SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර සාම සමුළුවක්

ස්විට්සර්ලන්තයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි වාර්තා වේ.


එයට රටවල් 90 ක රාජ්‍ය නායකයන්, නියෝජිතයන් සහ ජගත් සංවිධාන රැසක් සහභාගි වීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.


එම සමුළුව සඳහා යුක්‍රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කී සහභාගී වන නමුත් රුසි‍යානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහභාගී නොවන අතර, චීනය නියෝජනය කරමින් කිසිවෙක්ද සහභාගි නොවන බව කියැවේ.


මේ අතර, රුසියානු ජනපති පුටින් සාම සැලැස්මක් සමුළුවට ඉදිරිපත් කර ඇති අතර, එම සැලැස්මට ජර්මනිය, ඉතාලිය ඇතුළු යුරෝපා රටවල් රැසක් ඔවුන්ගේ දැඩි විරෝධය පළ කළ බව ද විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන් ය.


පසුගිය දා රුසියාව විසින් තම රට තුළ ඩොලර් සහ යුරෝ මුදල් ඒකක තහනමට ලක් කර තිබූ අතර සිය වාණිජ කටයුතු සඳහා චීන යෙන් පාවිච්චි කිරීමට තීරණය කර තිබුණි.

නවතම ලිපි