SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අමාත්‍යාංශයන්ට අයත් විෂය පථයන් ගැසට් නිවේදනයකින් පිටවූයේ අද(26) උදයේය.

මෙවර අමාත්‍යාංශ වෙන්කිරීම, පැවරීම, ආයතන විෂයයන් නම් කිරීම ඇතුළු ආයතන වෙන්කිරීම සිදුකෙරෙන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව යැයි පැවසුවේ ඡන්දය පැවති කාලයේ සිටන්මය.

 

ජනාධිපති සහෝදරයා දිගින් දිගටම ඒ බව අවධාරණය කළේය.

 

ජනපති සහෝදරයා එසේ කීවද මෙම විද්‍යාත්මක බෙදා වෙන්කිරීම් සිදු කෙරෙන්නේ සුපුරුදු නිළධාරී තන්ත්‍රය විසින්මය.

 

ඒ නිසා ඔවුන් බොහොමයක් රාජ්‍ය ආයතනවල ස්වභාවයන්, එහි අරමුණු තබා සමහරෙකු නමක්වත්  අසා නැත.

 

මේ ඊට කදිම උදාහරණයකි.

 

රාජ්‍ය ආයතනයන්හි දැන්වීම් ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ක්‍රියාත්මක සැලසිනේ ආයතනය  මෙතෙක් කලක් පැවතියේ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ය.

 

එහි මුල්ම අමාත්‍යාංශය වූයේ ගාමිණී දිසානායක සතුව පැවති සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයයි.

 

වර්තමාන රජයේ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී වැඩි බරක් යෙදවිය හැකි ආයතනයක් වූ සැලසිනේ ආයතනය ආගමික සහ සංස්කෘතික  කටයුතු අමාත්‍යාංශය යටතට පැවරුනේ කිනම් විද්‍යාත්මක මග පෙන්වීමක් අනුව ද?

 

මෙම විද්‍යාත්මක ආයතන විෂය පථයන් බෙදීමේ දී  “සිනෙ” යනුවෙන් සඳහන් වීම නිසා සැලසිනේ ප්‍රචාරක ආයතනය සංස්කෘතික විෂයක් ලෙස ගෙන ඇතැයිද රාජ්‍ය ආයතනයක් ලෙස 1982 සිට වසර 30කට අධික කාලයක්  පැවතියද එකී ආයතනය ගැන විද්‍යාත්මක නිළධාරීන්  නොදන්නා බවට ද  මාධ්‍යයේ උසුළු විසුළුවලට ලක්ව ඇත.

 

සැලසිනේ යනු ප්‍රචාරණ ආයතනයක් බවත් දැන්වීම් සහ වැඩසටහන්  නිර්මාණකරණය කරන්නක් බවත් එය ආගමික ස්ථානයක් හෝ සංස්කෘතික ආයතනයක් නොවන බවත් වැඩිදුරටත් විද්‍යාත්මක නිළධාරීන් අවබෝධ කරගනිත්වා.

 

#Gossip