SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

'මගේ හිතලු හා සුගීෂ්වරගේ අත්දැකීම්' ලෙස මහාචාර්ය නලින් ද සිල්වා තබන ලද සටහනක් මගින් මෑතකදී

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර ගේ ලිපියක් සම්බන්ධව  අදහස් දක්වා තිබුණා.

මහාචාර්යවරයා සුගීෂ්වර බණ්ඩාර ගැන දැක්වූ අදහස්..

(ලිපියේ උපුටාගැනීමකි)

“මා සුගීශ්වර බණ්ඩාර හොඳින් දන්නේ නැහැ. මා ඔහුත් හමුවී ඇත්තේ දින දෙක තුනක් පමණයි. ඔහු සමගත් එතරම් කතාබහක් තිබී නැහැ. ඔහුගේ අයියා ජානක බණ්ඩාර නම් හොඳින් දන්නවා. එහෙත් සුගීෂ්වර කියන කතා බොහොමයක් මා හිතූ දේ. ඔහු මාර්තු 31 මැයි 9 හා ජූලි 9 ගැන කියනවා. ඒ දිනවල උත්සාහය තිබුණේ මහින්දට හා ගෝඨාභයට ගඩාෆි ඉරණම අත්කිරීමටයි. මාර්තු 31 මිරිහානට පැමිණි පිරිසට ඒ අවශ්‍යතාව තිබුණා. ඔවුන් මුස්ලිම් ද කියා මා දන්නේ නැහැ. කවුරු වුණත් සිංහල බෞද්ධ විරෝධීන්. මැයි 9 අරලියගහ මන්දිරයෙන් මහින්දටත් යන්න පිළියෙළ කරල තිබුණෙ ගඩාෆි ගිය විධියට යන්න. එහෙත් හමුදා ඛණ්ඩයක් ක්‍රියාත්මක වීම නිසා ඒ වැළකී තියෙනවා. එදා සිදු වූ ගෙවල් ගිනිතැබීම් මිනීමැරුම් අහම්බයකින් සිදු වූ දෑ නොවෙයි”.

ජූලි 9ත් එහෙමයි. අප්‍රේල් 9 මැයි 9 ජූලි 9 දින තේරීමත් අහම්බයක් නොවෙයි. ඔය කියන ජනතාව නවවැනිදාවක් වෙනකම් ඇඟිලි ගණන් කරමින් සිටි අය වෙන්න බැහැ. ඒ් අවස්ථාවලත් මාර්තු 31 වැනි දා මිරිහානේදීත් ඇතැම් හමුදා නිලධාරීන් ක්‍රියා කර ඇත්තේ හමුදා නිලධාරීන් ලෙස නොවෙයි. ඔවුන් උද්ඝෝෂකයන්ට මානව හරි මොකක් හරි නිදහස දීල. එක් පඬි නැට්ටකු කියල තිබුණ අණ දීම කළ යුතු ව තිබුණේ සේනාධිනායක හැටියට ගෝඨාභය කියා! අණ දීම මාණ්ඩලික ප්‍රධානියාගෙන් පහළට නොගියෙ ඇයි කියා සුගීෂ්වරගෙන් අහල වැඩක් නැහැ. ඔහු දන්නෙ අණ පහළට ගියෙ නැති එක පමණයි.

සුගීෂ්වරගෙන් කියැවෙන තවත් දෙයක් තමයි ගෝඨාභයට පවුලෙන් සහායක් නොලැබීම. ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කිරීමට පවුල විරුද්ධ වුණා. ඔහු අපේක්‍ෂකයා වුණෙ ජාතිකවාදීන්ගේ වුවමනාවට. ජයසුන්දර ගැන පවුලේ ඇතැමුනට විශ්වාසයක් තිබී ඇති බව සුගීෂ්වරගෙන් කියැවෙනවා. සුගිෂ්වර නොකියූ එහෙත් දන්නා කරුණු රාශියක් ඇති බව ඔහුගේ සාකච්ඡාවලින් පැහැදිලියි. ශිරන්ති හා දරුවන් ගැන ඔහුට කියන්න දේ තියෙන බව අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය නැහැ.

සුගීෂ්වර කියනවා ගෝඨාභය ඉල්ලා අස්නොවිය යුතු ව තිබුණා කියා. ඔහු රනිල් අගමැති කර පළා ගියා නො වෙයි. රනිල් අගමැති කිිරීම සඳහා වූ සාකච්ඡාව විනාඩි විස්සකට පමණ සීමා වූ බව සුගීෂ්වර කියනවා. අනෙක් අය පැය ගණන් සාකච්ඡා කර එක්කෝ එකඟ වී නැහැ, නැත්නම් නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයක් ඉල්ලා තියෙනවා. රනිල් සැලැස්ම දැන හිටි අයෙක්. අවුරුද්දක් පමණ පාර්ලිමේන්තුවට නෑවිත් සිටි රනිල් අවසානයේ දී ආවේ සැලැස්මකට අනුව”.

 

බැසිල් රාජපක්ෂ ගේ සමීපතමයෙකු වන පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ ඒ පිළිබඳ ලිපියට කොමෙන්ටුවක් දක්වමින් කියා ඇත්තේ සුගීෂ්වර යනු ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා රාජපක්ෂ පවුලෙන් ගැලවීමට යොදාගත් ගම්මන්පිල සහ විමල්ගේ තුරුම්පුව බව ය.

 

“සුගීෂ්වර ව ප්ලාන්ට් කළේ ගම්මන්පිල. ගෝඨාභය හැසිරවීම සඳහා ගම්මන්පිල හා විමල් පාවිච්චි කළේ සුගීෂ්වර. ඔවුන් මුලින්ම කළේ ගෝඨාභය ව රාජපක්ෂ පවුලෙන් ගලවන එක. ඒකට දිලිත් ලොකුව දායකත්වය දුන්න. රුවන්වැලි සෑයේ දිවුරුම් දෙන දවසේ මහින්ද මහත්තය අලුත්ම සාටයක් හදල ගිහිං ගෝඨාභයට දුන්න. ගෝඨාභය ඒක විසි කළා. ඒ කියන්නෙ ගෝඨාභයමයි පවුලෙන් ඉවත් වෙලා තිබුනෙ. මහින්දල සහාය නොදුන්න නෙවෙයි, මහින්දලගෙ සහාය ගත්තෙ නැ. සහාය නෙවෙයි, කතා නොකරන තැවට ගෝඨාභය ගෙනත් තිබුණ. දිලිත් ඇඳගෙන හිටිය සුදු අත්කොට කමිසය ගලවල ගෝඨාභයට ඇන්දුව. ඒක ඇඳගෙන ඉන්දියාවෙ ගියාම මෝඩි පැමිණිලි කළා, ගෝඨාභය තමන්ට නින්දා කළා කියල. පළමු සංචාරය ඉන්දියාව ගෝඨාභයට දුන්න. එක්කො ජාතික ඇන්දුමෙන් එන්න තිබුනෙ නැත්නම් යුරෝපිය ඇඳුමෙන්.

දිලිත් හා ගම්මන්පිල හිතවතුන්. තාමත් එහෙමයි. දිලිත් ජයසුන්දරට එරෙහිව ලොකු කැම්පේන් එකක් කරල ඔහුව දෙසැම්බර්වල යැව්ව. ඔවුන් දැනගත්තා ජයසුන්දර හිටියොත් බැසිල් එක්ක එකතු වෙලා කොහොම හරි ආර්ථිකය ගොඩ දානව කියල. අනිත් පැත්තෙන් ගෑස් ප්‍රශ්නයත් හැදුවෙ මේ කණ්ඩායම. බැසිල් එනකොටම අනිල් කොස්වත්ත අයින් කරල අර කිසිම දෙයක් නොදන්න තෙෂාරව දැම්ම. ඒ සේරම කළේ එකම කණ්ඩායමක්.

ගම්මන්පිල තෙල් ඇමති විදියට රටට කිව්ව තෙල් නෑ කියල. ඉතිං පෝලිම් හැදුනා. වෙනදා බවුසර් තුනක් සතියටම අවශ්‍ය ෂෙඩ් එකට දවසට තුනක් ගෙනාවත් මදිවුනා. ඒත් එක්කම ගම්මන්පිල රට තුළ ඔය තරම් තෙල් හිගයක් තියෙන කොට විදුලි බලාගාරවලට ගෙනාපු නැප්තා තෙල් මෙට්‍රික් ටොන් 150,000ක් පිටරටට වික්ක. ඒ නිසා බලාගාරවලට පාවිච්චි කරන්න වුනෙත් ඩීසල්මයි. මාර්තු ඉඩෝරයට තියාගෙන හිටිය ජලාශවල වතුර ටික නිකං ඇරල දැම්ම. ඒත් ගම්මන්පිල. මේව තමා සැබෑ කුමණ්ත්‍රණ. සුගීෂ්වර මේව නොදැන හිටිය වෙන්න බැහැ. ඔහුගේ ගුරා ගම්මන්පිල.

(මහින්ද පතිරණ)

 

ඒ කොහොම උනත් මේ තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු පත්වූ අනුප්‍රාප්තික  වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අරගලය සමයේ පළකල වීඩියෝවකි.

(වීඩියෝව සොයාදීමේ ස්තූතිය - එරන්ද ගිනිගේ (ජනාධිපති ගෝඨාභයගේ ජ්‍යෙෂ්ඨ උපදේශක) ට.

නවතම ලිපි