SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මිශ්‍ර ඡන්ද ක්‍රමයක් යටතේ මහ මැතිවරණය නව ක්‍රමවේදයකට පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාදාමය ක්‍රියාත්මක කිරීමට පමණක් වසරකට වැඩි කාලයක් ගතවන බව දේශපාලන ක්‍ෂේත්‍රයේ විද්වත්හු පෙන්වා දෙති.

පාර්ලිමේන්තුවේ ආසන දෙසිය විසිපහ තෝරා පත්කර ගැනීම සඳහා මැතිවරණ කොට්ඨාස මට්ටමින් මන්ත්‍රීවරුන් එකසිය හැටක් ද සමානුපාතික ක්‍රමයට හැටපස් දෙනක ද තෝරා පත්කර ගැනීමට සැලසුම් කර තිබුණ ද, ඊට අදාළ කෙටුම්පත් නීතිපතිවරයාට යොමුකොට නීති කෙටුම්පතක් ලෙස කැබිනට් මණ්ඩලය වෙත යැවිය යුතුය.

 

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත ව්‍යවස්ථා කටයුතු භාර ඇමැතිවරයා මගින් පාර්ලිමේන්තුවට ගෙන එන ලද නීති කෙටුම්පත න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව නැවත අධිකරණයට ඉදිරිපත් කළ යුතුය.

පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පත්කිරීමේ පරමාධිපත්‍ය බලය ඇත්තේ මහජනතාවට බැවින්, ජනමත විචාරණයක් පැවැත්වීම ද අනිවාර්යය.

මේ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ හිටපු මහාචාර්ය නවරත්න බණ්ඩාර ගෙන් විමසීමක් කළ විට ඔහු ප්‍රකාශ කොට සිටියේ, මෙවැනි ජනතාවාදී පරමාධිපත්‍ය බලයට අත තබන කෙටුම්පත් සංශෝධනයක් සිදුකිරීමට අධික මුදලක් සහ කාලයක් වැයවන බවය. ජනාධිපතිවරණයක් අභිමුව සිටින මෙවන් කාලයක එවැනි සංශෝධන සඳහා මෙය සුදුසු කාලය නොවන බව ද මහාචාර්යවරයා කියා සිටියේය.

දේශපාලනඥ මත විමසීමේදී, ඔවුන්ගේ අදහස වූයේ, ජනතාව මේ මොහොතේ මැතිවරණ ක්‍රම සංශෝධනයක් බලාපොරොත්තු නොවන බවය. මේ මොහොතේ අවශ්‍ය වන්නේ රටට පැහැදිලි නායකත්වයක් පමණක් බව ද, ආණ්ඩුව සූදානම් වී සිටින්නේ ජනතාව අවුල් සහගත තත්ත්වයකට පත්කොට තමන්ගේ අපේක්‍ෂාවන් ඉටුකර ගැනීමට බව ද ඔවුහු කියා සිටියහ.

 

(Divaina)

නවතම ලිපි