SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමගි ජන බලවේගය යනු යූඇන්පීයෙන් බිඳී බිහිවුනු

තම මව් පක්ෂය එක් ජාතික මන්ත්‍රී අසුනක් පමණක් බවට  නායයෑමට හේතුවූ පාර්ලිමේන්තුවේ  විපක්ෂයේ ප්‍රධාන පක්ෂයයි.

 

රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයා විසින් යූඇන්පීය තම ග්‍රහණය තුළම රඳා ගැනීම නිසාත් තමාගෙන් පසු තම පවුලට සමීපතමයින්ව එහි නායකත්වයට පත්කිරීමට බලාපොරොත්තුවෙන් සිටීම නිසාත් පක්ෂයේ අධිකාරීවාදී ක්‍රියාවලියට විරුද්ධව වෙන්ව ගියද සජබයේ මන්ත්‍රීවරුන්ට තවමත් තම මහගෙදර වන්නේ එජාපයයි.

 

මේ නිසාම ඔිනෑම අවස්ථාවක වැරදි නිවැරදි කර ගන්නේ නම් මේ දරුවන් යළි මහගෙදරට ගෙන්වා ගතහැකි බව රනිල් මෙන්ම ඔහුගේ හිතුවක්කාර පුත්‍රයා වූ සජිත් ප්‍රේමදාස ද දන්නා කරුණකි.

 

රනිල් වික්‍රමසිංහ  ජනාධිපති වූ පසුව දිගින් දිගටම උත්සාහ කරනු ලැබූයේ තම බලය උපයෝගී කරගනිමින් සජබය කඩා බහුතරයක් දෙනා තමා සමග එක් කර ගැනීමට ය.

 

එහෙත් එක්වූයේ හරීන් සහ මනූෂ ය. මේ දෙදෙනාගේ වපසරිය, ක්‍රියාවන්  සහ උවමනාවන් මොනවා දැයි මේ වනවිට රටම දන්නවාය. ඒවා අප්‍රකාශිත ප්‍රකාශනයන් ය. මේ වනවිට රනිල් වික්‍රමසිංහ ද මේ බොහෝ දේ පිළිබඳව කරුණු සහිතව දැන සිටින බවට ද  කටකතා ආරංචිමාර්ග කියා ඇත.

 

එහෙත් සජිත් ප්‍රේමදාස තම පක්ෂයේ සාමාජිකයින්ව ඇඳ බැඳ තබා ගැනීමට අවශ්‍ය සෑම පියවරක්ම අනුගමනය කරන අතර ජලනි ප්‍රේමදාසගේ බලපෑම් නොවන්නට දැනටත් වඩා එය සාර්ථක ක්‍රියාවලියක් වනු ඇත.

 

කෙසේ හෝ වේවා දැන් රනිල්ගේ පැරණි උපක්‍රමය කල් පිරී අවසන් ය.

නරකින් දිනාගන්නට බැරි දේ හොඳින් දිනාගැනීම රනිල් ගේ උපාය බවට දැන් පත්ව ඇත.

 

ඉදිරි මැතිවරණයන් පිළිබඳව ගණනයන් සහිත රනිල් මේ තත්වය යටතේ පොහොට්ටුව වැනි ජනතාව ප්‍රතික්ෂේප කර ඇති පක්ෂයක් සමග අත්වැල් බැඳගෙන ජය ගත නොහැකි බව හොඳාකාරවම දනී.

 

එමෙන්ම ජාතික ජන බලවේගය බලයට පත්වුවහොත් තමා දිවිහිමියෙන් අරගලයේ උච්චතම අවස්ථාවේදීත් ආරක්ෂා කරන ලද ප්‍රභූ දේශපාලනයට අබ සරණම බව දන්නා නිසාම මේ මොහොතේ තීරණයක් ගත යුතු අතර එය ජයග්‍රහණයේ මාවත ස්ථාවර කරන්නක් විය යුතු ය.

 

ඒ නිසාම දැන් සජබය සමග කපන්න බැරි අත ඉඹින්න සූදානම් ව ඇති අතර දේශපාලන ආරංචිමාර්ග කියා සිටින්නේ එකී සාකච්ඡා ආරම්භව ඇති බව ය.

දිනන්නට නම් සජබය සමග එක්වී ගේමක් ගැසීම අත්‍යවශ්‍ය යැයි දන්නා අතර ම  මැතිවරණයෙන් කුල්ල කුජීත වීමට නම් පොහොට්ටුව සමග එක් විය යුතු ය.

මරික්කාර් මන්ත්‍රීවරයා ලංසු තබා කියා ඇත්තේ රනිල් වික්‍රමසිංහ කිසිදා යළිත් පරදින ඡන්දයකට නොඉල්ලන බව ය.

 

එහෙත් රනිල් වික්‍රමසිංහට තවදුරටත් බලයේ රැඳී සිටින්නට ඔිනෑම ය.

මේ නිසා මේ දිනවල සජබය හා සාකච්ඡාවට හොඳ කපුවන් යොදා ඇත.

අත්‍යවශ්‍යම කපුවාගේ සේවය  ලද සැනින්  රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්නේ ය.

මේ  අතර රනිල් වික්‍රමසිංහ පාඨලී චම්පික රණවක ද තම වැඩ කටයුතුවලට ලංකරගනිමින් සිටින්නේ ය.

 

රනිල් වික්‍රමසිංහ පාඨලීට අනාධිමත් කාලයක සිට බය ය. ඒ ඔහුගේ දැනුම මෙන්ම කපටි ඥානය ගැනද දන්නා නිසාවෙනි. 2015 යහපාලන සමයේදී වරක් රනිල් වික්‍රමසිංහ කියා තිබුණේ තමා මෙතෙක් කල් අසා තිබුණේත් දැක තිබුණේත් මිට්ට කට්ටයා කියා උවත් ජීවිතේ පළමු වතාවට උස කට්ටයෙකු හමුවූයේ පාඨලීගෙන් බව ය.

 

ඒ කතා එසේ වුවද වර්තමානයේ ‘පාඨලී මෙහෙයුමක්’ සන්දාන ආශ්‍රයෙන් පැන නැගෙමින් ඇති බව රනිල් වික්‍රමසිංහ දන්නේ ය. එය සුළුවෙන් තැකිය නොහැකි බවද ඔහුගේ අදහස වී තිබුණි. හිටපු ජනාධිපතිනිය මෙම මෙහෙයුම පිටුපස සිටීමම රනිල්ගේ හද ගැස්ම වේගවත් කරන්නට ඉවහල් වී ඇත. ඒ නිසා පාඨලීගේ සම්ප්‍රාප්ති රැස්වීමෙන් පසු අදාළ ජාතික ප්‍රකාශනය පසුදාම ගෙන්වා ගනිමින් එය කියවීමෙන් නොනැවතී සමහර කරුණු ක්‍රියාවට නැංවීමටත් සූදානම් කර තිබුණි.

 

සජිත් ප්‍රේමදාස විසින් පසුගිය පාර්ලිමේන්තු සැසි වාරයේදී සාර්ථකම කමිටුව ලෙස ක්‍රියාකළ ක්‍රම සහ විධි පාර්ලිමේන්තු කමිටුවේ සභාපතිත්වය දැරූ පාඨලීව සාමාජිකයෙකු බවටද පත් නොකර තිබියදී රනිල් වික්‍රමසිංහ ඊට මැදිහත් වූයේ පාඨලීගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවට සිය ප්‍රශංසාවද හිමි කරමිනි.

 

මේ නිසා සජබය සමග සාකච්ඡා කරන වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පාඨලී ද තම රජයට ඈඳාගැනීමට අවශ්‍ය ය. වෙනදා මෙන් නොව මෙවර ඔහුට පල නොකියා පලා නොබෙදා වැඩක් ගත හැකි විෂය පථයක් ලබා දීමත් ඔහුගේ පරමාර්ථය වී ඇත.

 

මේ මොනවා වුවද මේ වනවිට දේශපාලන මහ පොලොව විවිධ හැඩතල ගනිමින් සිටින්නේ දිනපතා විවිධ වෙනස්කම්වලට බඳුන් වෙමිනි.

 

බැසිල් රාජපක්ෂ පසුගියදා කීවේ ඡන්දය ගැන නිවැරදි චිත්‍රයක් ගත හැක්කේ  මැතිවරණයට දින තුනක් පමණ තිබියදී බව ය. එහි සත්‍යතාවක්  නැත්තේ ද නොවේ. මේ ලංකාවේ පොළොව අමුතුම  මැතිවරණ අහසකට සම්බන්ධ වූවකි. රැළි එන වේගයෙන් ම ආපසු යන්නට ද යති. යළිත් එන රැල්ල කලින් ආ රැල්ලට සමාන නෙවිය හැකි ය.

 

බැසිල් නම් කියන්නේ රැල්ල කියන්නෙ වෙරළෙහි නොනවතින යළි ආපසු යන යථාර්තයක් බව ය.

දැන් ජාජබ රැල්ල සජබ රැල්ල වෙලා නම් රැළි දෙකම බිය විය යුතු ය.

මන්ද රැළි රැඳෙන්නේ නැති අතර ආපසු හැරී යෑම අනිවාර්යතාවකි.

 

@සමාරා පරණවිතාන

නවතම ලිපි