SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති තුලින් "රට ගොඩගැනීම" සඳහා තරඟකාරී ලෙස පක්ෂ කිහිපයක් ඉදිරිපත් වී තිබේ.

ඒවා නම් එජාපය, සජබ, මාලිමාව, පොහොට්ටුව, චම්පිකගේ පක්ෂය, දිලිත්ගේ පක්ෂය, ධම්මික පෙරේරා යන පක්ෂ සහ පුද්ගලයින්ය.

 

ඒ අනුව දැන් තෝරාගත යුතුව ඇත්තේ අදාළ කටයුත්ත සඳහා වංචා-දූෂණ නොකරන, වඩාත් කාර්යශ්‍යම, සැලසුම් සහගත, සහ කලමනාකරණීය වන්නේ කවුරුන් ද යන්නයි. දැනට ඉදිරිපත්ව ඇති තරඟකරුවන් අතරින් මාලිමාව මේ වන විට ඉදිරියෙන්ම සුදුසුකම් සපුරා තිබේ.

 

 

මුළු සමාජයම කිසිඳු කලක නොතිබූ පරිදි ලිබරල් දෘෂ්ටිවාදයේ ගිලී යද්දී ඊට එරෙහි කතිකාවක් නොමැති තරම්ය...

ශ්‍රී ලංකාව ගොඩගත හැකි මග පිළිබඳව අතිශය බහුතර මතය වන්නේ ලංකාව වෙත ආයෝජකයින් අද්දවා ගත යුතු බව, ආයෝජන ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය කටයුතු කල යුතු බව, ලංකාව ලෝකය සමග ඒකාබද්ධ කිරීම, නිදහස් තරඟකාරී නිෂ්පාදන ආර්ථිකයක් සහ වෙළඳපොළක් තුලින් ලෝක ප්‍රාග්ධන ක්‍රියාවලියට අවතීර්ණ වී එහි කුට්ටියක් ඩැහැ ගැනීම සඳහා පොර බැදිය යුතු බවයි. එසේම IMF ඇතුළු එවැනි අනෙකුත් ආයතන පිළිබඳව ගොඩනැගෙන සංවාදය බහුතරය පිළිගන්න බව පෙනේ.

 

ශ්‍රී ලංකාව ගෝලීය නිෂ්පාදන ජාලා සමග සම්බන්ධ කරමින් වැඩි වැඩියෙන් ධනය උත්පාදනය කිරීමටත්, එම ධනය තුළින් ශ්‍රී ලංකාව ආර්ථික, සාමාජීය සහ සංස්කෘතික වශයෙන් ගොඩනැගීමත් එම කතිකාවට අදාළ මුඛ්‍ය පරමාර්තයන්ය.

 

මෙම ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රධානතම ප්‍රකාශකයා වන්නේ හර්ෂ ද සිල්වාය. හර්ෂ ද සිල්වාට අනුව කුඩා දූපතක් වන ශ්‍රී ලංකාවේ ජනගහනය මෙන් කිහිප ගුණයක වෙළෙඳපොළ රාශියක් ලංකාවට ඔබ්බෙන් පවතී. එම වෙළෙඳපොළවල අති මහත් ධනයක් ඒකරාශී වී ඇත. මහා සාගරයෙන් දිය දෝතක් ගන්නා සේ මේ ගෝලීය වෙළෙඳපොළින් අපගේ කොටස තරගකර ලබාගැනීම ඔහුගේ සැලසුමේ (රනිල් වික්‍රමසිංහ ඇතුළු බල දේශපාලනයේ සියලු දෙනාටම ඇත්තේ එම සැලසුමයි) මූලික හරයයි. ඒ වෙනුවෙන් අපගේ අධ්‍යාපනය, ශ්‍රම බලකාය, යටිතල පහසුකම්, රාජ්‍ය ව්‍යවසායන් සහ සේවා ඇතුළු බොහෝ ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණය කිරීමටත් වැඩි වැඩි වශයෙන් විදේශ වෙළෙඳ ගිවිසුම් හරහා ලෝකය සමග එකතුවීමත් අවශ්‍ය බව ඔහු අවධාරණය කරයි.

 

හර්ෂ මෙසේ පවසයි:

“අපි ලෝකයත් එක්ක එකතුවෙලා ඉහළ ධන උත්පාදනයක් කිරීමට මෙම සැලසුමෙන් අපේක්ෂා කරනවා. මේක අපි කරන්නේ අභිමානයෙන් යුතුව. ඉහළ තරගකාරීත්වයෙන් යුතු තාක්ෂණයෙන් ඉහළ භාණ්ඩ හා සේවා ලෝකයට ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් අපගෙන් ගිලිහුණු අභිමානය අපි ක්‍රමානුකූලව ආයෙත් ලබාගන්නවා. ඒ වගේම, මේ විදිහට උපයා ගන්නා ධනයෙන් කොටසක් මනුස්සකමින් සමාජයේ දුප්පත් ජනතාව වෙත අපි සාධාරණ විදිහට බෙදා හරිනවා. අපි ක්‍රමානුකූලව ඒ ජනතාව දුප්පත් කමින් ගලවා ගැනීමටත් මෙමගින් සැලසුම් කර තිබෙනවා."

 

 

මේ ආර්ථික විද්‍යා සැලසුම්කරුවන් තව දුරටත් ප්‍රකාශ කරනුයේ, විනිවිදභාවය සහ වගවීම, ණය අර්බුදය කළමණාකරණය, මූල්‍ය සහ විනිමය අනුපාතික ප්‍රතිපත්තිය, ආදායම් ස්ථාවර කිරීම, වියදම් පාලනය, වෙළඳාම, කර්මාන්ත, කෘෂිකර්මය සහ සේවා ප්‍රවර්ධනය, රාජ්‍ය අංශය කළමනාකරණය සහ ඩිජිටල්කරණය කිරීම, බලශක්තිය සහ මහජන උපයෝගිතා, නිෂ්පාදන සාධක වෙළඳපොළ ප්‍රතිසංස්කරණ, සමාජ සාධාරණත්වය තහවුරු කිරීම, ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලය සහ පොදු යටිතල පහසුකම් යන අංශ වර්ධනය කිරීම සහ විධිමත් කිරීම කල යුතු බවයි.

 

ඔවුන්ට අනුව "සමාජ වෙ‍ෙළඳපොළ ආර්ථිකයක්" යන්න ඔවුන්ගේ ස්ථාවරයයි. එය පුද්ගල නිදහස හා ස්වාධීනත්වය තහවුරු කරන ආර්ථික ලිබරල්වාදය හා සාධාරණත්වය හා යුක්තිය තහවුරු කරන දේශපාලන නිදහසේ මුහුවක් බව ද පවසයි. දීර්ඝ කාලීන ‍තිරසාර සංවර්ධනය ලඟා කර ගැනීමට සෑම පුරවැසියෙකුටම ඒ සඳහා අවස්ථාව ලබාදීම යන පොරොන්දුව ඔවුන් සියලු දෙනා විසින් ලබා දේ.

 

ඉන් පසු ඒ සියලු දෙනා පවසනුයේ ශ්‍රී ලංකාවේ පිළිකාවන් මෙන් ඔඩු දුවා තිබෙන වංචා හා දූෂණ අවම කිරීමට පැහැදිලි වැඩපිළිවෙලක් සකස් කල යුතු බවයි. අල්ලස් සහ දූෂණ වෙනුවෙන් ක්‍රියාත්මක වීමට ස්වාධීන කොමිෂන් සභා, සොරාගත් වත්කම් සොයාගැනීමේ වැඩසටහන, නීතිමය රාමුව ශක්තිමත් කිරීම, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දූෂණ විරෝධී සම්මුතියට එකඟවීම, ස්වාධීන දූෂණ විරෝධී ආයතනයක් ඇතිකිරීම අදාළ මූලිකාංග වේ.

 

ඒ අනුව ලංකාව ණය බරින් තුරන්කොට, සුඛිත-මුදිත, සංවර්ධිත, දියුණු, රාජ්‍යයක් බවට පත්කිරීම තුලින් සියලු ආර්ථික සමාජීය ප්‍රශ්න විසඳීම ලිබරල් නිදහස් අර්තිකවාදයේ අරමුනයි. එහිදී දෘෂ්ටිවාදය වන්නේ, එසේ නිසි ආර්ථික විද්‍යාත්මක වැඩපිළිවෙලක් සකස් කිරීම, විධිමත් ව්‍යුහගත කිරීම්, කොමිෂන් සභා පත්කිරීම් වැනි තත්වයන් සාක්ශාත් කොටගෙන ශුද්ධ ලිබරල් ප්‍රජාතනන්ත්‍රික රාජ්‍යයක් සංස්ථාපනය කල හැකි වුවහොත් ඉන් පසුව ප්‍රශ්න වශයෙන් ඉතිරිවනු ඇත්තේ විසඳිය නොහැකි, කොහොමටත් මිනිසුන්ට තිබෙන ප්‍රශ්න ලෙස සියල්ල ව්‍යුහගත වීමයි (එවිට ඒවාට ඇත්තේ ආගමික විසඳුම් පමණි). නමුත් නිසි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ මේ මොහොතේ කල නොහැකි බවත්, ඒ සඳහා ඊට පෙර අවශ්‍ය පියවර සහ ව්‍යුහාත්මක වෙනස් කම් රාශියක් සිදු කල යුතුව ඇති බවත් විශේෂඥ ස්ථාවරයයි. ඒ අනුව නිසි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය සංස්ථාපනය කල හැකි වීම සැමවිටම පවතින්නේ අනාගතයේය.

 

හර්ෂ ද සිල්වාට නොදෙවැනි ලෙස අදහස් දක්වන අනුර කුමාරගේ විඩියෝවක් පහතින් දක්වා ඇත. නමුත් ඔහු බලයට පැමිණි පසුව ඔය කියනා කිසිවක් කල නොහැකි වනු ඇත. අනුර පමණක් නොව හර්ෂ විධායක ජනාධිපති වුව ද ඔහු කියනා, සිතා සිටිනා කිසිවක් කල නොහැකි වනු ඇත.

 

 

 

අනුර අප්‍රිකානු කලාපය තුල ශ්‍රී ලංකා ආධිපත්‍ය පැතිරවිය හැකි ආකාරයක් පිළිබඳව ද විහිළුවක් සපයයි.

 

මීට සති දෙකකට ඉහත ලියූ අනුරගේ ප්‍රකාශයට අදාළව ගත හැකි ලිපියේ සබැඳිය:

https://slleader.lk/social/9746-2024-05-01-12-07-20

 

මේ සියල්ල මෙසේ තිබියදී ජවිපෙ බලයට පැමිණීම තුලින් යම් සාධනීය දේශපාලන චලනයක් සිදුවීමට නියමිතය.

 

@ස්පාර්ටකස් ලිපි

marrikkar

නවතම ලිපි