SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තමන්ගේ ජාතිකවාදී චින්තනය මෙරට ජනතාවගේ චින්තනය බවට පත් කරන්න පුළුවන් වූ,

බටහිර විද්‍යාවට වඩා ගව් ගානක් ඉදිරියෙන් තියෙන අපේ පෙරදිග විද්‍යාවේ අසිරිමත් දේවල් හොයා ගෙන යන්න මිනිස්සු තුල උනන්දුව අති කරපු සැබෑම විප්ලවවාදියකු වුන මහාචාර්ය නලින්ද සිල්වා දැයෙන් සමු ගැනීම ශෝක ජනක බව සුගීෂ්වර බණ්ඩාර කියයි.

 

නව ජනතා පෙරමුණේ රත්මලාන ආසන බල මණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට සහභාගී වෙමින්  ඔහු මෙසේ අදහස් දක්වා ඇත.

 

"අද දිනය ශ්‍රී ලාංකීය දේශපාලනයේ නියුතු පිරිසට මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකිකයින්ටම බොහොම ශෝකජනක දිනයක්, තමන්ගේ ජාතිකවාදී චින්තනය මෙරට ජනතාවගේ චින්තනය බවට පත් කරන්න පුළුවන් වුන, බටහිර විද්‍යාවට වඩා ගව් ගානක් ඉදිරියෙන් තියෙන අපේ පෙරදිග විද්‍යාවේ අසිරිමත් දේවල් හොයා ගෙන යන්න මිනිස්සු තුල උනන්දුව අති කරපු සැබෑම විප්ලවවාදියකු වුන මහාචාර්ය නලින්ද සිල්වා මැතිතුමා අද දැයෙන් සමු ගන්නවා. මම හිතන්නෙ අපි වගේ තරුණයින් පිරිසකගෙන් හැදුන දේශපාලන බලවේගයකට ඉගෙන ගත යුතු බොහෝ දෑ ඉතිරි කරමින් දැයෙන් සමුගත් ඒ මහා ප්‍රාඥයාට, දේශාභිමානී  ලංකා පුත්‍රයාට නිවන් සුවය ප්‍රාර්ථනා කරන්න මම මෙය අවස්ථාවක් කර ගන්නව. ඒ වගේම විදේශයන්ට ගැති නොවී ජාතියක් විදියට අපි නැගී සිටිය යුතුය යන මතය මේ රටේ මිනිස්සු තුල අවධි කරන්න එතුමන් ගත් උත්සාහය හා චින්තනය අපගේ දේශපාලන ව්‍යාපාරයට ආලෝකයක් කර ගත යුතු බවද මම මේ අවස්ථාවේ මතක් කරනව.

 

ගෝලීය වසංගත තත්ත්වය හමුවේ ඇතිවූ ආර්ථික අර්බුදයත් ඉන් ජනිත වූ දේශපාලන අස්ථාවරභාවයත් හේතුවෙන් අරාජිකත්වය කරා වේගයෙන් ගමන් කරමින් තිබූ  ශ්‍රී ලංකාව එම අති භයානක තත්ත්වය තාවකාලිකව තිරිංග යෙදීමෙන් නතර කර ගැනීමට සමත්ව තිබීම ගැන අපි සතුටු විය යුතුය. යම් අයෙකු මෙම තත්ත්වය ආර්ථික අර්බුදය සමනය කර ගැනීමක් යයි සිතීම විහිළුවකි. ආර්ථික අර්බුදය සමනය වූවා නම් අපි සාමාන්‍ය තෘප්තිමත් ජන ජීවිතයක් ගත කළ යුතුය. ඔබ අපි කාටත් දැනෙන පරිදි පසුගිය වසර දෙක තරම් නැතත් අපි මහත් ආතතියකින් සාමාන්‍ය ජීවිතය ගත කරන බව නොරහසක්.

 

මෙම තත්ත්වයෙන් මිදී  ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් දේශයක් ලෙස ගෝලීය අභියෝග ජය ගැනීමට නම් මූලිකව කඩිනම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කිරීමට අප රටක් ලෙස සාධනීය තීන්දු තීරණ රැසක් ගත යුතුව ඇත. සමහර තීන්දු තීරණ ගැනීම ප්‍රමාද වීම තුල දිනකට මෙරටට අහිමි වන දළ දේශීය අදායම ඩොලර් මිලියන ගණනක් විය හැකියි.

 

නව ජනතා පෙරමුණ අලුත් පක්ෂයක් විදියට ශ්‍රී ලංකාවේ පරිපාලන හා දේශපාලන ව්‍යුහය මේ වන විට අධ්‍යනය කරමින් සිටින අතර, එහිදී අප හදුනාගත් අභියෝග හා ඊට අවශ්‍ය ප්‍රතිසංස්කරණයන් සිදු කල යුතු ආකාරය පිළිබඳව පක්ෂය තුල පවතින සාකච්ඡා සඳහා විවිධ ක්ෂේත්‍ර වල විද්වතුන් සහභාගී කර ගන්නා ලදී. එහිදී අප ලබාගත් දැනුම හා අප පක්ෂයේ දැක්ම අනුව ඒවා ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව යෝජනා නුදුරු අනාගතයේදී එළිදක්වන පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් ඔබ සැමට දැක ගන්න ලැබේවි.

 

උදාහරණයක් කිව්වොත් අප පක්ෂයක් විදියට කල්පනා කරනව නවීන තාක්ෂණය යොදාගෙන කොහොමද පිරිවැය අඩු කරගෙන රාජ්‍ය සේවාව ගුණාත්මක සේවාවක් බවට පත් කරන්නෙ කියල. එහිදී අප දැඩි ස්ථාවරයක ඉන්නව රාජ්‍ය යාන්ත්‍රණය ජාලගත විය යුතුයි කියන එක. තවදුරටත් සේවා ලාභියෙක් තමන්ට අවශ්‍ය සේවාවක් ලබා ගැනීමට කාර්යාලයක් කාර්යාලයක් ගානේ කොල කෑලි එකතු කර කර තැනින් තැන රස්තියාදු විය යුතු නැහැ. එම සේවාවන් පහසුවෙන් හා කඩිනමින් ඉටු කිරීමට දැන් නවීන තාක්ෂණ මෙවලම් හා ක්‍රම ඇති තරම් තියෙනව ඒ සඳහා අවශ්‍ය වන්නේ මග පෙන්වීම හා අවශ්‍ය තීන්දු තීරණ ගැනීම පමණයි. අපි ඒ දේ කරනව, අවශ්‍ය ඔබ තමුන්නාසේලා අප ගැන විශ්වාසය තැබීම පමණයි.

 

අද බොහොමයක් පිරිස් දේශපාලන ක්‍රමයේ වෙනසක් ගැන කතා කරනව, වංචාව දුෂණයෙන් තොර රටක් ගැන හීන මවනව. ඒ හිතන විදිය හරි ඒක තමයි වෙන්න වුවමනා. හැබැයි ඒ වෙනස කරන්න බලය දෙද්දි ලග විතරක් බලන්න එපා එම පිරිස් වල අතීත දේශපාලන භාවිතාවන් පිළිබඳව සොයා බලන්න. වර්තමානයේ ඔවුන් කරන ප්‍රකාශ තුල අතීතයේ සිදු කළ දෑ පිළිබඳව නැවත සිහිපත් කරනවානම් ඔවුන් ඔබ ඔබ වෙනුවෙන් වෙනස් වී නොමැති බව මතක තබා ගන්න.

 

මේ රටේ ලොකු කුඩා සෑම පුරවැසියතුම ආදරය කරපු විජේ කුමාරතුංග මැතිතුමා ඝාතනය කරන්න ආපු තුවක්කු කරුට ජනතා විමුක්ති පෙරමුණ අණ කරල තිබුණෙ ඔහුගේ මුහුණ විකෘති වන ආකාරයට මෙම ඝාතනය සිදු කරන්න කියල. විජේ කුමාරතුංග මහතාගේ ඝාතකය ඔහුට මරණාසන්න වෙඩි ප්‍රහාරයන් එල්ල කරල යන්න ගිහින් ඒ අණ මතක් වෙලා ආපහු හැරිල ඇවිත් මූණ විකෘති වෙන්න වෙඩි තිබ්බ. අර නලින් හේවගේ වගේ අය තම පක්ෂය සිදු කළ කෘෘර ඝාතන තුලින් අදටත් කුරිරු සතුටක් ලබන්නෙ මේ වගේ සිද්ධි මතක් කරල. කවදාවත් හිතන්න එපා මේ අය වෙනස් වෙලා කියල.

 

ලාල්කාන්ත මහත්මය තාමත් හීන මවන්නෙ ගම් වල JVP කාරයන්ට බලය දීල රටේ නීතිය හා සාමය පවත්වාගෙන යන්න නම් ඒකද ඔබ බලාපොරොත්තු වන නව දේශපාලන ක්‍රමය කියල මම අහන්න කැමතිය. මොකද එයාල 1988/1988 කාලෙ රාගම සෝමෙ වගේ සමාජ විරෝධී ක්‍රියා කරපු කසිප්පු කාරයො අතට අවි ආයුධ දීල රෝහණ විජේවීරත් ඔහොම ග්‍රාමීය පාලනයක් ගැන හීන මැව්ව කියල ඒ කාලෙ ජීවත් වුන අය දන්නව. ලාල්කාන්ත ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ හදන්නෙ ආයෙත් බෝක්කු උඩ නඩු අහල මිනිස්සුන්ගෙ කට ඇතුලට තුවක්කුව දාල වෙඩි තියන්නද? තරුණ ගෑනු ළමයිගෙ හිස බූ ගාල මහ පාරෙ ඇවිද්දවන්නද?

 

එක දෙයක් මතක තියාගන්න මාර්ක්ස් වාදය, ලෙනින් වාදය ඔස්සේ යමින් කොමියුනිස්ට් පාලන ක්‍රමයක් පිළිබඳව විශ්වාසයෙන් කටයුතු කරන ජනතා විමුක්ති පෙරමුණ වැනි අගතිගාමී, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන පක්ෂයක් තුළින් ඔබ ඒ වෙනස දකින්න යන්න එපා. එහෙම උනොත් සහතිකවම ඔබට, රටට ඊලග පාරත් වරදින එක වරදිනවමයි.

 

ඒ නිසා ජාතික ජන බලවේගය නමින් එන මිනීමරු ජනතා විමුක්ති පෙරමුණේ වෙස් මුහුණට කවදාවත් ඔබවත් ඔබේ වටිනා ඡන්දයවත් රවට්ටන්න දෙන්න එපා. මේ එන්නෙ ඒ පරණ යකාම වෙස් මාරු කරන් ඊලග සන්නිය නටන්න බව අප මතක තබා ගත යුතුයි. අප එයට විරුද්ධව ප්‍රගතිශීලී බලවේග පෙල ගැස්විය යුතුයි.

 

මම මේ පහුගිය දිනක දැක්ක ගෝඨාභය ජනාධිපතිතුමාගෙ කැබිනට් මණ්ඩලයේ හිටපු එක ප්‍රභල ඇමතිවරයෙක් කියනව ඔවුන් මීළඟ මේ රටේ ජනාධිපති කරන්නෙ ජාතිකවාදී නායකයෙක් කියල. මොන විහිළු කාරයෙක්ද එතුමා, ඉතින් දෙවියනේ ඇත්තටම එයාල තුල එහෙම චේතනාවක් තිබුණ නම් මේ රට තවත් කිසිදු අයුරකින් ණය නොකරපු, තම පාලන කාලය තුල වංචා දූෂණ නොකරපු, බොහොම ධාර්මික රාජ්‍ය පාලනයක් ගෙන ගියපු මේ රටේ බිහි වුන හොඳම ජාතිකවාදී නායකය වුන ගෝඨාභය රාජපක්ෂ රැක ගන්න එපැයි. ඇයි ඒ නායකට රාජ්‍ය පාලනයේ අමාරුම අවස්ථාවෙ ඇමතිකම් දාල බොරු වැරදි හදන් දිව්වෙ කියල මම අහනව. මේ බොරු දේශප්‍රේමීත්වය පොරව ගතපු නරින්ට ශ්‍රී ලාංකික දේශපාලනයේ මින් පසුව කිසිම දිනක ඔබේ වටිනා ඡන්දය දෙන්න එපා කියල මම ඉල්ලනව.

 

අනෙක් බරපතලම කාරණාව තමයි ඉදිරි වසර වසර 10තුල  ශ්‍රී ලංකාව භූ දේශපාලන බලපෑම් හමුවේ රට තුල දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරගන්නෙ කොහොමද කියන එක. අපි දැක්ක පහුගිය අවුරුදු 15ක කාල සීමාව තුල මෙරට බල හුවමාරුව සිදු වුනේ විදේශ රට වල බලපෑමෙන් කියන එක. මේක දේශපාලනඥයන්ට පමණක් නතර කල හැකි එකක් නෙවෙයි. මේ සඳහා රටේ පුරවැසියා දැනුවත් භාවයෙන් සිටිය යුතුයි. NGO හරහා ලැබෙන සල්ලි වලින් දේශපාලන සංදර්ශනදාන මිනිස්සුන්ට ඡන්දය නොදී ඉන්න එකේ වැඩි වගකීමක් තියෙන්නෙ ඔබ තමුන්නාසේලාට. මම මුලින් කිව්ව ආර්ථික කාරණා ඉටු කරන්න නම් රටක දේශපාලන ස්ථාවර බවක් තිබීම අත්‍යාවශ්‍ය කාරණාවක් කියල එහි වගකීම තියෙන්නෙ බුද්ධිමත් ඔබට බව මම මතක් කරල දෙන්න කැමතියි.

 

Media unit

නවතම ලිපි