මාසයක තතු ..01
සිරි ලංකාවේ දේශපාලනේ ගැන ඇත්තේ කලකිරීමක්. රටක් හැටියට යන්නේ කොහේද? දැවැන්ත අරගලයක් කරලා එහි ප්‍රථිපල ලැබුණද? එයින් අරමුණු කරපු දේ රටට ලැබුණද? කුසගින්නේ ආදායම් නැතිව ජනතාව ගෙවන්නේ කුමන ජීවිතයක්ද? අප්‍රේල් අග සතිය වගේම මැයි මුල සතියේ දවස් තුනක් මම හිටියේ ලංකාවේ. අනිත් හැමදාටම වඩා මම බොහෝ පිරිස් එක්ක සම්බන්ධ වුණා.ඒ සම්බන්ධ වීම් වල විශේෂිතම සම්බන්ධ වීම් තිබුණා. සියල්ල දේශපාලනිකයි. ඒ ගමන අධීක්ෂණයක්, අධ්‍යනයක් හෝ සමීක්ෂණයක් කිව්වොත් නිවැරදියි. මේ ලිපිය ලියවෙන්නේ ඒ අධ්‍යනයන් ඇසුරින්.
ලංකාවේ සිවිල් සංවිධාන
ලංකාවේ සිවිල් සංවිධාන කිහිපයක් පමණක් සක්‍රීයයි. ඔවුන් දුෂණයට වංචාවට වගේම සමාජ අසාධාරණයට එරෙහිව සටන් කරනවා.ඒ සටන් කරන කිහිප දෙනාගෙන් එලිය ලබන කණ්ඩායම් වැඩියි. රැස්වීමෙන් රැස්වීමට ගිහින් තමන් අදහස් කරන ආණ්ඩුක්‍රම වෙනස්කම්, මන්ත්‍රී වරප්‍රසාද අඩු කිරීම් ගැන කතා කරමින් දවස ගෙවාගන්න පිරිසක් ඉන්නවා. ඔවුන් ගේ එකතුවකින් එලි දක්වපු චායා පාර්ලිමේන්තුවේ සමාරම්භයට මම ආරාධනයක් මත ගියා.මේ චායා පාර්ලිමේන්තුව ගොඩ නගන්න, දිරිගන්වන්න හිටපු පිරිසට වඩා කකුලෙන් අදින්න හිටපු පිරිස වැඩියි. එතනට ආව බොහෝ දෙනෙක් විවිධ මත දරපු අය. විවිධ අරමුණු වලින් ආපු අය. ශාලාව,ශබ්ධ වාහිනී යන්ත්‍ර මේවා ඔක්කොම ඉතාම වියරු විදියට තමයි ක්‍රියාත්මක වුණේ. එක එක න්‍යාය පත්‍ර.. කොටින්ම මයික්‍රෆෝන ක්‍රියාත්මක වුණේ අදාල සංවිධාකයන් ගේ ඕනෑවට. සජීව විකාශය සිද්ධ වුණේ ඔවුන් කැමති, එසවිය හැකි පුද්ගලයන් වෙනුවෙන් පමණයි. ගොඩක් දෙනෙක් ආවේ එතනට ආපු පුද්ගලයෝ තමන්ගේ සංවිධාන වලට බිලි බාගන්න. ඔය ඔක්කොම අතරේ එම වැඩසටහනේ හොඳ අදහස් තිබුණා. උග්‍ර ජාතිවාදී අදහස් තිබුණා. ඒත් මිත්‍රවරුණි ජාතියක සිවිල් සංවිධාන වල තිබිය යුතු අවංක කම කැපවීම වගේම ස්වාධීන බව මම දැක්කේ කිහිප දෙනෙක්ගෙන් විතරයි.අනිත් හැමෝම වගේ කිසියම් දේශපාලන පක්ෂයකට බද්ධව ස්ථානගත වෙනවා.නැතිනම් කිසියම් සුවිසල් කඳවුරක වැටුප් ලබමින් සිවිල් සංවිධාන මෙහෙයවන්න යටින් වැඩ කරනවා.
මේ වගේ සිවිල් ව්‍යාපාරයන් එක්ක විකල්ප දේශපාලනයන් ගොඩ නගන්න අපහසුයි. ලංකාවේ එහෙම දියුණු සිවිල් ව්‍යාපාර නැහැ. ඒත් දැනට ඉන්න අවංක කිහිප දෙනා මේකෙන් අපහාසයට ලක්කරන්න අවශ්‍ය නැහැ. ඔවුන්ගේ පුළුල් සීමාවන් පටු දේශපාලන වාසි වලට සිමාවෙන්න ඉඩ නොදී ඒ ඉන්න කිහිප දෙනා ආරක්ෂා කරගෙන සාර්ථක සිවිල් සංවිධාන ව්‍යාපාරයක් ක් ගොඩ නැගිය හැකියි. ඒ අවස්තාව උදා වෙන්නේ මැතිවරණ වර් ෂ දෙකෙන් පස්සේ. මොකද මේ මුදල් හා වරප්‍රසාද මත යැපෙන බොහෝ පුද්ගලයෝ පක්ෂ වල පිල්ලි නිසාම. කොහොම නමුත් ලංකාවේ විකල්ප දේශපාලන ධාරාවක් ගොඩ නගන්න අවශ්‍ය පරිදි සිව්ල් ක්‍රියා කාරීන් හා සංවිධාන අවංක නැහැ කියන සත්‍යය අප පිළිගත යුතුයි. 2019 නාගනන්ද තියරියෙන් තමයි හැමෝම ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ලංකාවේ සිවිල් සංවිධාන හරහා විකල්ප දේශපාලන සිහිනයක් දැකීම මෙතැන් සිට නවත්වා ගන්නා ලෙස ඉල්ලා සිටීමට වේදනාත්මක හදවතකින් වුව මට සිදුවේ.
පක්ෂ දේශපාලනය
මා මේ කතා කරන්නේ පළමුව ලංකාවේ බිඳී විසිරි යන මහා පක්ෂ දේශපාලනය ගැන නොවේ.ලියාපදිංචි දේශපාලන පක්ෂ 86 න් තිහක් පමණ ගැනය. හිටපු මැතිවරණ කොමසාරිස් තුමා ද හමුවීමට මට හැකි වීම සතුටකි.අනාවරණයකි. එතුමා හදවතින්ම අවංකව දුක් වූ එක කරුණක් තිබේ. ඒ පරපුරක බලය නමැති පක්ෂය ලියාපදිංචි කර දීමට නොහැකි වීම ගැනය. ඒ එම පක්ෂය මේ වන විට කරන වැඩ කොටස අධ්‍යනය කිරීමෙන් විය යුතුය. ඒ අතර 2022 ලියාපදිංචි වූ පක්ෂ කිහිපයක්ම බැසිල් විසින් මැදිහත්ව ලියාපදිංචි කල පක්ෂයන්ය. උවිඳු විජේවිර ගේ දෙවන පරපුර පක්ෂයද එවැනි බැසිල්වාදී පක්ෂයක් බව මාගේ සමීක්ෂණයේදී හෙළි විය. තහවුරු විය.
උවිඳුලාට ලේ වලින් උරුම පක්ෂය ජවිපය ය. කාල් මාක්ස්ටද තම න් ගොඩ නැගු මතවාදයේ අයිතිය තමන් සතු බව ප්‍රකාශ විනි. ඔහුගෙන් පසු උරුමකරුවන්ට ඒ මතවාදයේ සියලු හිමිකම් පැවරුණි. මහින්ද රාජපක්ෂ විසින් විමල් විරවංශ හා බැසිල් ලවා විජේවීර පවුල නොමග යවා අසරණ කර තම හිතවාදී කොටසකට ජවිපය හිමිකර දී උවිඳු ලාගේ උරුමය අහිමි කර දී තිබේ. නීතිමය වශයෙන් මගේ අධ්‍යනය අනුව විජේවීරගේ මරණයෙන් වසර 50 ක් ගත වී නැති නිසා උවිඳුගේ මවට ජවිපයේ අයිතිය ඉල්ලා අධිකරණයට යා හැකිය. ජවිපයට ආදරය කරන මිනිසුන් සිටි නම්.. වියරුවෙන් සිටි විජේවීර හිංසනයට ලක් කර අවසන කායික සංසර් ගයේ යෙදී බිහිකළ දරු කැලක්( මා අසා ඇති පරිදි) සමග තම ජිවිතයේ නිදහස අහිමි කරගත් ඒ අසරණ වින්දිත ගැහැණියට විජේවීරගේ පක්ෂය ලබා දීමට උසාවි යන්නට පියවර ගන්නට තරම් මානුෂිය විය යුතුය. බැසිල් ලා උවිඳු නොමග යවා ජවිපය ලවා තම කොන්ත්‍රාත්තු කරවා ගනිමින් බලයේ සිටීම ලංකාවේ පක්ෂ දේශපාලනයේ බරපතල නීති විරෝධී වරදකි.
පක්ෂ සම්බන්ධ අනෙක් කරුණ වන්නේ ලයිකා මොබයිල් සමාගමේ අයිතිකරු අල්ලි රාජා සුබාෂ්කරන් ලංකාවේ කුඩා පක්ෂ 30 ක් අරමුණු කර මිලදී ගැනීමේ ඇණවුම් හා උපක්‍රම ඉදිරිපත් කර ඇති බවයි. බැලු බැල්මට එල් ටී ටී ඊ ය මේ පක්ෂ මිලදී ගැනීම හරහා අපගේ ලංකාවේ බලය ඇල්ලීමට සුදානමක් පවතින බව පෙනී ගියත් මේ පිටුපස ඉන්නේ රාජපක්ෂලා වීම වටහා ගැනීමට වෙනත් කරුණු අවශ්‍යය. එනම් ලයිකා සමාගමේ නාමල් සතු 50% අයිතිය ය. අල්ලි රාජා තම කොටින ගේ හා රාජපක්ෂ මුදල් වලින් විකල්ප බලවේගයන් වෙනුවෙන් මුලික විය හැකි යැයි සිතන පක්ෂ 30 කට මිලදී ගැනීම් ඇණවුම් ඉදිරිපත් කර තිබේ. එනම් අපේ මුදල් අපගේම ප්රජාතන්ත්ර වාදය වෙනුවෙන් යොදාගෙන අප සදා යටපත් කිරීමයි.
ලංකාවේ පක්ෂ දේශපාලනයේ නිරුවත එයයි. ස්වරණ වාහිනී හා තවත් පුවත් පත් ඇතුළු මාධ්‍ය හා පක්ෂ තිහක අයිතිය වෙනුවෙන්,කොටි න්ගේ අරමුදල් හා විදේශ ණය වලින් අස්ථානගත ගත කරන ලද මුදල් වල ලාබයෙන් රාජපක්ෂ කඳවුර අල්ලී රාජා සමග ලෝකයේ ව්‍යාපාර කර උපයාගත් මුදලෙන් ශ්‍රී ලංකාවේ ඉදිරි වසර 30 ක දේශපාලන අනාගතය මිලදී ගනිමින් සිටි. ජනතාව මේ කිසිවක් දන්නේ නැත.පක්ෂ හදාගෙන ආදායම් උපයා ගැනීමේ සිහිනයේ සිටින කුඩා පක්ෂ නායකයන් දැනටමත් මේ උගුලට අසුවී ඇත. අනෙක් පසින් කාලයක් තිස්සේ යු ටියුබ් වීරයන් වූ රාජපක්ෂ නියෝජිතයන් ද පක්ෂ 4 ක් පමණ මිලදීගෙන නාමික ව ප්රගතිශීලි ලෙස පෙනී සිටිති.
දැන් අපි විශාල පක්ෂ වලට එමු. ජවිපය, ජාජබය අතර පිල් බෙදී ඇති බව හෙළිවේ. සජබය ඩයනා විසින් හා ඩයනා නිසා කුඩු පට්ටම් වී ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුඩු පට්ටම් වී ඇත. එක්සත් ජාතික පක්ෂය අහංකාර පිරිමි වරුන්ගේ බල අරගලයක් බවට පත්ව ඇත. මේ සියළු පක්ෂ වල සැබෑ කම්මුතු කරන්නා කව්රුන්දැයි ජනතාව නොදනී. එහෙත් ඒ RW බව දන්නෝ දනිති. ඒ ඔහුගේ ක්‍රීඩාවයි.ඔහු මේ වෙලාවේ ක්‍රීඩා කරන්නේ ඩොමිනෝ ක්‍රීඩාවකි. ඒ ගරා වැටීම තුල ඔහුද ඇතුලත්ය. ඔහුට එය වැටහේදැයි නොදනිමි.
එහෙත් ලංකාවේ සිවිල් සංවිධාන හා පක්ෂ වල වත්මන් ස්වභාවය අධික්ෂනයේදී වැටහෙන්නේ , අපගෙන් සොරකම් කල මුදල් සිවිල් සංවිධාන වල ආයෝජනය කරමින්, හා පක්ෂ හා ප්රජාතන්ත්ර වාදයද අපගේ ණය වලින් සොරකම් කල මුදලින් ආයෝජනය කර ගනිමින් උපයා ගත් කළු සල්ලි වලින් නැවත මිලදී ගනිමින් අපගේ රට හා දරුවන්ගේ අනාගතය සොරකම් කරමින් සිටින ජඩ පරපුර නඩු තීන්දුවකින් ප්‍රකාශ කරවත් අපේ ජනතාව වටහා නොගන්නා බවය.
කෙසේ නමුත් ලංකාවේ ජනතාව දේශපාලනයේ වැදගත් සන්ධිස්ථානයකට පැමිණ සිටි.. ඒ තවත් මේ පක්ෂ හා සිවිල් සංවිධාන දේශපාලනයට රැවටී ඉදිරි වසර 30 ක දේශපාලනය රාජපක්ෂ හා අල්ලී රාජා දේශපාලනයට බිලි දෙනවාද නැතහොත් නවමු දේශපාලනයකට අවතීරණ වනවාද යන්නය.
@සුභාෂිනී විෆ්ලර්
ශ්‍රී ලංකාවේ දේශපාලන සහ ආර්ථික අපරාධ අධීක්ෂණ ගෝලීය මධ්‍යස්ථානය - ජර්මනිය