ඊයේ (10) එක්සත් ජනරජ පෙරමුණේ පැවති මාධ්‍ය හමුවකදී වර්තමාන මැතිවරණ දේශපාලන තත්වය පිළිබඳව
මාධ්‍යවේදීන් විසින් පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගෙන් විමසන ලදී.
ජනාධිපතිවරණය හා මහ මැතිවරණය ගැන මේ වෙනකොට පොඩි ගැටළුවක් ඇතිවෙමින් තිබෙනවා. ඔබතුමා හිතන්නේ මොකක්ද වෙන්නේ ඉදිරියේදී?
බැසිල් රාජපක්ෂ මහත්මයාට ඕන කරලා තියෙනවා මම දැක්කා මාධ්‍ය වාර්තා කරලා තියෙනවා, පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙනවයි කියලා මේ පාර්ලිමේන්තුව විසුරුවන්න ඕනෙයි කියලා. එහෙම පාර්ලිමේන්තුවේ බහුතර පිරිසක් යෝජනා සම්මතයෙන් පාර්ලිමේන්තුව විසුරුව ගන්නවා නම් ඒ ගැන අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ.
නමුත් ජනාධිපතිතුමාගේ මතයට විසුරුවනවා නම් ඒක වැරදියි. ඒකට හේතු කිහිපයක් තියෙනවා. එක මේ ජනාධිපතිතුමා බලයට ආවේ ආර්ථිකය ස්ථාවර කරනවා කියන පොරොන්දුව මත. ඒ නිසා ජනාධිපතිතුමාගේ පළමු කාර්ය වෙන්න ඕනේ රාජපක්ෂ පවුල ගලවා ගැනීම සඳහා වෙන මැතිවරණයක් තියෙන එක නෙවෙයි. එතුමාම අපිට කියපු පරිදි රටේ මේ ණය ප්‍රතිව්‍යුහගත කරලා රට ස්ථාවර කරන්න ජූනි මාසය අවසන් වීමට පෙර. එහෙම නැතුව ජනාධිපතිතුමාගේ බලතල පාවිච්චි කරලා එතුමා පාර්ලිමේන්තුව විසුරුවලා රට නැවත පාර්ලිමේන්තු මැතිවරණයකට යොමු කළොත් ඒ පාර්ලිමේන්තුවෙන් අස්ථාවර පාර්ලිමේන්තුවක් ආවොත් ඒ හරහා රටේ ආර්ථික අර්බුදය වැඩි වුනොත් ඒ වගේම රට නැවත වතාවක් බංකොලොත් වීමේ කඩඉමට ආවොත් ඒක ජනාධිපතිවරණයටත් නරක විදිහට බලපානවා.
මැතිවරණ කොමිසම කියලා තියෙන පරිද්දෙන් සැප්තැම්බර් 17යි, ඔක්තෝබර් 17යි අතර ජනාධිපතිවරණය පවත්වන්න. සුදුසු කෙනෙක් ඒ ජනාධිපතිවරණයෙන් ජය ගනියි. ඒ ජනාධිපතිවරයා ඔහුට කැමතිනම් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ඒ නව ජනවරම එක්ක යන්න.
ජනාධිපතිවරණයත්, මහ මැතිවරණයත් දෙකම එකට මේ ඇතුලත පවත්වන්න පුළුවන් වෙයිද?
ඒක මැතිවරණ කොමිසම තීරණය කරන්න ඕනේ, පවත්වන්න පුළුවන්ද? බැරිද? ඒකට මුදල් හොයාගන්නේ කොහොමද කියන එක. මැතිවරණ කොමිසම තීරණය කරන්න ඕන දෙයක්.
ඔබතුමාගේ භූමිකාව කොයි වගේ වෙයිද?
අපි වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා පහුගිය පෙබරවාරි 14 වෙනිදා. ඒ වැඩපිළිවෙල මත පදනම් වෙච්ච සන්ධානයක් මගින් තමයි අපි ඉදිරි මහ මැතිවරණයට, ජනාධිපතිවරණයට මුහුණ දෙන්නේ.
සජිත් මහත්තයට සහය දීමක් වගේ වෙයිද?
සජිත් මහත්තයාට හෝ, අනුර මහත්තයාට හෝ, රනිල් මහත්තයාට හෝ වෙනත් අයට සහයෝගය දෙන්න කියලා මේ කාටවත් හේත්තු වෙන්න යන්නේ නැහැ. අපි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වැඩපිළිවෙල පිළිගන්නවා නම්, ඒ වැඩපිළිවෙලත් එක්ක වැඩ කරන්න, සාමූහික නායකත්වයක් ගොඩ නැගෙනවා නම්, අපේ විවෘත භාවය තියෙනවා.
නෙළුම් මාවතේ දේශපාලන මෙහෙයුම් කාර්යාලය එහෙම ආරම්භ කරා. කොයි වගේ බලපෑමක් වෙයිද? ඔබතුමන්ලා ඇතුළු කණ්ඩායමට?
අපි බොහොම පැහැදිලිව කියන්න ඕනේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එහි නායකත්වය මේ රට බංකොලොත් වීමට වගකිව යුතු බව අපි කිව්වහම ඒක දේශපාලනිකයි කිව්වා. නමුත් මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙනවා. ඒ අනුව ඔවුන්ට ඒ නායකයින්ට මේ රටේ දේශපාලනය කිරීමේ අයිතියක් නෑ. රටේ ස්වෛරීභාවය අහෝසි කරලා තියෙන නිසා. හැබැයි ඒ පාක්ෂිකයින්ට රාජපක්ෂ පවුලේ නොවන අයට රටේ දේශපාලනය කරන්න පුළුවන්. ඔවුන්ට ඒ පිළිබඳ අයිතියක් තියෙනවා. ඔවුන් ඒ ගැන සංවිධානය වුණාට කමක් නෑ. නමුත් පරණ පාරේ ගිහිල්ලා අනාගතයක් නෑ.
බැසිල් රාජපක්ෂ මහත්මයා මේ දවස් වල කියනවා ඕන කෙනෙකුට එකතු වෙන්න පුළුවන් කියලා ඒගොල්ලොත් එක්ක. ආරාධනාවක් ආවොත් මොකද?
මං කිව්වනේ කලින්ම බැසිල් රාජපක්ෂ මහත්තයා, මහින්ද රාජපක්ෂ මහත්තයා, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආර්ථිකය බංකොලොත් වීමට වගකිවයුතු අය. ඒ වගේම තවත් වගකිවයුතු අය ඉන්නවා. ඒකත් මතක තියාගන්න. මේ රටේ ඇතිවුණේ තෙල් අර්බුදයක්. ඒ තෙල් අර්බුදය නොසැලකිල්ල නිසාද, නොහැකියාව නිසාද, කුමන්ත්‍රණයක් නිසා ඇතිවුණාද කියන එක ගැන තාම හරි පරීක්ෂණයක් කරලා නැහැ. ඒ සියලු දෙනාට මේ රටේ දේශපාලනය කරන්න අයිතියක් නැහැ. මොකද, තෙල් අර්බුදයක් ඇතිවෙලා විදුලි අර්බුදයක් ඇති වෙලා, මුල්‍ය අර්බුදයක් ඇති වෙලා රට මෙතෙන්ට ගිය තත්වය ගැන, අධිකරණ ක්‍රියාදාමයට අමතරව විධිමත් ආර්ථික අපරාධ යුක්ති කොමිසමක් මගින් විධිමත් අධ්‍යනයක් කරලා සියලු දෙනාටම දඬුවම් දෙන ක්‍රියාවලියක් අවශ්‍යයි.