SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික ජනතා බලවේගය (NPP) ආණ්ඩුව විසින් පාලනය කරනු ලබන සභාවලට

අරමුදල් පහසුවෙන් වෙන් කරනු ලබන බවත්, අනෙක් ඒවාට නොදෙන බවත් ප්‍රකාශ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ඡන්දදායකයින්ට නැවත නැවතත් අල්ලස් ලබා දීමට තෝරාගෙන තිබීම අතිශයින් කණගාටුදායක බව ඉලංකෙයි තමිල් අරචු කච්චි (ITAK) මහලේකම් එම්.ඒ. සුමන්තිරන් පවසයි. 

 

 

මෙය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව ඔහු X හි සටහනක් තබමින් කියා තිබේ.

 

ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂකයින්ට ඡන්දදායකයින්ගේ සහයෝගය ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයා සිය මැතිවරණ රැළිවලදී කළ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පවසයි.

 

 

මේ අතර එකී ප්‍රකාශය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම එළැඹෙන 21 සඳුදා රැස්වීමට නියමිත බව කොමිසමේ ආරංචිමාර්ග පවසයි.

 

 

කෙසේ වුවද සමාජ මාධ්‍ය තුළ කියැවෙන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති) විසින් ලිපියක් සකස්කර තිබූ බවත් කොමිසමේ සභාපතිවරයා සහ කොමසාරිස් ජෙනරාල්වරයා ඊට අත්සන් තැබීම සිදුකර නැති බවත් ය.

නවතම ලිපි