SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජවිපෙට මේ වන විට ඇති ජන රැල්ලට ප්‍රධානතම හේතුව වී ඇත්තේ 2022 වසරේ මැයි 9 සහ 10 දිනවල ඇති වූ ප්‍රචණ්ඩකාරී නැගී සිටීමයි.

එහිදී නිවෙස් 100ක් පමණ ගිනි තැබූ අතර එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මරණයට පත්විය. එය එසේ සිදු නොවුයේ නම් ජවිපෙට මෙම අද පවතින ජනරැල්ල නොමැත.

 

සුදත්තගේ සමීක්ෂණයේ විවෘත සහ අපක්ෂපාතී බවක් පෙනේ. නමුත් එම සමීක්ෂණය දුර බැහැර ගම් පළාත් තුල සිදු නොවේ. මේ වන විට රනිල් ග්‍රාමීය "ජනතාව" ඉලක්ක කරගනිමින් ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් බෙදා දීම, රට රැකියා බෙදා දීම, අස්වැසුම, වැනි ඉතිහාසයේ කිසි දිනක නොදුන් ආකාරයේ වටිනා කමකින් යුත් මැතිවරණ අල්ලස් දීම ආරම්භ කොට ඇත. ඒ පිළිබඳව ජවිපෙට කරකියාගත හැකි දෙයක් නොමැත.

 

 maa 2

 

මෙම සමීක්ෂණයේ "වෙනත්" ලෙස සඳහන් බහුතර කොටස යනු මැතිවරණයකදී තීරණාත්මකම ජන කොට්ඨාශයයි. මොවුන් ඡන්දය දෙනු ලබන්නේ ජයග්‍රහණය කරනු ඇති බව පෙනන පක්ෂය හෝ සන්ධානයටය. බලය තීරණය වන මැතිවරණ ක්‍රියාවලියක අවසන් සති දෙක යනු බලය ලබා ගැනීමට හැකි පාර්ශව දෙක දෙගොඩ බෙදෙන අවස්ථාවයි. එම තත්වය තුල තම පාර්ශවයේ ශක්තිය සහ බලය ප්‍රදර්ශනය කල හැකි පාර්ශවය දෙසට "ජන රැල්ල" ඇදී යනු ඇත. එනම්, "වෙනත්" ලෙස සඳහන් අය ඇදී යන්නේ ශක්තිය සහ බලය ඇති පාර්ශවයටයි. පොලීසිය, හමුදාව සේම ඉහල රාජ්‍ය නිලධාරීන් ද එම තත්වය තුල බලවත් පාර්ශවයේ පැත්ත ගනු ඇත. පැහැදිලිව පවසන්නේ නම්, ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ ප්‍රාදේශීය පක්ෂ කාර්යාල ගිනි තැබිය හැකි, පෝස්ටර්ස්, කොඩි, බැනර්, කැපිය හැකි, කියාකරීන්ට පහර දිය හැකි, ඒ සියල්ල සිදු කරමින් නීතියෙන් ද ආරක්ෂා විය හැකි සේම වැඩි පුර පෝස්ටර්ස්, බැනර්ස්, කාර්යාල ප්‍රදර්ශනය කල හැකි, ශක්තිය ඇති පැත්තට "වෙනත්" ලෙස සලකුණු වී ඇති "ජනතාව" ඉතා උද්යෝගීමත්ව ඇදී යනු ඇත.  

 

maa 3

 

1994 මහා මැතිවරණයේදී UNPයට ප්‍රචණ්ඩ ක්‍රියා කල නොහැකි වූ අතර දැඩි ලෙස ප්‍රචණ්ඩකාරී වූයේ පොදු ජන එක්සත් පෙරමුණයි. දැඩි ප්‍රචන්ඩකාරීත්වයක් ඉසිලූ 1998 වයඹ පළාත් සභා මැතිවරණය සහ 2001 වසරේ රනිල් අගමැති වූ මහා මැතිවරණය මේ සඳහා මෑත කාලීන උදාහරණයි (80 දශකයේ සහ ඊට පෙර ඔනෑ තරම් උදාහරණ ඇත).

 

වයඹ මැතිවරණයේදී පොදු ජන එක්සත් පෙරමුණට ජය හිමිකරදුන් නියමුවන් වූ එස්. බී. දිසානායක, මහින්ද විජේසේකර වැනි චරිත 2001 වසරේදී UNPයට ජය ගෙන දීම සඳහා පෙරමුණ ගත් නියමුවන් විය. එහිදී මැතිවරණ කාල සීමාවේ අවසන් සති දෙක වන තුරුම දෙපාර්ශවය කරට කර තත්වයක් තිබූ නමුදු, විධායක ජනාධිපති දූරය තිබියදී පවා 2001 මහා මැතිවරණයේ දී ඔවුන් දැඩි ආක්‍රමණශීලි-ප්‍රචණ්ඩකාරී පිළිවෙතක් අනුගමනය කිරීම තුල UNPය බලාපොරොත්තු නොවූ ආකාරයෙන් අති විශාල ජයක් ලැබීය.

 

ජවිපෙට මැතිවරණයේ අන්තිම සති දෙක තුල එවැනි ආක්‍රමණශීලී ඡන්ද ව්‍යාපාරයක් දියත් කල නොහැකි නම් මේ "වෙනත්" ලෙස සලකුණුව ඇති ජන කොට්ටාශය අනීවාර්ය ලෙසම සජිත්ගේ පාර්ශවය වෙත කඩා වැටෙනු ඇත.

 

@Madawa Ruwanpathirana fb page

නවතම ලිපි