යාපනය දිස්ත්රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්රී අර්චුනා රාමනාදන්
ප්රභාකරන් තම දෙවියා බව පවසමින් ඝාතනය වූ එල්.ටී.ටී.ඊ නායක වේලුප්පිල්ලෙයි ප්රභාකරන්ට උපහාර ප්රකාශ කොට ඇත.
සජීවී වීඩියෝවක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ තම පියා ශ්රී ලංකා රජයේ හිටපු පොලිස් නිලධාරියෙකු බවත් තමන් 1987 වසරේදී එල්.ටී.ටී.ඊ පොලිසියට බැඳුණු බවයි.
"මගේ තාත්තා ශ්රී ලංකා රජයේ පොලිස් නිලධාරියෙක්. ඔහු රටේ සෑම තැනකම වැඩ කළා. 1983 කෝලාහලයෙන් පසු ඔහු යාපනයට ගොස් ජාතිවාදී සැලකීම නිසා රජයට එරෙහිව එදා සිට විමුක්තියක් ආරම්භ කළේය,"
ඔහු පැවසීය.
"අපි ජාතිවාදියෝ නෙවෙයි. අපි ශ්රී ලාංකික දෙමළ. අපි මේ මාසේ යුද්ධයේදී නැති වුණ ජීවිත මතක් කරනවා. මගේ දෙයියෝ ප්රභාකරන් ප්රකාශ කළේ තමන් විරුද්ධ සිංහල ජනතාවට නෙවෙයි අපිව මරපු සිංහල ආණ්ඩුවට විතරයි කියලයි,"
ඔහු පැවසීය.