SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දහතුන් වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට පෙර පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බව

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක හම්බන්තොට  දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා ඇත.

 

දහතුන් වැනි සංශෝධනය දැනටමත් ක්‍රියාත්මක බව පැවසූ මන්ත්‍රීවරයා ඡන්දයක් කිට්ටු වනවිට දහතුන් වැනි සංශෝධනය  දේශපාලන අතකොළුවක් ලෙස යොදා ගැනීම  නතර කළ යුතු බවද ප්‍රකාශ කර ඇත.

 

උතුරේ ජනතාවගේ හැඟීම් සමග සෙල්ලම් නොකරන්නැයි ඔහු ඉල්ලා සිටියි.

 

යුද්ධය පරාජය කර උතුරේ ජනතාවට නියම නිදහස දුන්නේ සහ පළාත් සභා ඡන්ද පැවැත්වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බව උතුරට ගොස් දහතුන් වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බවට බොරු ප්‍රකාශ කරන සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායකට  මන්ත්‍රීවරයාට  පෙන්වා දෙන බව පැවසූ නාමල් රාජපක්ෂ මේ අය අඩු තරමින් උතුරේ සංවර්ධනය ගැන වත් කතා නොකළ බවද ප්‍රකාශ කරයි.

 

උතුරු වසන්තය  නැගෙනහිර නවෝදය වැනි  සංවර්ධන වැඩසටහන් ආරම්භ කළේ  මහින්ද රාජපක්ෂ රජය බවද ඔහු සිහිපත් කර ඇත.

 

සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක උතුරට ගොස් කරන මෙවැනි ජනතාව නොමඟ යවන  සුළු ප්‍රකාශ  ගැන කනගාටු වන බව හෙතෙම වැඩිදුරටත් පවසයි.

 

@සුජිත් හේවාජූලිගේ

lankadeepa

නවතම ලිපි