ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ගේ ඝාතනය සම්බන්ධයෙන්
තමන් සම්බන්ධ බවට ඉන්ද්‍රනන්ද සිල්වා විසින් සිදු කරන ප්‍රකාශයන් සදහා අධිකරණයේ පිහිටු පැතු බව විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය පවසයි.
විවිධ මාධ්‍යයන් ඔස්සේ මෙම චෝදනා එල්ල කරන නිසා තමන්ටත් තම දරු පවුලටත් එල්ල වන දැඩි තර්ජන හේතුවෙන් මෙම පියවර ගත් බවත් ඔහු සඳහන් කරයි.
අදාල ඉල්ලීම සලකා බලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් විශ්‍රාමික මේජර් ජෙනරාල් අශෝක තෝරදෙනිය සම්බන්ධව මහජනතාව නොමඟ යවන සුළු අසත්‍ය සහ ද්වේෂ සහගත ප්‍රකාශ විද්‍යුත් මුද්‍රිත හා සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය පළ කිරීම වළක්වාලමින් කොන්දේසි සහිත වාරණ නියෝගයක් නිකුත් කර ඇත.
මෙහිදී මෙම කොන්දේසි සහිත වාරණ නියෝගය නිකුත් කලේ ඉන්ද්‍රානන්ද සිල්වා නැමැත්තාට එරෙහිව ලබන අප්‍රේල් 30 වැනි දා දක්වා බල පැවැත්වෙන පරිදිය.
මෙම නියෝගයට පාදක වූ ඉන්ද්‍රානන්ද සිල්වා විජේවීර ඝාතනය වෙනුවෙන් කරන ලද හෙළිදරව්ව පහත පරිදි ය.
“රෝහණ සහෝදරයාගේ ඝාතකයන් ගැන මම පළමු වරට මැගසින් සිරගෙදර සිට නීතිපති වරයාට නීතිඥයන් මාර්ගයෙන් දිව්රුම් පෙත්සමක් ඉදිරිපත් කළේ 1996 නොවැම්බර් මස 26 වන දිනය..එම දිව්රුම් පෙත්සම එකළ ඉරිදා ලංකාදීප පත්‍රයේ කොටස් වශයෙන් පළවිය..ජවිපෙ සීනුව පුවත්පතේ අකුරක් හෝ අඩු නැතුව සම්පුර්ණයෙන් පළවිය.. දිවයින පුවත්පත, සහ එකළ පළවු ඉංග්‍රීසි තම්ල් සියලු පුවතිපත්වල ද එය පළවිය.කැලෑ උසාවියක් බඳු යුද්ධාධිකරණය මා ලබා දුන් වසර 15 ක සිර දඬුවමින් මා නිදොස් කොට නිදහස් කරනු ලැබූ් 1997 දෙසැම්බර් 27 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් ඓතිහාසික නඩු තීන්දුවක් නිසාය..යුද්ධාධිකරණය මා හට දඩුවම් ලබා දී ඇත්තේ කැලෑ උසාවියක් ලෙස කටයුතු කරමින් බව එම නඩු තීන්දුවේම සඳහන් විය..
ලේ වැකි ම්ලේච්ඡ ඉතිහාසයක ඇසින් දුටු සාක්ෂි මා මුළු මහත් සමාජය නැමැති ජනතා අධිකරණය හමුවේ තැබුවේ එදා සිටය..ඒ අතීතය යනු දශක තුනක ඉතිහාසයයි..
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ , මෛත්‍රිපාල සිරිසේන , ගෝඨාභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ යන පාලන යුග පහක් පුරා විද්‍යුත් මාධ්‍යයන් හරහාත්, සමාජ මාධ්‍යයන් හරහාත් , පුවත්පත් හරහාත් අළුගෝසු ඝාතකයන්ගේ කෙලි මඩල ගිනි තැබීමට පියවර ගත්තෙමි....නීතියට පිටින් යමින් අත්අඩංගුවට ගත්තවුන් කිසිදු වග විභාගයකින් තොරව මරා දැමීමට හවුල් වූවන් කොන්දේසි විරහිතව හෙළිදරව් කළෙමි..පුරවැසියෙකු ලෙස සමාජ යුතුකමක බර දෙවුර මතට ගැනීමට දෙවරක් නොසිතා කටයුතු කළෙමි..
හිටපු මේජර් ජෙනරාල් අශෝක තෝරදෙනිය මහතා විසින් මා හට විරුද්ධව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගෙන ඇති බව ඊයේ රූපවාහිනී ප්රවෘත්ති විකාශයකදී මා හට දැනගත හැකිිවිය..අදාළ නියෝගය මා හට මෙතෙක් ලැබී නැතත් අධිකරණ නියෝගයට අනුව මා හට අශෝක තෝරදෙනිය පිළිබඳව අප්‍රේල් 30 වන දින වනතුරු කිසිවක් ප්‍රකාශ කිරීමට නොහැකි බව දැන ගතිමි..
එබැවින් රෝහණ විජේවීර සහෝදරයාගේ ඝාතකයන් පිළිබඳව අප්‍රේල් 30 වන දින වනතුරු මා කිසිවක් නොලියන බවත්, රූපවාහිනී හෝ සමාජ මාධ්‍යයන්ට ප්‍රකාශ නොකරන බවත් මෙයින් විවෘතව දැනුම් දී සිටින අතර, එකී ඝාතනයන් ගැන අප්‍රේල් 30 වන දින වනතුරු මගෙන් කිසිවක් නොවිමසන ලෙසත් සහෝදරත්වයෙන් යුතුව ඉල්ලා සිටිමි...
දශක තුනක් තිස්සේ ජනතාධිකරණය හමුවේ තැබූ සියල්ල ...... පිළිගත් අධිකරණයක් හමුවේ තැබීමට හැකි වීම පිළිබඳව මා අතිශයින් සතුටට පත්වන බවත්, මගේ මුවට සහ මගේ දෑතට අගුල් දැමීමට මාලිමා පාලනයක් එනතුරු බලා සිටි ගහලයන් දැන් අමන්දා නන්දයට පත්ව සිටින අයුරු දැක හදෙහි උපන් කම්පනයෙන් යුතුව මෙම සටහන ලියා තබන බවත් සටහන් කර තබමි..."
ප.ලි ( මා දන්නා තරමට මෙම දිනවල උසාවි කටයුතු අත් හිටුවා ඇති අතර වැකේෂන් සමයෙන් පසු නැවත උසාවි කටයුතු ඇරඹෙන්නේ අප්‍රේල් 22 වැනිදාය...)
Indrananda De Silva විසිනි.