා එළවූ ක්‍රමන්ත්‍රණය ලෙස ප්‍රකාශයට පත් ග්‍රන්ථය මගින් ගෝඨාභයව ඉහලට එසවීමක් නොව රාජපක්ෂවරුන් යළිත් ආරක්ෂා කරන වැඩපිළිවෙලක් සමාජගත කිරීමක් ලෙස දැක්විය හැක්කකි.

 

දැන් බැසිල් රාජපක්ෂ අතිශය දක්ෂ ලෙස තම දේශපාලන මැදිහත්වීමේ ක්‍රමවේදය යළිත් සකසමින් සිටියි.

ඇත්ත වශයෙන්ම බැසිල් යනු දැනට දේශපාලනයේ දැනට නිරත සවිඥානික දේශපාලන භාවිතයක් සහිත අතලොස්සෙන් මූලිකත්වයට පත් වෙන්නෙකි.

ඔහු හා සිදුකළ ඉහත සාකච්ඡාවෙන් ඔහු මේ බව පේනුම් කර ඇති අතර ජාතික ජන බලවේගය මෙම සාකච්ඡාවේ පසු පෙල තම අනවශ්‍ය 'මානය' පසෙකලා කිහිප වරක් ශ්‍රවණය කළ යුතු ය.

 

“යම් පක්ෂයකට අසීමිත බලයක් ඒම හොඳ නෑ කියල මම හිතනවා.

ඒ නිසා ජනාධිපති මැතිවරණයෙන් බලපෑමක් නොවන ආකාරයට පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වනවානම් එතැනදි තුලනාත්මක පාර්ලිමේන්තුවක් ඇති වේවි.

අපි ගිය ජනාධිපති ඡන්දයෙන් පස්සේ කොවිඩ් නිසා කල්ගියත් පාර්ලිමේන්තු ඡන්දයෙන් අසීමිත බලයක් ලැබුනා. තුනෙන් දෙකක. එහෙම බලයක් දීම සුදුසු ද කියල ජනතාව කල්පනා කළ යුතුයි”

 

පොහොට්ටුව+සමගි ජන බලවේගය+රනිල්(UNP) එකගතාවකට පැමිණ ඇති  කතාවෙහි අර්ථය කුමක් ද?

 

දැන් සිදුවන්නට යන්නේ මහා මැතිවරණයක් කැඳවීම වෙනුවෙන් පොහොට්ටුව, සමගි ජන බලවේගය, සහ රනිල් ඇතුලත් බලවේගයන්හි එකතුවකි. එහි අනෙක් පස තරඟකරුවා වන්නේ ජාතික ජන බලවේගය වේ.

ලංකාවේ මේ මොහොතේ දේශපාලන අවකාශය තෝරා ගන්නන්ට සිදුවන්නේ මෙම බලවේග සහිත කඳවුරු දෙක සමග තම තෝරාගැනීම සිදු කිරීමට ය.

 

එහෙත්, මේ කඳවුරු දෙකටම මුහුණ දිය හැකි පාර්ශ්වයක මැදිහත්වීම සිදුවිය හැකි අවස්ථාවක් නිර්මාණය විය නොහැකි ද?

 

බොහෝ සිහින බොහෝ අයට ඇතුවා විය හැකිය. එහෙත් සංඥාව ක්‍රියාත්මක වන්නට ඔන්න මෙන්න ය.

කළ යුතු වෙනත් යමක් වේ නම් කාලය ඊට හරස්ව ඇත.

එනිසා බලාගෙන හිඳීමෙන් ඔවුන්ගේ දේශපාලන භාවිතය යටපත් වනු හෝ දියවනු ඇති අතර සිදුකළ යුතු දේශපාලන මැදිහත්වීම කඩිනම් කිරීමට සිදුවීම අනිවාර්ය ය.

 

@සමාරා පරණවිතාන

නවතම ලිපි