SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ස්වාධීන රූපවාහිනියේ පැවති තුලාව වැඩසටහනේදී ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසංග සහ

හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරයෙක් වූ වරුණ රාජපක්ෂ අතර උණුසුම් සංවාදයක් ගැන කතාබහක් ඇතිව තිබෙනවා.

 

ඊට පෙර සතියේදී වරුණ සමග ජාතික ජන බලවේගයේ තරුණ ක්‍රියාධරයෙක් වූ චතුරංග සමග ඇතිවූ සාකච්ඡාවේදී ද වරුණ චතුරංගට කට උත්තර නැති කර තිබුණේ ය. ස්පාර්ටකස් සාමූහිකය එයට කීවේ වරුණ මෙන්ම චතුරංගත් එකම බෝට්ටුවේ වීම නිසා ඔහූට වරුණට විරුද්ධවීමට පිලිතුරු නැති වූ බවය.

 

“වරුණ රාජපක්ෂ සහ චතුරංග අබේසිංහ අතර සංවාදය මේ දිනවල ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත. බහුතර මතය වන්නේ මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වරුණ විසින් දැඩි ලෙස විවේචනයට ලක්කළ බවයි. ඔහුට එදිරිව සිටි මාලිමාවේ චතුරංග අබේසිංහ හට කට උත්තර නැතිවීම තුල සහ ඔහු ද වරුණගේ අදහස පිළිගැනීම තුල එය වඩාත් තහවුරු වේ.

චතුරංග සහ වරුණ යන දෙදෙනාම එකම දෘෂ්ටිවාදයේ සමාන ලෙස පසුවන්නන්ය. චතුරංග අපහසුතාවයට පත්වන්නේ එබැවිනි”.

 

කෙසේ වුවද පසුගියදා තුලාව වැඩසටහනේදී ද වරුණ රාජපක්ෂ ජාතික ජන බලවේගයේ වසන්ත සමරසිංහ ඉදිරියේ ලකුණු පුවරුව නැවත කරකවා ඇත.

 

ඒ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී බැංකු පද්ධතිය කඩා වැටෙන්නේ යැයි වසන්ත සමරසිංහ ප්‍රකාශ කරන ලද බවට වරුණ රාජපක්ෂ විසින් කරන ලද ප්‍රකාශයක් මතය. වසන්ත සමරසිංහ කියා සිටියේ තමන් කිසිදිනෙක එවන් ප්‍රකාශයක් කර නැති බවත් කල බවට හැකිනම් ඔප්පු කර පෙන්වන ලෙසත්ය.

 

වරුණ රාජපක්ෂ එම අභියෝගය එහිදී භාරගෙන තම සමාජ ජාල ගිණුමේ වීඩියෝවක් පළ කරමින් පෙන්වා දී ඇත්තේ වසන්ත සමරසිංහ  මාධ්‍ය හමුවක් පවත්වමින් එම ප‍්‍රශ්ණගත ප්‍රකාශය සිදු කරන ආකාරයයි.

 

වරුණ යනු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයෙකුව සිටියෙකු වන අතර ඉන් පසු ඔහු පක්ෂයෙන් ඉවත්වූ කොටස් සමග එක්ව කාලයක් සිට පසුව අන්ත  දක්ෂිනාංශික පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂය හා එක් විය. ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ රුවන් විජේවර්ධනගේ මිතුරෙකු ලෙසට ය.

 

ජවිපෙට මේ දිනවල වැඩි වශයෙන්ම ප්‍රහාරයන් එල්ල වන්නේ සහ ජාජබ ජයග්‍රහණය ප්‍රතික්ෂේප කරමින් උගුල් අටවන්නේ වැඩි වශයෙන්ම කාලයකට පෙර ජවිපෙ ක්‍රියාකාරීන් ය.

 

වරුණ රාජපක්ෂ විසින් හෙළිකර ඇති වීඩියෝව...

 

නවතම ලිපි