SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මාලිමාවට පෙම්බඳින, කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය නිර්මාල් දේවසිරි අද මුහුණු පොතේ නිර්මාල්වාදී ප්‍රකාශන ආරෙන් බැහැරව වෙනස්  ආරක පෝස්ටුවක් පලකර ඇත.

ඒ යම් විදිහකින් මාලිමාව මැතිවරණයෙන් පරාජය වුවහොත්...යන්න ය.

 

මේ වාක්‍යයම මේ වනවිට මාලිමාවේ රැල්ල පිළිබඳ  යම් ආකාරයක බරපතල අවිඥානික කියවීමකි.

බැසිල් රාජපක්ෂ පහුගියදා කීවේ රැල්ලක් ආවොත් ආපසු යා යුතුම ය කියාය.

රැල්ලෙන් ජනවරමක් දිනාගන්නට සූදානම් වුවහොත් එය නිවැරදි ය.

 

මාලිමාව රැල්ලට හසු නොවී තම ඡන්ද ව්‍යාපාරය ක්‍රියාත්මක කළේ නම් මීට වඩා ස්ථාවර තත්වයකට පත්වන්නට ද ඉඩ තිබුණි.

ඒ ‌රට තුළ ක්‍රියාත්මක වන IMF යෝජනාවන්හි සිට ඉඩම් සින්නක්කර කිරීමේ ක්‍රියාවලිය දක්වා වන බලවේගයන්හි සැබෑව හෙළි කිරීම ය.

එහෙත් ඒවා ජනප්‍රියවාදී නැත.

 

දැන් කාන්තාවගේ, ළමයාගේ සිට මහල්ලා දක්වා ඇසුරුම් යොදා ජනප්‍රිය වැඩ සටහන් කිරීම මාලිමාවරුන්ගේ ක්‍රමය වී ඇත.

සමගි ජන බලවේගය ද පසුපසින් පැමිණෙමින් ඒවා කොපි කර අලෙවි කරන්නේ ය.

මේ දෙකම යම් දුරකට මැතිවරණයේ අභියෝග දරාගත් තරඟකාරී පක්ෂ දෙකකි.

ගව් ගානක් ඈතින් සිටි රනිල් වික්‍රමසිංහ මේ දෙක දිහාම බලා තම මැතිවරණ ව්‍යාපාරය ටිකෙන් ටික සකස් කරන්නේ ඒ නිසාය.

 

කෙසේ වුවත් නිර්මාල්ගේ පෝස්ටුව පළ වෙන්නේ චම්පික රණවක ඉලක්ක කරගෙන ය.

එය නිවැරදි ය.

චම්පික එමින් සිටියේ මාලිමාවට තර්ජනයක් විය හැකි නායකත්වයක් ගෙන වුවද ඔහුට ඒ සඳහා නිසි දේශපාලන ව්‍යපෘතියක් තවම නැත.

එකී ව්‍යාපෘතියක් ලැබේනම්, ගොඩනැගෙනවා නම් අනුර දිසානායකට චම්පිකට අභියෝග කිරීම අසීරු බව නිර්මාල් දනී.

ඒ නිර්මාල් “බුද්ධිමත් මහාචාර්යවරයෙකු” වන නිසා ය.

(සටහන - ඉවෝන් ප්‍රියංකා ගෙනි).

 

නිර්මාල් දේවසිරිගේ පෝස්ටුව පහතින්...

 

චම්පික රණවකගේ උභතෝකෝටිකය!!!-(නිර්මාල් දේවසිරි)

චම්පිකගේ දේශපාලන කදවුර ද මාලිමාවට විරුද්ධ ප්‍රචාරක ව්‍යාපාරයේ තදට ම නියැලී ඇති බව පෙනේ. එම ව්‍යාපාරය සාර්ථක වී එළඹෙන මැතිවරණවලදී මාලිමාව පරාජය වුවහොත් එය චම්පිකගේ ජනාධිපති සිහිනයේ අවසානය වීමට ඉඩ තිබේ. ඉදිරි මැතිවරණවලදී මාලිමාව පරාජය වුවහොත් ජයගනු ඇත්තේ සජිත් රනිල් හෝ පොහොට්ටුව කේන්ද්‍ර කරගත් සංධානයකි. බොහෝ විට ප්‍රධාන විපක්ෂය වනු ඇත්තේ මාලිමාවයි. ඉන් අදහස් වන්නේ ඉදිරි කාලය තුළ විපක්ෂ අවකාශය තුළ ආධිපත්‍යය දරන්නේ මාලිමාව යන්නයි. එවිට ඉදිරි වසර පහතුළ චම්පිකට විශේෂ දේශපාලන භූමිකාවක් හිමිනොවනු ඇත. නමුත් මාලිමාව ජයගතයොත් බොහෝ දුරට සජිත්-රනිල-පොහොට්ටු බලවේග අතිශයින් දුර්වල වීමට ඇති ඉඩ වැඩිය. චම්පිකට සිය න්‍යාය පත්‍රය ප්‍රවර්ධනය කරගැනීමට අවස්ථාව ලැබෙනු ඇත්තේ එවැනි පසුබිමක පමණි.

නවතම ලිපි