හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ට 2025 පෙබරවාරි 25 වැනි දින
අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ(26) නොතීසි නිකුත් කළේය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මෙම නියෝගය නිකුත් කළේ 2015 මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළව අල්ලස් කොමිසම විසින් පවරා ඇති බව කියන දූෂණ නඩුවකට අදාළව ය.
මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ජාත්‍යන්තර පොලිසිය හරහා වරෙන්තු නිකුත් කර තිබේ.
කෙසේ වෙතත්, ඔහු දැනට විදේශගතව අධිකරණය මගහරිමින් සිටී.